03/09/2024
කැනඩාවේ සිද්ධිය ආරංචිද 😢
කැනඩාවේදී ශ්‍රි ලාංකික පවුලක් ඝාතනය කරයි.
කැනඩාවේදී දරුවන් 4ක් ඇතුළු ලාංකිකයින් 6ක් ඝාතනය කෙරේ..ඝාතකයා 19 හැවිරිදි තරුණයෙක් බවට තොරතුරු.
කැනඩාවේ ඔටාවා නගරයේ නිවසක් තුල තිබී ඝාතනය කරන ලද පුද්ගලයන් දෙදෙනෙකුගේ සහ දරුවන් හතර දෙනෙකුගේ සිරුරු සොයාගත් බව කැනේඩියානු පොලිසිය ප්‍රකාශ කරනවා. කැනඩා වේලාවෙන් බදාදා පස්වරු 10.52 ට පමණ පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද ඇමතුමක් මත පරීක්ෂණ සඳහා ගිය නිළධාරීන් විසින් මෙම සිරුරු සොයාගෙන ඇත.
මෙම සිදුවීම පිලිබඳව විස්තර කරන ඔටාවා පොලිස් ප්‍රධානියා ප්‍රකාශ කරන්නේ මෙම ඝතනය මහා පරිමාණ ඝතනයක් ලෙස සලකන බවයි. ඝාතනය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්තඩංගුවට ගෙන ඇති අතර ඔටාවා හී පිහිටි ශ්‍රි ලංකා මහකොමසාරිස් කාර්‍ය්ලය මියගිය පුද්ගලයන් සියළු දෙනාම ශ්‍රි ලාංකිකයන් බව තහවුරු කර තිබෙනවා. කොළඹ සිටින වින්දිතයන්ගේ ඥාතීන් සමඟ සම්බන්ධතා ගොඩනගා ගැනීමට උත්සාහ දරමින් සිටින බවද මහකොමසාරිස් කාර්‍ය්ලය ප්‍රකාශ කර තිබුනා.
සිදුවීම පිලිබඳව වැඩිදුර තොරතුරු ප්‍රකාශ නොකරන පොලිසිය තුවාල ලබා බරපතල තුවාල ලැබූ එක් පුද්ගලයෙකු රෝහල්ගත කර ඇති බව නිවේදනය කර තිබුනා. මෙම අපරාධය පිලිබඳව අදහස් දක්වන ඔටාව නගරයේ නගරාධිපතිවරයා සඳහන් කර තිබුනේ මෙම අපරාධය අපේ නගරයේ ඉතිහාසයේ සිදුවූ වඩාත් කම්පා සහගත ප්‍රචන්ඩ සිදුවීමක් බවයි.
අපරාධය පිලිබඳව අදහස් දක්වන කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ සිදුවීම පිලිබඳව සිය කණගාටුව ප්‍රකාශ කර ඇති අතර මෙම සිදුවීම බිහිසුණු පසහ ප්‍රචණ්ඩ සිදුවීමක් බව ප්‍රකාශ කර තිබුනා.
- Copied -