Yoomee Healthy Foods

Yoomee Healthy Foods Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Yoomee Healthy Foods, Health Food Shop, No 308/6 Rannapura Road, Horana.

01/01/2022
ශ්‍රී ලංකාව බටහිර රටවල විසින් ආක්‍රමණය කිරීමත් සමග  රටට අලුතින් එකතු වූ ප්‍රධාන ආහාරය ලෙස තිරිඟු පිටි හෙවත් පාන් පිටි හැ...
09/10/2021

ශ්‍රී ලංකාව බටහිර රටවල විසින් ආක්‍රමණය කිරීමත් සමග රටට අලුතින් එකතු වූ ප්‍රධාන ආහාරය ලෙස තිරිඟු පිටි හෙවත් පාන් පිටි හැඳින්විය හැකිය.
වර්තමානයේ පාන් පිටි වලින් සකසූ විවිධ ආහාර වර්ග පරිභෝජනය කිරීමට ශ්‍රී ලාංකික ජනතාව පුරුදුවී සිටිති. පාන් ඇතුලත්ව බේකරි නිෂ්පාදන ඉන් ප්‍රධාන තැනක් ගන්නා අතර ඊට අමතරව රොටී හැලප කේක් ආදී කෑම වර්ග පිළියෙළ කිරීමටද බොහෝවිට යොදා ගන්නේ පාන් පිටි වේ.
වර්තමානයේ අප පරිභෝජනය කරන පාන් පිටි පිළිබඳව දේශීයවත් විදේශීයවත් බොහෝ කතිකාවන් ඇතිවී තිබේ. කෙසේ වුවද පාන් පිටිවල ගුණ අගුණ සොයා බැලීම අපි ඔබට භාර කරමු.
පාන් පිටි වලින් සකස් කරන ලද කෑම වර්ග ආහාරයට ගැනීමෙන් බඩ දැවිල්ල ආදී නොයෙක් අසාත්මිකතා සහ ගැටලු ඇතිවන අවස්ථා ඔබ සැම හොඳින් දන්නා කරුණකි. මෙයට හේතුව පාන් පිටිවල ස්වභාවයෙන්ම පවතින ග්ලුටන් (Gluten) නමැති රසයනිකයයි.
මේ හේතුව නිසා වර්තමානයේ බොහෝ රටවල 'ග්ලුටන් රහිත' (Gluten free) ලේබලය යටතේ ඉතා ඉහල මිල ගණන් වලට පාන් පිටි රහිත ආහාර ද්‍රව්‍ය අලෙවි කරයි.
පාන් පිටි වලට විකල්පයක් ලෙස අප රටේද සහල් පිටි ආශ්‍රිත විවිධ ආහාර වර්ග නිෂ්පාදනය පිලිබඳ අත්හදා බැලීම් සිදු වුවද ඉන් සාර්ථක බවක් ලබා ඇත්තේ සහල් වලින් සැකසු ඉඳි ආප්ප පිටි පමණක් බව පෙනේ.
අනෙකුත් ආහාර වර්ග සෑදීමට සහල් පිටි විකල්පයක් ලෙස ජනප්‍රිය නොවීමට ප්‍රධානම හේතු ලෙස අප දකින්නේ ආහාර සකස් කිරීමේදී පාන් පිටි මෙන් පහසු නොවීමත්, අහාර වර්ග රසයෙන් අඩු වීමත්ය.
පාන් පිටි වලින් ආහාර වර්ග සැකසීමෙදී ඇති පහසුවත්, පාන් පිටිවලින් සකස් කල ආහාරවල ඇති රසය හෝ ඊට වැඩි රසයකින් සහ ගුණයකින් යුත් විකල්ප නිෂ්පාදනයක් සාධාරණ මිලකට ඔබට ලබා ගත හැකිනම්...........?
ඉතාම නුදුරු දිනක අපි ඒ අත්දැකීම විඳගැනීමේ චාරිකාවේ ආරම්භයට ඔබ සැමට ඉතා ගවුරවයෙන් අරාධනා කර සිටිමු.

ඈත අතීතයේ සිට ලෝකයේ බොහෝ ප්‍රදේශ වල වැසියෝ  විවිධ කැඳ වර්ග ආහාරයට ගැනීමට පුරුව සිටියහ.  අපේ මුතුන් මිත්තන්ද ඖෂධීය ගුණයෙන...
06/10/2021

ඈත අතීතයේ සිට ලෝකයේ බොහෝ ප්‍රදේශ වල වැසියෝ විවිධ කැඳ වර්ග ආහාරයට ගැනීමට පුරුව සිටියහ. අපේ මුතුන් මිත්තන්ද ඖෂධීය ගුණයෙන් යුත් විවිධ කොළ කැඳ වර්ග පිළියෙළ කර ආහාරයට ගත් බව නොරහසකි.
උදැසන ආහාරයට පෙර කොළ කැඳ පානය කිරීමෙන් දවසේ කටයුතු ඉතා ජව සම්පන්න ලෙස කරගෙන යාමට හැකියාව ලැබීම ඊට හේතු වන්නට ඇත.
ගොටුකොල, මුකුණුවැන්න මොනරකුඩුම්බිය හතාවාරිය ආදිය බොහෝ විට කැඳ වර්ග සකස් කර ගැනීමට භාවිත කල ඖෂධීය ගුණයෙන් යුත් කොළ වර්ග වේ.
මීට අමතරව විවිධාකාර රෝග සඳහා හීන්බෝවිටියා, පොල්පලා, සහ කොහිල වැනි ශාකමය කැඳ වර්ගද භාවිත්නයට ගැනිණි.
වර්තමාන සමාජයේ අවිවේකී ජීවන රටාවන් සමග ඔවුන්ගේ ආහාර පුරුදු සහ අගයන්ද වියැකී යමින් පවතී.
ස්වභාව ධර්මයත් සමග බද්ධ වූ ආහාර රටාවෙන් ඈත්වෙමින් කෘත්‍රිම ක්ෂණික ආහාර වෙත අපිද ක්‍රමයෙන් ගමන් කරමින් සිටිමු.
මෙවැනි ජීවන රටාවන් සමග අත්වැල් බැඳගෙන පැමිණෙන විවිධ ආකාරයේ ලෙඩ රෝග සහ සෞඛ්‍ය ගැටලු පිළිබඳව නිරන්තරයෙන් කතිකාවන් සිදු වුවද පවතින තත්වයන් යටතේ ප්‍රයෝගික විසදුම් නැති සේ පෙනෙන උභතෝකෝටික අවස්ථාවකට අප සැම පැමිණ සිටිමු.
අපගේ පැරණි අගයන් සමග අපට තරගකාරී නවීන ලෝකය සමග ඉදිරියට ය හැකිද?
අප ඒ සඳහා පිළිතුරු සෙවිය යුතුයි !!

Yoomee නිවසින් ඔබට පිදෙන වට්ටක්කා සුප් පානය සහ මාළු ඇඹුල්තියල් මිශ්‍රණය New family city ( 3/62 බගවත්ත හන්දිය, හොරණ.) වෙළ...
01/08/2021

Yoomee නිවසින් ඔබට පිදෙන වට්ටක්කා සුප් පානය සහ මාළු ඇඹුල්තියල් මිශ්‍රණය New family city ( 3/62 බගවත්ත හන්දිය, හොරණ.) වෙළඳ ආයතනයෙන් දැන් ඔබට මිලදී ගත හැක. ඉදිරියේදී තවත් නව නිෂ්පාදන රැසක් Yoomeee නිවසින් ඔබේ දෝතට පිළිගන්වනු ලබමු.

සුවපත් හෙට දිනක් උදෙසා Yoomee Healthy Foods

කඩෙන් අරන් මාළු ඇඹුල්තියල් කාපු කාලෙ ඉවරයී !!!!!!ඔබත් අදම YooMee  නිවසින් තිලිණ කරන කෘතීම රසකාරක,කල්තබා ගැනීමේ ද්‍රව්‍ය ...
18/04/2021

කඩෙන් අරන් මාළු ඇඹුල්තියල් කාපු කාලෙ ඉවරයී !!!!!!

ඔබත් අදම YooMee නිවසින් තිලිණ කරන කෘතීම රසකාරක,කල්තබා ගැනීමේ ද්‍රව්‍ය ,වර්ණක අඩංගු නැති 100% ස්වභාවිකවම දේශීය කුළුබඩු වලින් පිළියෙළ කල මාළු ඇඹුල්තියල් මිශ්‍රණය යොදා ඔබේ දෑතින්ම මාළු ඇඹුල්තියල් සාදා ගන්න


WhatsApp 071 9344954

කෘතීම රසකාරක, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය,වර්ණක නොමැතිව 100% ස්වභාවිකව   පිළියෙළ කර YooMee නිවසින් ඔබ වෙත පිදෙන හදවතට ගුණ දෙන...
18/04/2021

කෘතීම රසකාරක, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය,වර්ණක නොමැතිව 100% ස්වභාවිකව පිළියෙළ කර YooMee නිවසින් ඔබ වෙත පිදෙන හදවතට ගුණ දෙන වට්ටක්ක සුප් පානය ඔබත් අදම රස විඳින්න


WhatsApp 071 9344954

Address

No 308/6 Rannapura Road
Horana
12400

Alerts

Be the first to know and let us send you an email when Yoomee Healthy Foods posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Yoomee Healthy Foods:

Share