27/12/2025
සුඩාන් මතක 03 ...... කාටූම් Khartoum වල ජීවිතය ..... 🇱🇰 🇸🇩
=====================================
කාටූම් Airport එකෙන් අපිව එක්ක ගියේ අපිට නවාතැන් ගන්ට සූදානම් කරලා තිබුන Hotel එකට. ඒ Hotel එකේ ගෙවපු පලවෙනි දවසේම අපිට මුහුණදෙන්ට වුනේ තව අලකළංචි වලට...
මුලින්ම අපේ ටොන් එකහමාරක Baggages Hotel එක ඇතුලට අදින්ට උනා. පැය ගානක ගුවන් ගමනක් සහ ටොන් එකහමාරක baggages එක්කත් ඔට්ටු වෙලා හවස 6.00 ට විතර Hotel එක ඇතුලට ගියේ යක්කු කන බඩගින්නකින්. ඒත් Reception එකෙන් අපිට දැනුම් දුන්නේ අපිට ලැබෙන්නේ පහුවදා Breakfast එක විතරක් බවයි .....
සුඩානයේ ප්රධාන ආගම ඉස්ලාම් නිසා ඒ වෙනකොට උපවාස කාලය ආරම්භ වෙලා තිබුනා. ඒ නිසා දවල් වරුවේ සියලුම Restaurant වහලා තිබුනේ. ඒ රටේ නීතිය අනුව උපවාස කාලය තුල එලිමහනේ වතුර බීම පවා තහනම්.
අපේ Baggages වල හාල්, නූඩ්ල්ස්, තුනපහ, එලවලු තෙල් වගේ හැමදේම තිබුනත් ඒවා සූදානම් කරගන්ට කිසිම පහසුකමක් නෑ. අන්තිමට අපි කීපදෙනෙක් කෑම ගන්ට පුලුවන් තැනක් හොයාගෙන අවට වීදි වල ඇවිද්දා. ඒත් අවසානයට අපට හොයාගන්ට ලැබුනේ පාර අයිනේ බිම විකුණන්ට තිබුන Burger bun වගේ bread වර්ගයක් විතරයි . වෙන කරන්ට දෙයක් නැති නිසා එයින් කීපයක් අරන් බෑග් එකක තිබුන අච්චාරුවක් හෝ උම්බලකඩ සම්බෝලයක් වගේ දෙයක් එක්ක අමාරුවෙන් හරි ඒවා Dinner එක විදිහට ගත්තා.
පහුවදාම අපි වෙන Hotel එකක් හොයාගත්තා. ඒකෙ Breakfast එකට Bread slices කීපයක්, Boiled egg එකක්, චීස් සහ ජෑම් තිබුන නිසා අපි ඉතාම කැමැත්තෙන් ඒව භුක්ති වින්දා. ඒත් පහුවදා, ඊටත් පහුවදා, ඊලඟ දවසේ, ඊලඟ දවසේ....... අපි ඒ Hotel එකේ හිටිය සති කීපයේම හැමදාම උදේට Breakfast එක විදිහට ලැබුනේ ඒ එකම menu එක විතරමයි... අන්තිම වෙනකොට breakfast එක මතක් වෙනකොටම බඩ දඟලන්ට පටන් ගන්නවා...
ඔන්න ඔය විදිහට අපේ සුඩාන් ජීවිතය ආරම්භ උනා. ඊළගට අපිට යෙදිලා තිබුනේ UN Mission සම්බන්ධවද Induction Training එකකට සහභාගි වීමට. ඒ පුහුණුව සති 03 ක විතර කාලයක් Khartoum වල UN Mission Headquarters එකේදි පැවැත් වුනා...
ඒ ගැන ඊලඟ සටහනෙන්.....!
- නිලුපුල් චන්දන -
Saliya De Silva, Padmasiri Munasinghe, Nishantha Gunathilaka, Ru Fonseka