CeyStyle

CeyStyle Your store for health & beauty essentials. Health. Beauty. Lifestyle. Everything you need to shine✨

🙏
10/02/2026

🙏

බුදුරජාණන් වහන්සේගේ වෛද්‍යවරයා වෙන්න කල්ප ලක්ෂයක් පෙරුම් පිරූ ජීවක 🌺🙏

මේ වෛද්‍යවරයා ට පිං සිද්ද වෙන්න තමයි අද අපි ස්වාමින් වහන්සේලාට සිවුරු පූජා කරලා පිං රැස්කර ගන්නෙත්..
බුදුරජාණන් වහන්සේට සිවුරු පිනිස පලමු වස්ත්‍ර පූජා කරගන්න පින තිබ්බෙත් මෙයාටයි..

දෙව්දත් වෛරයෙන් බුදුවරජාණන් වහන්සේගේ ලේ සොලවන්න සසරේ එද්දි..
එක් ජීවකයෙක්, ඒ සෙලවෙන ලේ ටික නවත්තන්න කල්ප ලක්ෂයක් පුරා මාගේ බුදුරජාණන් වහන්සේ සොයා එනවා..
අහෝ! සම්බුදුවරයෙකුගේ ආනුභාවය නම්...!

මීට කල්ප ලක්ෂකට පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ, එක්තරා වෛද්‍යවරයෙක් බුද්ධප්‍රමුඛ මහා සංඝයාට උපස්ථාන කලා...
මේක දැකපු එක තරුණයෙක් ආසකලා මතු උපදින බුදුවරයෙක් ට වෙදකං කරන්න...
තමන්ගේ පැතුම හිතේ තියාගෙන ඔහු හත්දවසක් බුද්ධප්‍රමුඛ මහා සංඝරත්නයට දන් දුන්නා..

පදුමුත්තර බුද්ධ කාලය අවසන් වෙලා කල්ප ලක්ෂයකට පස්සේ සුන්දර වූ මේ කල්පයේ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහල වුනා..

ලිච්චවීන්ගේ විශාලා මහනුවර හිටපු සුප්‍රසිද්ධම නගර සෝභනිය වුනේ "අම්බපාලියයි"...
ඒ වගේම බිම්බිසාර රජතුමාගේ රජගහනුවරත් හිටියා සුරූපි නගර සෝභනියක්.. ඇය තමයි "සාලවතී"..

බිම්බිසාර රජතුමාට පුතෙක් හිටියා..
එයාගේ නම "අභය රාජ කුමාර"..
මේ කුමාරයා නිසා "සාලවතිය" ගැබ් ගත්තා..
නගර සෝභනියක්ට දරුවෙන් ලැබෙන්න ඉන්න බව දැනගත්‍තොත් තමන් ලඟට පිරිමි එන්නේ නැති වෙයි කියලා, ඇය කිව්වා ඇයට අසනීපයි කියලා...
ඔය විදියට මාස 10ක් ඇය මඟ හැර සිටියා..
දස මසකින් ඇයට පුතෙක් ලැබුනා..

එකල සිරිතක් තිබුනා, ගණිකාවකට දුවක් ලැබුනොත් ඒ දරුවා ගණිකා මඩමේ තියාගෙන රැකබලා ගන්නවා...ලොකු උනාට පස්සේ ගණිකාවක් කරනවා..
හැබැයි පුතෙක් ලැබුනොත් ඔහුව කසල ගොඩකට විසි කරනවා..

"සාලවතී" ද තමන්ට ලැබුනු පිරිමි දරුවා කසල ගොඩකට විසි කරන්න කියලා සේවිකාවකට කිව්වා.. සේවිකාවත් පුංචි දරුවව රෙදිකඩක ඔතාගෙන ගිහිල්ලා කසල ගොඩක තියලා ආවා..

එදා.., අභය රාජ කුමාරයා ක්‍රීඩා කිරීම පිනිස නගරයට යමින් හිටියා..ඔහු දැක්කා කසල ගොඩක් ලඟ කපුටන් කැරකෙමින් ඉන්නවා..

අර කසල ගොඩේ ඉන්න පුංචි කොලු පැටියා කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා එන කෙනෙක්..
ඉතින් සසරේ පිං ඇති නිසා කපුටන්ට ඒ කොලුපැටියට සීරීමක්වත් කරන්න බැරි වුනා..

අභය රාජ කුමාරයා සේවකයෙක්ට කිව්වා,..
""කසල ගොඩේ මොකක් හරි තියෙනවා ගොහින් බලන්න කියලා..""
සේවකයා බලද්දි දැක්කා ලස්සන කොලු පැටියෙක් ඉන්නවා..
අභය රාජ කුමාරයා ඇහුවා
"ජිවිත් ද? අජීවත් ද? (මැරිලද,නැද්ද) කියලා...
සේවකයා කිව්වා "ජීවත්" කියලා..

ඒ කොලු පැටියගේ පුණ්‍ය මහිමය නිසාමත්, තමන්ගේම දරුවා වූ නිසාත්, අභය රාජ කුමාරයට ඒ කසලගොඩේ දරුවා ගැන සෙනෙහසක් උපන්නා...
ඔහු ඒ දරුවා හදා ගන්න හිතා ගෙන රජ මලාගාවට අරන් ගියා..

කසල ගොඩේ හිටියත් නොමැරී "ජීවත්"වූ නිසා ඒ පුංචි කොලු පැටියට "ජීවක" ලෙස නම් තැබුවා.. අභය රාජ කුමාරයා හදා ගත්ත නිසා
"කොමාර භච්ච" ලෙසද නම් වුනා..

ගෞතම බුද්ධ සාසනේ වෛද්‍යවරයා වෙන්න වාසනාව ලැබූ, කල්පලක්ෂයක් පෙරුං පුරාගෙන බුදුරජාණන් වහන්සේට බෙහෙත් කරන්න ආපු "ජීවක" වෛද්‍යවරයා වුනේ මේ කසල ගොඩේ හිටපු කොලු පැටියා.. බලන්නකෝ සසරේ හැටි...

පුංචි "ජීවක" ටිකක් ලොකු වෙනකොට, ගමේ හිටපු කොල්ලෝ ටික ."අම්මා නැති එකා" කියලා විහුලු කරන්න පටන් ගත්තා..
හිත රිදුන පුංචි ජීවක, අභය රාජ කුමාරයාගෙන් ඇහුවා "ඇයි මට අම්මෙක් නැත්තේ" කියලා??? කුමාරයා ජීවකට ඇත්ත විස්තරේ කිව්වා..

තමන් කසල ගොඩකින් අහුල ගත් බව අහපු ජීවකට හිතුනා..

" මට අම්මෙකුත් නෑ, ඥාතියෙකුත් නෑ..
මට අනාගතේ ලැබෙන විශේෂ සැපකුත් නෑ..
ඒ නිසා මං මොකක් හරි ශිල්පයක් හදාරන්න ඔනී...ඒත් මං මොකක් ද හදාරන ශිල්පය??

මං වෙදෙක් උනොත් නං හැමෝම මට ගරු කරාවී.. "වෙදෙක්" යන නම ඇසූනත් සියල්ලෝ මව්පියන් හා සම කොට ගරු කරයි..
වෙදකම නිසා මට මෙලොව වගේම පරලොවත් සැප ලැබෙයි..
ඒ නිසා මම වෙදකම ඉගෙන ගන්න ඔනී...

සසරේ බුදු කෙනෙකුට වෙදකම් කරන්න පතාගෙන ආපු පිං බලේට ජිවකට හිතුනා "වෙදකම" ඉගෙන ගන්න...
එහෙම හිතලා තක්සලා නුවරට ගිහින් දිසාපාමොක් ඇදුරුතුමා හමුවෙලා ආපු විස්තරේ කිව්වා.. පිං බලේ නිසා,ඇදුරුතුමාටත් ජීවක දැක්ක ගමන් ඔහුට වෙදකම වෙදකම උගන්නවන්න සිත් පහල වුනා..

ඇදුරුතුමා ජීවකට ශිල්පය උගන්න හදනකොටම, "සක්දෙවිඳුගේ" පඬුපුල් ආසනේ උණු වුනා..
සක්දෙවිඳු බැලුවා, මොකද අද මේ ආසනේ උණු වෙන්නේ කියලා...

සක්දෙවිඳු දැක්කා, කල්ප ලක්ෂයක් පෙරුං පුරාගෙන මගේ බුදුරාජාණන් වහන්සේට වෙදකං කරන්න මාහා පුන්‍යවන්තයෙක් ශිල්ප ඉගෙන ගන්න සූදානම් වෙනවා...
සක්දෙවිඳු ඒ මොහෝතේම ඇඳුරුතුමාට ආවේශ වුනා..

දැන් ජීව්කට ශිල්ප දෙන්නේ "සක්දෙවිඳුයි"...
ඕනිම රෝගයක් එකම එක බෙහෙතකින් සුව කරන්න පුලුවන් වෙන්න සක්දෙවිඳු ජීව්කට ශිල්ප දුන්නා...
සාමාන්‍ය මනුස්සයෙක් අවුරුද්දු 16කින් ඉගෙන ගන්න ශිල්පය ජීවකට වසර 07කින් ලාබා දුන්නා..

අවුරුදු 07 අවසානයේ ජීවකට හිතුනා දැන් ශිල්ප ඉගෙනගෙන ඇති කියලා..ඔහු ගිහින් ඇදුරුතුමාට කිව්වා.. "ස්වාමීනී මේ ශිල්ප ඉගෙනීමේ අවසානය වන්නේ කවදාද???

ඇදුරුතුමා හිතුවා ජීවකගේ ශිල්ප පරික්ෂා කරලා බලන්න..ජීවකට කිව්වා...

"""පුත ජීවක..නුඹ එහෙනං ගොහින් මේ නගරයේ දින හතරක් ඇවිදලා, ඖධයකට ගන්න බැරි මුල්,පොතු,ගෙඩි ආදී ඕනෑම දෙයක් අරන් එව..""

ජීවක පිටත් වුනා..දින හතරකට පස්සේ ඇඳුරුතුමා මුණ ගැහෙන්න ආවා..

""ආ..ජීවක නුඹ ඖධෂයකට ගන්න බැරි දෙයක් රැගෙන ආවාද??

"""ඇඳුරු තුමනි, දින හතරක් මේ නගරය පුරා ඇවිදලත්, මට එසේ ඖෂධයකට ගන්න බැරි කිසිවක් සොයා ගැනීමට නොහැකි වුනා..""

වසර 07ක් පුරා ඇඳුරුතුමාට ආවේශ වෙලා දැනුම දුන්න සක් දෙවිඳු ඒ මොහොතේ ඇදුරුතුමාගේ ශරීරයෙන් ඉවත් වුනා...
එතකොටම ඇඳුරුතුමාටත් තේරුණා ජීවක තමන්ගෙන් ශිල්ප ගත්ත කෙනෙක් නෙවෙයි කියලා.. දේවානුභාවයෙන් ඉගෙන ගත්ත කෙනෙක් කියලා..

""පුත ජීවක.අදින් ඔබට මා ශිල්ප උගන්වා අවසන්...

මෙහෙම කියලා ඇඳුරු තුමා ජීවකට පුංචි මුදලකුත් දීලා ඔහුව පිටත් කලා..
ජීවකත් ගුරුතුමාට වන්දනා කරලා පිටත් වුනා.. මෙහෙම යන ගමනේ අතරමගදි අර දුන්න සල්ලි ටික ඉවර වුනා.. ඒ නිසා ජීවක හිතුවා..
""මං මගේ ශිල්පයෙන් යම් මුදලක් සොයා ගත යුතුයි" කියලා..

1️⃣ ජීවකගේ පලමු වෙදකම 🌺

ඒ අනුව ඔහු "සාකේත" නුවරට ආවා..
ජීවක නගරේ මිනිස්සුන්ගෙන් ඇහුවා, කාට හරි වෙදකං කරන්න අවශ්‍යතාවයක් තියෙනවද කියලා..??

ඒ නගරයේ මිනිස්සු කිව්වා..
""අපේ නගරයේ සිටුවරයාගේ බිරිඳ දැන් අවුරුදු 07ක ඉදන් හිසේ කැක්කුමකින් පෙලෙනවා..
ඔබ ගිහින් ඇයට වෙදකම් කරලා බලන්න"" කියලා..

ජීවකත් සිටුගෙදරට ගියා..ගේට්ටුවේ හිටපු සේවකයට කිව්වා තමන් වෛද්‍යවරයෙක් බවත්,සිටු දේවියගේ හිසේ කැක්කුමට වෙදකම් කරන්න හැකි බවත්..

සේවකයා ගිහින් සිටුදියණියට කිව්වා පොඩි කොල්ලෙක් ඇවිත් ඉන්නවා බෙහෙත් කරන්න කියලා..

""මගේ මේ ඔලුවේ කැක්කුමට බෙහෙත් කරන්න මේ රටේ ඉහළම වෙද්දු ආවා...ඒ කාටවත් මේකට බෙහතක් දෙන්න බැරි වුනා...මේ පොඩි කොල්ලා කොහොමද මේක හොද කරන්නේ...?
ඒකට කන්න මොනා හරි ඔනී නං, කන්න ටිකක් දීලා යවපං""" කිව්වා..

සේවකයා ජීවකට විස්තරේ කිව්වා..ජීවක ආයෙත් සේවකයට කිව්වා..

""මම එකම බෙහෙතකින් සිටුවරියගේ ලෙඩේ හොද කරනවා..ලෙඩේ හොද උනොත් විතරක් මගේ ගාස්තුව දෙන්න කියන්න..එහෙම නැත්තං සතයක්වත් එපා මට.."""

සේවකයා ආපහු ගිහින් විස්තරේ කිව්වා...සිටුවරියත් කැමති වුනා..
සසරේ කල පුණ්‍ය මහිමයෙනුත්, දේවානු භාවයෙනුත්, "ජීවක" එකම එක ඖෂධයකින් වසර 07 ක් පැවති ඇයගේ රෝගය සැනෙකින් සුවපත් කලා..

සිටුවරිය බොහෝ සතුටට පත් වුනා...
ඇය ජීවකට කහවනු 4000ක් දුන්නා...
ඇයගේ සැමියා තව කහවනු 4000ක් දුන්නා..
ඇයගේ පුත්‍රයා තව 4000ක් දුන්නා..
ඇයගේ යෙහිළියක් තව 4000ක් දුන්නා...
ඔක්කොම කහවනු 16000 ක් ද ,කරත්තයක් ද, දාසයෙක් සහ දාසියක් ද දුන්නා..

පලමු වෙදකමින් ම මහා ධනයක් ඉපැයූ ජීවක රජගහනුවර බලා පිටත් වුනා.. රජගහ නුවරට ඇවිත් තමන් හදා ගත් පියා වූ අභය රාජ කුමාරයා මුණ ගැහුණා..

"""පියාණෙනි,මා කසල ගොඩෙන් ගෙන මෙතුවක් කල් හදා වඩා ගත්තාට මේ සියලු ධනය නුබ වහන්සේ පිළිගන්නා සේක්වා!"""

""කම් නැත පුත ජීවක., ඔය ධනය නුඹම තබා ගනු..ඔය මුදලින් මාගේ මාලිගාව අසලින්ම නුඹ මාළීගාවක් තනා ගනුව..""
ඉතින් ජීවක ලස්සන මාළිගාවක් හදා ගෙන එහි ජීවත් වුනා..

2️⃣ ජීවකගේ දෙවන වෙදකම..🌺

ඔය අතරේ අභය රාජ කුමාරයාගේ පියා වෙච්ච "බිම්බිසාර" රජතුමාට "භගන්දරා" කියන රෝගය හැදුනා..

මේ නිසා නිතරම බිම්බිසාර රජතුමාගේ ඇඳුමේ පිටිපස්සේ ලේ තැවරෙනවා..
ඕක දකින රජතුමාගේ අන්තපුර කාන්තාවෝ රජතුමාට විහුලු කරන්න පටන් ගත්තා..

"" අනේ..අනේ..අපේ රජතුමා ඔසප් වෙලා...
අපිට ඉක්මනින්ම දරු සුරතල් බලා ගන්න පුලුවන්..දුවෙක් ලැබුනොත් දඹදිව මොන රජාටද අපි විවාහ කරලා දෙන්නේ..?? පුතෙක් ලැබුනොත් නං රජ කම දෙන්න පුලුවන්.."" 🙂

ඔය විදියට විහුලු කරන නිසා, රජතුමා දඹදිව සියලු වෙද්දු ගෙනල්ලා බෙහත් කලා..කාටවත් බැරු වුනා ලෙඩේ හොද කරන්න..
අභය රාජ කුමාරයා දවසක් බිම්බිසාර රජතුමාට කිව්වා...

"රජතුමනි මගේ පුතෙක් ඉන්නවා ජීවක කියලා..,ඔහු ඉතා දක්ෂ වෙදෙක්..අපි ඔහුට මේ ලෙඩේ පෙන්නලා බලමු..""

රජ්තුමාත් කැමති වුනා..ජීවකට එන්න කිව්වා..ජීවක තමන්ගේ නියපොත්තේ බෙහෙතක් රඳවාගෙන රජමාලිගාවට ආවා..
බිම්බිසාර රජතුමාව පරික්ෂා කරලා බැලුවා..
අර හදාගෙන ආපු බෙහෙත ගෑවා..ගාපු ක්ෂණයකින් රජතුමාගේ රෝගය සුවවුනා.. බිම්බිසාර රජතුමාට හරි සතුටුයි..

සතුට නිසාම, රජතුමාගේ 500 වූ බිසෝවරුන්ගේ සියලු ආභරණ ගලවන්න කිව්වා..ඒ ටික එකතු කරලා පොදියක් හදලා ඒ ටික ජීවකට ගන්න කිව්වා..

බිම්බි සාර රජතුමා හිතුවා, ජීවක මේ පොදිය ගත්තෝත්, මං ඔහුට ගැලපෙන තනතුරක් දෙනවා...
ගත්තේ නැත්තං ඔහු මගේ විස්වාසවන්තම වෛද්‍යවරයා කර ගන්නවා..කියලා..

රජතුමාගේ මේ සිතුවිල්ල තමයි, ජීවක බුදුරජාණන් වහන්සේගේ වෛද්‍යවරයා වෙන ඉරණම තීරණය වෙන්නේ...

කල්පයක් පෙරුං පිරූ ආනුභාවයෙන් ජීවකට හිතුනේ නෑ අර ආභරණ ටික ගන්න..ඔහු ඒක ප්‍රතික්ෂේප කලා..

"""රජතුමනි මට මේ ආභරණ වලින් කම් නැත..මේ ආභරණ යළි බිසොවරුන්ට දෙනු මැන.. ඔබ වහන්සේ මා කල සේවය පමණක් සිහියේ තබා ගන්න..."""

""හොදයි පුත්‍රය..එසේ නම නුඹ අද පටන් මටත්, බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝරත්නයටත් උපස්ථාන කරව...""

ජීවක ඒ වචනය සතුටින් පිලිගත්තා.. රජතුමා ජීවකට මාළිගාවක් ද, අඹ වනයක් ද, මසකට කහවනු ලක්ෂයක් ද ලැබෙන ගමක් ද ලබා දුන්නා..
එතැන් පටන් ඔහු ආර්‍ය මහා සංඝරත්නයට වෙදකම් කරන්න පටන් ගත්තා..

සසරේ කල පුන්‍ය මහිමයෙන් "ජීවක" කිසිවක් නොයිල්ලාම, සියලු සැප සම්පත් ඔහුට ලැබෙනවා..
ඔය විදියට අපගේ ජීවකයානන් බොහෝ රජවරුන්ට සිටුවරුන්ට වෙදකම් කලා..

එක බෙහෙතකින් සියලු රෝග නිවාරණය වුනා.. ජීවකගේ විශ්මිත හැකියාව ගැන දඹදිව්තලය පුරා පැතිර ගියා.. හැඬූ කදුලින් ජීවක සොයා එන මිනිස්සු සාදූ කාර දී සතුටින් යලි පිට වුනා...මුලු රජගහ නුවරම ජීවකගෙන් බෙහෙත් ගන්න අතුරු සිදුරු නැතුව පිරී ගියා...

ඔය අතරේ ජීවක කල්ප ලක්ෂයක් සසරේ පෙරුම් පුරාගෙන ආ පැතුම ඉටුවන දවස උදා වුනා..

භාග්‍යවතුන් වහන්සේට රෝගයක් වැළදුනා..
ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ දිවැසින් දැක්කා කල්ප ලක්ෂයක් පෙරුං පුරාගෙන බුදුවරයෙක්ට බෙහෙත් කරන්න එක් පින්වන්තයෙක් ඉන්නා බව...ඔහුගේ පුන්‍ය මහිමය ලෝකෙට හෙලි කිරීම පිණිස, බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේ ඇමතුවා..

"""පින්වත් ආනන්ද, තථාගතයන් වහන්සේගේ ශරීරයේ යම් දොසක් හටගෙන ඇත.. වීරේකයක් කලානම් සුදුසුයි.."""

ආනන්ද ස්වාමින් වහන්සේ ජීවක සොයාගියා.. ගිහින් විස්තරේ කිව්වා..ජීවකට හුගාක් සතුටු හිතුනා..

ජීවක හිතුවා බුදුරජාණන් වහන්සේට දැඩි වූ විරේක බෙහෙතක් දීම සුදුසු නොවන බව...
ඒ අනුව ඔහු "මානෙල් මල්" මිටි තුනක් අරගෙන එහි ඖෂධ ගල්වා භාග්‍යවතුන් වහන්සේ සමීපයට ගියා..

ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, මේ මානෙල් මල් මිටි තුනෙන් පලමු මිට සිඹින සේක්වා...
එවිට නුඹ වහන්සේට දස වරක් විරේක වන්නේය..

ස්වාමිනී,දෙවන මල් මිටද සිඹින සේක්වා!
එවිට තවත් දස වරක් විරේක වන්නේය..

ස්වාමිනී, මේ තෙවන මල් මිටද සිඹින සේක්වා! එවිට තව දස වරක් විරේක වන්නේය..

මේ ආකාරයෙන් භාග්‍යවතුන් වහන්සේව තිස් වාරයක් විරේක කෙරෙව්වා.. භාග්‍යවතුන් වහන්සේගේ රෝගය සුව වුනා....

ඔය අතරේ බිම්බිසාර රජුගේ යාලුවෙක් හිටියා "චන්ඩ පජ්ජෝත" කියලා රජෙක්..
මේ රජාට පාණ්ඩුව හැදුනා..කිසිම වෙදෙක්ට හොද කර ගන්න බැරි වුනා..පජ්ජෝත රජුට ආරංචි වුනා "ජීවක" ගැන..ඔහු බිම්බිසාර රජතුමාගෙන් ඉල්ලා සිටියා ජීවකව එවන ලෙස..

බිම්බිසාර රජතුමා ජිවක කැදවලා කිව්වා, චන්ඩ පජ්ජෝත රජුට ගිහින් බෙහෙත් කරන්න කියලා...

හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා.. මේ රජාට තෙල් බෙහෙත් පෙන්න්න බෑ...කටේ තියනවා තියා සුවඳ අහන්නවත් කැමති නෑ..
කොටින්ම කවුරු හරි තෙල් කියන වචනේ කිව්වත් මාරාවේශ වෙනවා.. නිකමට හරි තෙල් කෑමක් කැවුනොත් හදපු කෙනා මරණවා..

ජීවක මේක දැනගෙන තමයි බෙහෙත් කරන්න ගියේ..තමන් වගේ සූර වෙදෙක් ඉද්දි රජෙක් මැරිලා යන එක සුදුසු නෑ කියලා ජීවක හිතුවා..
තෙල් බෙහෙතක් නොදි මේ රෝගය සුව කරන්න බෑ කියලා ජීවක දන්නවා..ඒත් රජාට මෙක පොවන්නත් බෑ..

නුවණක්කාර ජිවක උපායක් කල්පනා කලා...පජ්ජෝත රජුටගෙන් වරයක් ඉල්ල ගත්තා...
තමන්ට කැමති වෙලාවක, කැමතු රථයක නැගී මාළිගාවෙන් පිටවෙන්න අවසර ඉල්ලුවා... රජතුමාත් දෙවරක් නොසිතා අවසර දුන්නා..

ඔන්න දැන් ජීවක තෙල් බෙහෙත් ගුලියක් හැදුවා.. හදලා රජතුමාට කිව්වා ඇස් දෙකයි, නහයයි වහ ගන්න කියලා.. මේ ගුලිය හපන්නේ නැතුව අර තලප ගිලිනවා වගේ එක පාර ගිලින්න කිව්වා...රජතුමාත් ගිල්ලා..

රජාට ඔහොම්ම ටික වෙලාවක් ඉන්න කියලා,
ඒ මොහෝතෙම ජීවක මාලිගාවෙන් පිටත් වුනා..
ටික වෙලාවක් යනකොට රජාට තේරුනා තමන්ට තෙල් බෙහෙතක් දීපු බව...
ඔහු මාරාවේශ වුනා..
සෙබලුන්ට අණකලා ගිහින් ජීවකව අල්ලන් එන්න කියලා...ඉක්මන් වුන ජීවක කොහොම හරි රජගහ නුවරට පැන ගත්තා..

කොහොම හරි පජ්ජෝත රජුගේ ලෙඩේ හොද වුනා..සතුටු වෙච්ච රජා, ජීවකට එන්න කිව්වා රජු බැහැ දකින්න.ඒත් ජීවක ආපහු යන්න කැමති වුණේ නෑ..

ඔය අතරේ අපූරූ මිනිසුන් පිරිසක් ඉන්න, උතුරුකුරු දිවයිනේ තියෙන කල්ප වෘක්ෂයෙන් පහල වෙන අතිශයින්ම වටිනා සලු දෙකක් ලැබුනා පජ්ජෝත රජතුමාට...

ඔහු කල්පනා කලා මේ වටිනා සලු දෙක, තමන්ගේ ජීවිතය බේරු ජීවකට දෙන්න..
ජීවක තමන් ලගට නොයෙන නිසා තමන්ගේ මිත්‍රත්වයේ සංඛේතයක් විදියට සලු දෙක ජීවකට යැව්වා..

මේ වස්ත්‍ර දෙක දැක්කම ජීවකට හිතුනා මේ වස්ත්‍ර දෙක සුදුසු භාග්‍යවතුන් වහන්සේටයි කියලා..
ජීවක ගිහින් බුදුරජාණන් වහන්සේ මුණ ගැහුනා..
මුණ ගැහිලා අපූරු ඉල්ලීමක් කලා..

"""ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, නුඹ වහන්සේගෙන් කැප වන්නා වූ එක වරයක් ඉල්ලමි..

එසේය ජීවක..පවසනු මැනව..

ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස නුඹ වහන්සේ සම්බුද්ධත්වයෙන් පසු වසර 20ක් දක්වාම දරා සිටින්නේ පාංසූකූල චීවරයයි..භික්ෂු සංඝයාද දරා සිටින්නේද පාංසූකූල චීවරයයි...අද දක්වාම උපාසකයෙකුගෙන් චීවරයක් පිළිගෙන නෑ...

ස්වාමිනී, අනාගතයේ ශ්‍රද්ධාවන්තයන්ට ද වස්ත්‍ර දානය දී පිං කර ගන්නට උපකාර පිණිස ද, මට අනුග්‍රහ පිණිසද මාගේ මේ ඉතා වටිනා සලු චීවරයක් පිණිස පිළිගන්නා සේක්වා!!!

භාග්‍යවතුන් වහන්සේද ආනගත ශ්‍රද්ධාවන්තයන්ට අනුග්‍රහ පිණිසත්, සම්බුද්ධ සාසනයේ චිරස්තිය පිණිසත් ඒ වස්ත්‍ර දෙක පිලිගෙන වදාලා...
එතැන් පටන් "ගහපති චීවර" පිළිගත හැකි බව විනය ශික්ෂාපදයක් ද පැනවූවා..

ගෞතම බුද්ධ සාසනයේ එතෙක් පැවති පාංසකූල චීවර භාවිතයෙන් පසු, පළමු වරට චීවර උදෙසා වස්ත්‍ර පූජා කලේ අපගෙ ජීවක් වෛද්‍යවරයායි..
සසරේ කල්ප ලක්ෂයක් පෙරුං පුරලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ආර්‍ය මහා සංඝරත්නයට මුලින්ම සිවුරු පිණිස වස්ත්‍ර පූජා කරන්නට පින තිබුනේ ජීවකයන්ටයි..

වස්ත්‍ර පිළිගත් භාග්‍යවතුන් වහන්සේ ජීවකට ධර්මය දේශනා කලා..බුදුරජාණන් වහන්සේට වස්ත්‍ර පූජා කල පිනෙන් සතුටුව බණ ඇසූ ජීවකයානෝ සෝවාන් ඵලයට පත් වූවා.!

කල්ප ලක්ෂයක් පෙරුං පුරලා ගෞතම බුදුරජාණන් වහන්සේ දකින්න ආපු ජීවකයන්ට දවසට තුන් වතාවක් බුදුරජාණන් වහන්සේ දැකබලා වන්දනා කරන්න ආසකලා..

බිම්බිසාර රජතුමා ඔහුට තෑගි කරපු අඹ වනයේ ආරාමයක් කරවලා බුදුරජාණන් වහන්සේට පූජා කරන්න හිතා ගත්තා..

අඹ උයන පුරා රියන් දහඅටක් උස ප්‍රාකරයක් කරවලා සියලු අංග සහිත මනරම් ආරාමයක් කරවූවා.. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ 1250 වූ ආර්‍ය මහා සංඝරත්නය උදෙසා ඒ "ජීවකාරාමය පූජා කලා..

දෙව්දත් බුදුරජාණන් වහන්සේට ගල් පෙරලපු වෙලාවේත් ජීවකට පුලුවන් වුනා භාග්‍යවතුන් වහන්සේට බෙහෙත් කරන්න....

පෙරලපු ගලේ පතුලකින් තුවාල වූ ශ්‍රී පාදයේ ලේ කැටිගැහුනා.. බුදුරජුන්ට අසනීප බව දැනගත් ජීවක වෛද්‍යවරයා වහා දුවගෙන ආවා. කැටි ගැසුණු ලේ ඉවත් වීම පිණිස බෙහෙත් ගල්වා උන්වහන්සේගේ මහපට ඇඟිල්ල සියුම් රෙදි පටකින් වෙලුවා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, දැන් ඔය කැටි ගැසුණු ලේ මොලොක් වෙලා ඉවත් වෙන්නයි බෙහෙත් බැන්දේ. හැබැයි ඇදුම්කන්න පුළුවනි. අනේ ස්වාමීනී, මා විසින් ඇතුළු නුවර එක්තරා මනුස්සයෙකුට හදිසි බෙහෙතක් කළා. මං හනික ගොහින් එන්නම්. මං එනකම් ඔය බැඳපු බෙහෙත ඔය විදිහටම තිබීමයි හොඳ.”

ඉතින් ජීවක වෛද්‍යවරයා ඉක්මනින් අර පුද්ගලයා ළඟට ගියා..බෙහෙත් කරලා එළියට යන්න කළින් ඇතුළු නුවර දොරටු වැහුණා...ජීවක වෛද්‍යවරයා කම්පාවට පත්වුණා..

ඒ මොහොතේදී බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඇමතුවා.

“පින්වත් ආනන්ද, ජීවක හවස් වෙලා පිටත් වෙද්දී ඇතුළු නුවර දොර වහළා. ඒ නිසා ඔහුට එන්න බැරිවුණා. දැන් ඔහු කල්පනා කර කරයි ඉන්නේ, මේ තුවාලයේ වෙලුම ලිහන්න වෙලාව හරි කියලා. ඒ නිසා මේ වෙලුම ලිහා දමන්න.”

ආනන්දයන් වහන්සේ ඒ තැල්ම ඇති තැන බඳින ලද වෙලුම ලිහා දැම්මා. කැපූ අත්තකින් කිරි වැක්කෙරෙනවා වගේ තැලුණු ලේ ඉවත් වෙලා ගියා. පාන්දරින් ඇතුළු නුවර දොරටුව විවෘත වුණු ගමන් ජීවක දුවගෙන ආවා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ශරීරයට සෑහෙන්න රිදුම් දෙන්න ඇති නේද?”

බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ජීවක දිහා බලාගෙන හිටියා. මඳ සිනහවෙන් පිරුණු මුහුණින් යුතු බුදුරජාණන් වහන්සේ ජීවකට මෙහෙම වදාළා.

“පින්වත් ජීවක, තථාගතයන් වහන්සේ ජීවිතයකට රිදුම් දෙන සෑම දෙයක්ම සංසිඳුවා දැම්මේ අද ඊයෙ නෙවෙයි. බෝ මුල වජිරාසනය මතදීයි.”

මෙය වදාළ බුදුරජුන් ඉතා මධුර ස්වරයෙන් මෙම ගාථාව වදාළා.

ගතද්ධිනෝ විසෝකස්ස – විප්පමුත්තස්ස සබ්බධි
සබ්බගන්ථප්පහීණස්ස – පරිළාහෝ න විජ්ජති

සසරේ ඇවිදිලි නිම කළ කෙනෙකුට –
සියලු සෝක හුල් ඉදිරූ කෙනෙකුට -
හැම කෙලෙසුන්ගෙන් නිදහස් කෙනෙකුට –
සියලු කෙලෙස් ගැට නැති කළ කෙනෙකුට-
කිසිදා රිදුමක් නැත හට ගන්නේ -

ගෞතම බුද්ධ සාසනයේ "පෞද්ගලික ප්‍රසාද ඇති අය" අතරේ අග තනතුරු ලැබුනෙත් අපේ මේ ජීවක වෛද්‍යවරයාටයි...🙏🌺

බුදුවරෙයෙක් ට බෙහෙතක් දෙන්න කල්ප ලක්ෂයක් පෙරුම් පුරා ආ "ජීවකයාණන්ගේ"
සසර ගමන ගෞතම බුදුසසුනේදී අවසන් කලා...

නමෝ බුද්ධාය!
උපුටාගැනීමකි.
පූජාවලිය ඇසුරෙනී.🙏🪷🪷🪷🙏

゚viralvideo #

10/02/2026

~~NICE TO SEE YOU AGAIN~~

Have a great Sunday to all. Good luck to you!

Bonjour, mon amie! ♥️
Hello, friends! ♥️
Bom dia! ♥️

Wow
10/02/2026

Wow

Art vs Artist 🤭👩‍🎨

🙏
29/01/2026

🙏

Good Morning 🌞
04/01/2026

Good Morning 🌞

22/12/2025

🥸

15/12/2025
Hi Hi යාලුවනේ🥰බොරුවට ගිනිගණන් දීලා Christmas ornaments ගන්නේ මොකටද ☺️ඕනම එකකින් ඕනම ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්.Rs. 50/=...
27/11/2025

Hi Hi යාලුවනේ🥰

බොරුවට ගිනිගණන් දීලා Christmas ornaments ගන්නේ මොකටද ☺️
ඕනම එකකින් ඕනම ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්.

Rs. 50/=
Rs.30/=

ඉක්මන් කරන්න නත්තල හැඩකරන්න එන්න මේ පැත්තට..

WhatsApp 074 050 5149

25/11/2025

🎈🎈🎈Christmas ornaments🎄

සීතල නත්තල හැඩකරන්න එන්න මේ පැත්තට..🤗

Available Now❤️

Place your order
Rs.50 per one item

📞0740505149

Pipe cleaner christmas ornaments 😍Order Now..📞074 050 5149
25/11/2025

Pipe cleaner christmas ornaments 😍

Order Now..

📞074 050 5149

💫
19/11/2025

💫

😌
14/11/2025

😌

😇👌

Address

Mabima, Ja-Ela
Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when CeyStyle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share