Dear KWJ D House

Dear KWJ D House PROUDUCTS BUILT FROM THE PROUD BLOOD OF THE NEW GENERATION
(7)

31/05/2026

එන්න ළමයි බණ අහන්න ❤🙏


31/05/2026

Sri Lanka vesak Ceremony 🙏



31/05/2026

May the Happy Vesak festival 🙏


අද කටුනායක හවස් භාගයේ වැඩ ට ගිහින් එන ගමන් ❤ දුන්න අයට ගොඩක් පින්🙏 මුළු රටේම දන්සැල් එහෙම තියෙන තැන් කියා ගෙන යන්න අපේ ක...
31/05/2026

අද කටුනායක හවස් භාගයේ වැඩ ට ගිහින් එන ගමන් ❤ දුන්න අයට ගොඩක් පින්🙏 මුළු රටේම
දන්සැල් එහෙම තියෙන තැන් කියා ගෙන යන්න අපේ කොල්ලො කෙල්ලන්ට එන්න ❤❤❤❤

31/05/2026
31/05/2026
29/05/2026

කෙනෙක් දිහා බැලූ විටම වැඩිහිටියන් පවසනවා නේද මෙයාගේ හොද වැදගත් පාටක් තියෙනවා නැත්නම්"අයියෝ මෙයා රස්තියාදු පෙනුමක් තියෙන්නේ " ආදි ගොඩක් දේවල්. ඉතිං මේ හැමදේම තීරණය වන්නේ අපි සමාජය තුල හැසිරෙන අපි කරන කියන දේ අනුව. හොඳ personality එකක් තියෙන පුද්ගලයෙක් කියන්නේ අනිත් අයට ගෞරවයෙන්, වගකීමෙන් සහ යහපත් ආකාරයෙන් බලපාන කෙනෙකුයි. එවැනි පුද්ගලයෙකුට සාමාන්‍යයෙන් මේ වගේ ලක්ෂණ තියෙනවා:

1.ගෞරවය දැක්වීම

වයස, තත්ත්වය, රැකියාව ගැන නොබලා ඔබේ කෙනෙක්ට වගේ අනිත් අයටත් ගෞරවයෙන් කතා කරන්න පුලුවන් නම් ඔබේ Quality එක තත්ත්වය තව තවත් වැඩි වෙනවා මිසක අඩු වෙන්නෙ නම් නෑ

2.සත්‍යවාදී බව
බොරු, වංචාවකින් තොරව මිනිසුන්ව ඇසුරු කරන්න පුලුවන් නම් ඔබේ විශ්වාසවන්තබව හා සත්‍යවාදී බව අමුතුවෙන් ගොඩනගන්න ඕන නැහැ .

3.අනුකම්පාව සහ කරුණාව
අනිත් අයගේ දුක, අපහසුතාව තේරුම්ගෙන එය විහිලුවක් කරගෙන හෝ අවස්ථාවක් කරගෙන ඔවුන් තව තවත් අපහසුතාවට පත් කර තමන් ලාභ ප්‍රයොජන නොගෙන හදවතින්ම උදව් කිරීමට කැමති නම් ඔබ සැබෑ මිනිසෙක්

4.වගකීම භාර ගැනීම
තමන් ඒ අවස්ථාවේ තමන්ගේ භූමිකාව අනුව තමන්ගේ කාර්යභාරය නොපිරිහෙලා වගකිමෙන් කරනවා නම් ඔබට අනිවාර්යයෙන් ලොකු පිරිසක් එකතු වෙනවා

5.කෝපය පාලනය කිරීම
හැමදේටම ඉක්මනින් රණ්ඩු නොවී, සිතා බලා නුවනින් තීරණ අරගන්න පුලුවන් නම් ඔබේ වැදගත්කම ගතිගුන පිලිබද ඕනෑම කෙනෙක් ඔබට ගරු කරයි

6.හොඳ සන්නිවේදන හැකියාව
පැහැදිලිව කතා කිරීම වගේම තමන්ගේ මතය පමණක් හරි අනෙකාගේ තීරණ නොසලකා සිටිනවාට වඩා අනිත් අයගේ අදහස් යෝජනා සමගම කාර්යයන් සිදු කිරීම ඔබට ලැබෙන සුවිශේෂී වාසියක්

7.අධ්‍යාපනයට සහ දැනුමට කැමැත්ත
නිතර ඉගෙන ගැනීමට සහ තමන්ව දියුණු කරගැනීමට උනන්දුව ඔයාගේ ජීවිතය පරිපූර්ණ කරන්නට හොද රුකුලක් වෙනවා

8.විනය (Discipline)
වෙලාවට වැඩ කිරීම, පොරොන්දු රැකීම, ජීවිතයට පිළිවෙළක් තිබීම ඔයාගේ ජීවිතය ගොඩනගාන්න තියෙන රන් ආභරණයි

9.ධනාත්මක සිතුවිලි
හැම වෙලාවෙම නරක දේවල්ම නොබලා, මේ දේ කරන්න පුලුවන් . මේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න පුලුවන් යන ආකල්පය තියෙනවා නම් ඔයාගේ ජීවිතය සාර්ථකයි

හොඳ personality එක කියන්නේ ලස්සන පෙනුමක් හෝ කතාකාර බව විතරක් නෙවෙයි.
අනිත් අයට ආරක්ෂිත, විශ්වාසදායක සහ සතුටුදායක හැඟීමක් ලබාදෙන ආකාරයෙන් ජීවත් වීම තමයි සැබෑ වටිනාකම.

ඉතිං ඔයාට තියෙන හොදම ගුණාංග යටින් comment කරන්න

Address

Baddegama
Galle
80200

Alerts

Be the first to know and let us send you an email when Dear KWJ D House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share