vinu

vinu Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from vinu, Grocers, dambulla, Dambulla.

13/07/2025

කෙහෙල්බද්දර පද්මෙයි, සලින්තයි මැලේසියාවෙදි ඇරස්ට් කලා කියලා නිව්ස් ගියානෙ.
මේ කීර්තිත් මෙතනට ඇවිත් ඇරස්ට් කරනවා බලන් හිටියා වගේ කිව්වා.
ටික වෙලාවකින් චමුදිත call එකක් ගන්නවා සලින්ත කලින් කතා කරපු නම්බර් එකකට,සලින්තත් answer කරලා කතා කරනවා, ඒකට පද්මෙවත් ගන්නවා.
"ඇත්තටම හිරේ නෙමේද ඉන්නෙ" කියල චමුදිත ඇහුවම සලින්ත වීඩියෝ on කරලා කතාකරනවා.
මහා බුද්ධි නිළධාරී කීර්ති දැඩි අපහසුවකින් ඉන්නෙ..ඇරස්ට් කලා කිව්ව උන් චමුදිතය එක්ක video call ගන්නවා දැකලා.

15/06/2025
15/06/2025

උගන්ඩාවට ශ්‍රී ලංකාවේ සිට ගුවන් යානා මගින් ඩොලර් ගෙන ගිය බවට එල්ල වන චෝදනාව පිළිබඳව හිටපු රේගු අධ්‍යක්ෂක වරයෙකු වන පරාක්‍රම බස්නායක මහතා අදහස් පළ කරයි.
තම සමාජ ජාල ගිණුම් ඒ අදහස් පළ කරමින් හෙතෙම දීර්ඝ පැහැදිලි කිරීමක් කර තිබේ.
මෙහි දැක්වෙන්නේ එම පැහැදිලි කිරීමයි.

ලබිබේ තොවිලේ…
උගන්ඩාවට ඩොලර් වැස්සක්..😂

බෙහෝ දෙනෙක් මගෙන් පිලිතුරක් බලාපොරොත්තුවෙන් මාව ටැග් කරලා තියෙනවා. ඉන්බොක්ස් අහනවා.

ආදරණීය මිතුරනි මෙන්න පිලිතුර.

මුලින්ම කියන්න ඔිනේ මෙම උදෘත ගුවන් යානා තුනෙන්ම ගෙන ගියේ ඇමෙරිකානු ඩොලර් නොවන බවය.එය උගන්ඩාවෙි මුදල් නොටිටුය. එකකය ශිලිංග්ස්.

රේගුවට ප්‍රකාශ කලාද?

ඔවි.. රේගුවට printted matter ලෙසින් ප්‍රකාශ කරනවා. එයයි පිලිවෙත, BOI ගිවිසුමි ප්‍රකාරවයි එසේ කරන්නේ..ඒ නීත්‍යානුකූල අපනයනයක්..මෙහිදී රේගුව දැනුවත්ද? ඔවි… යන්නේ මොනවාද, කවර ප්‍රමානයක්ද, කාරණාව මොකක්ද යන්න.

රේගුව කියන්නේ ජාතික ආරක්ෂාව උපරිමයෙන් රකින වගකියන රාජ්‍ය ආයතනයක්,ඉතාමත් නිවරිදිව මෙම අපනයනය කර තිබෙනවා පමනක් නොව විශාල විදේශ විනිමයක් අපේ රටට ලැබී තිබෙනවා. එනිසා මෙවැනි සමාගමි පනමෙන් ආරක්ෂාකර ගත යුතුයි. නැතහොත් ඔවුන් මෙය ගලවාගෙන බංගලාදේශයට හෝ වෙනත් රටකට ගෙනයයි. අපට රක්ෂා දහස් ගනනක් සහ ඉතාමත් අවශ්‍ය විදෙස් විනිමයත් අහිමි වෙිවි.

රේගුවට මෙිවා විවෘත කර බලන්න බැරිද?

පුළුවන් අවශ්‍ය තන්හී එසේ කරනවා. සීමාවන්ට යටත්ව රේගුව සහ මෙම කීර්තිමත් සමාගම අතර මෙතෙක් කිසිදු අවිශ්වාසයක් වසර 30 කාලයේදීම ඇතිවී නැහැ..
මොකක්ද මෙි සමාගම..?

Delarue… ඩිලාරැ බ්‍රිතාන්‍ය සමාගමක්, බ්‍රිතාන්‍යයේ වසර 200 කට වඩා වැඩියි.. ලංකාවෙි වගේම කෙන්යාවෙි, මෝල්ටාවේ සහ එක්සත් රාජධානියේත් මෙහි කර්මාන්ත ශාලා පවතිනවා..ඩිලාරැ ලංකාවෙි වසර 30 ක් වෙනවා. සෑම රජයක් යටතේම මෙලෙස ලොව පුරා රටවලට එම රටවල ඇනවුමිවලට අදාලව මුදල් නෝටිිටු මුද්‍රණය කර යවා තිබෙනවා. එය අසීමිතයි..මෙය සාමාන්‍ය දෙයක්.

බොරැ කීමත් හරියට අර ලබිබෙි තොවිලේ වගේ මුහුදට යනකමි නටනවා. බලනකොට මුහුදේ අන්තිමට ඔක්කොම මුහුදේ ගිලෙනවා.එමනිසා අපිත් පුවෙිශමෙන් විවෙිචනයන් කල යුතුයි..මුහුනත් එක්කලා තරහට නහය කපා නොගනිමු..මවිබිම රැකගමු..

ලංකාවෙි ඩිලාරැ සමාගම.. ලෝකයේ හරි අඩක් මහ බැංකුවලට අවශ්‍ය මුදල් නෝට්ටු යවනවා. මෙම උගන්ඩා සිද්ධියත්. ඉන් එකක් පමනි.වසංගතයක් පැවති කාලයේ අපේ මගී ගුවන් යානා ගමන්බඩු ප්‍රවාහනයෙන් විශාල වශයෙන් මුදල් ඉපයූවා. මෙම ගුවන්යාන ජාත්‍යන්තරව කුලියට (Charter flights) ලෙස යොදාගන්නවා..ආදායම අපේ රටට.

අපේ රටින් කළු සල්ලි යවලා උගන්ඩාවේ මහ බැංකුවෙි විදෙස් සංචිත වැඩිකරලාලු. බොරැවක වුනත් දිගක් පලලක් වත් තිබිය යුතුයි. වෙනත් රටවලද විදෙස් සංචිත වැඩිවෙන්නේ නිත්‍යානූකූල ආකාරයෙනි. උගන්ඩාව 2021 දී IMF, WB සහ තවත් ආයතන කිහිපයකින්ම ලබාගත් මුදල් නිසයි, SDR පහසුකමි මගින් එම සංචිත වැඩිවී තිබෙනවා. මෙරටින් ගිය මුදල් එයට සමිබන්ධ නොවෙි.

මෙම මුදල් මුද්‍රණය වන්නේ ගෝලීය ආරක්ෂණ මුද්‍රණ යන්ත්‍රයකින් එය අතිශයින් ආරක්ෂිතයි, සුරක්ෂිතයි එසේම සංවෙිදීයි.

එම කර්මාන්ත ශාලාවට හතර වතාවක් රාජකාරි සදහා ගිය රාජ්‍ය නිළධාරියෙක් වශයෙන් මා එහි පවතින ආරක්ෂිත ක්‍රියාදාමයන් හොදින් දනිමි.

අවසන් වශයෙන් මෙය පූර්ණ වානිජමය ගනුදෙනුවක් බව වටහාගන්න, අප මෙවන් කර්මාන්ත ශාලා රැකගතහොත් වසරකට උපයන ඩො.බි. 12 කට වැඩි අපනයන ආදායම තවත් වැඩිකරගත හැක.

පරාක්‍රම බස්නායක..
හිටපු රේගු අධ්‍යක්ෂ.
නීති හා නීති කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ..

14/06/2025

Click here and accept my invitation on Temu app! 🎁

Address

Dambulla
Dambulla
21100

Telephone

+94701590009

Website

Alerts

Be the first to know and let us send you an email when vinu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category