Sweets World

Sweets World Delicious cakes and snacks for your special events. No added artificial flavors 💛
(1)

16/11/2025

Thank you for your valuable feedback. It means us a lot 💛

Team Sweets World

සිංගප්පූරුවේ 🇸🇬 ඉන්න ආදරීගෙන් එයාගේ හිතවතුන්ට 💛හිතවතුන් එක්ක බෙදාගෙන කන්න මේ ප්ලැටර්ස් දෙක ලැබුණේ චූටි පුතෙක්ගේ උපන්දිනේ...
16/11/2025

සිංගප්පූරුවේ 🇸🇬 ඉන්න ආදරීගෙන් එයාගේ හිතවතුන්ට 💛

හිතවතුන් එක්ක බෙදාගෙන කන්න මේ ප්ලැටර්ස් දෙක ලැබුණේ චූටි පුතෙක්ගේ උපන්දිනේට 🥰

මේ කස්ටමර් මගේ යාළුවෙක්. එයා දීපු කීවෙනි ඕඩරේද කියලා වෙන වෙනම මතක් කරන්න බැරි තරම් සෑහෙන ඕඩර්ස් ප්‍රමාණයක් එයා වෙනුවෙන් කරලා දුන්නා. මේ තරම් මාව විශ්වාස කරනවට බොහෝම ස්තූතියි 💛💛💛💛

ඕනම කෑමක් customize කරලා හදාගන්න අපිට කතා කරන්න 0768227133 Sweets World








#ශෝටීට්ස්

සමහර යාළුවෝ ජීවිතේට ලැබෙන්නේ පෙර පිං හින්දම විතරයි.අපිට පුළුවන් කාලෙට වඩා බැරි කාලෙදි, නිරෝගි කාලෙට වඩා ගිලන් කාලෙදි, ජී...
06/11/2025

සමහර යාළුවෝ ජීවිතේට ලැබෙන්නේ පෙර පිං හින්දම විතරයි.

අපිට පුළුවන් කාලෙට වඩා බැරි කාලෙදි, නිරෝගි කාලෙට වඩා ගිලන් කාලෙදි, ජීවිතේ රසවත් කාලෙට වඩා නීරස කාලෙට උරහිස් වලට වාරු වෙවී "ඔයාට පුළුවන්" කියපු අතලොස්සක් දෙනාගෙන් වැඩියෙන්ම ආදරේ දීපු සහෝදරී Chathurika Sajeewani Kulasooriya
මගේ හැම පෝස්ට් එකකම අනිවාර්යයෙන් මට සුභ පතලා එයාගේ කොමෙන්ට් එකක් තියෙනවාම තමයි. කිහිප වතාවක් මට ඕඩර්ස් දුන්නට හැම පාරම මගේ schedule එක බිසී නිසා කරන්න බැරි වුණා.

මෙදා පාර ඕඩර් එක චතූ මට බාර දුන්නේ එයාගේ තවත් ප්‍රෙග්නන්ට් යාලුවෙක්ට.

හයිද්‍රාබාද් චිකන් බිර්යානි
බැදපු චිකන්
උම්බලකඩ බැදුම්
මැලේ අච්චාරු
ග්‍රීන්පීස් කරි
රයිතා
ග්‍රේවි
වටලප්පන්

ක්‍රැන්බෙරි වැනිලා කස්ටර්ඩ් ❤️💛❤️

බොහෝම ස්තූතියි චතූ ඕඩර් එකටයි, ෆීඩ්බැක් එකට වගේම review එකට 😘😘😘

0768227133 බිර්යානි කන්න අපිට කතා කරන්න

#බිර්යානි
#බිරියානි

Order from Qatar 🇶🇦 Delivered to Jayawadanagama Purple and gold palette knife painting for her best friend’s birthday 💜💛...
04/11/2025

Order from Qatar 🇶🇦
Delivered to Jayawadanagama

Purple and gold palette knife painting for her best friend’s birthday 💜💛💜

0768227133 please contact us to place your orders

Order from Australia 🇦🇺 A beloved son placed this order for his Mother’s birthday dinner Delivered to Malabe Hydrabad Ch...
04/11/2025

Order from Australia 🇦🇺
A beloved son placed this order for his Mother’s birthday dinner
Delivered to Malabe

Hydrabad Chicken Biryani
1 full fried chicken
Maldives fish sambol
Green pea curry
Malay pickle
Raitha
Gravy
Watalappan

0768227133 please contact us to place your orders

අතිශයින්ම බිර්යානි ප්‍රේමවන්තයින්ටමේ දවස්වල මගේ මුළුතැන්ගෙයි වැඩිපුරම හැදෙන්නේ බිර්යානි.මං ඉපදුනේ අනූව දශකයේ. ඉතිං ඒ කාල...
26/10/2025

අතිශයින්ම බිර්යානි ප්‍රේමවන්තයින්ට

මේ දවස්වල මගේ මුළුතැන්ගෙයි වැඩිපුරම හැදෙන්නේ බිර්යානි.

මං ඉපදුනේ අනූව දශකයේ. ඉතිං ඒ කාලේ මට මතකයි බිර්යානි නිතරම හැම ගෙදරකම හැදෙන්නේ නැහැ. බොහෝ දුරට මුස්ලිම් ගෙවල්වලත් විශේෂ දවස්වලට විතරමයි හැදුනේ. ඒ වගේම කපලා හෝදලා ගෑනු උදවිය උදවු කලාට බොහෝමයක් බිර්යානි හැදුනේ පිරිමි කෝකියෝ අතින්.

ඒ කාලේ කිවුවේ බුරියානි කියලා. අදටත් ලංකාවේ මුස්ලිම් අය එහෙමයි කියන්නේ. ඊට කාලෙකට පස්සේ බිරියානි කියන්න පටන් ගත්තු පාර අදටත් අපේ සමහර ලෝකල් බ්‍රෑන්ඩ්ස්වල බිර්යානි මික්ස් පැකට් එකේ ලියලා තියෙන්නේ බිරියානි කියලා.

හරිම උච්චාරණය බිර්යානි ☺️

දැන් මං කියන්නම්කෝ බිර්යානි ඉතිහාසය.

බොහෝමයක් ආසියානු රටවල්වල වගේම අරාබි රටවල්වල හැදෙන සාම්ප්‍රදායික කෑම ගොඩාරියක් උපත ලබන්නේ අතීත පර්සියාව හෙවත් වර්තමාන ඉරානයේ. ඒ අතරින් remarkable කෑමක් බිර්යානි. කොහොමත් ෆර්සි බාසාව අමුතුයි නේ. ඉතිං එයාලා කිවුවේ බිර්යන් කියලා. ෆර්සි බාසාවෙන් birin කිවුවේ (හාල්) බත්වලට.

වාල්මිකී ලියපු රාමායණය පවා සඳහන් වෙන තරමට ඈත ඉතිහාසයක් මේ බිර්යානි කියන කෑමට තියෙනවා.

Cooking techniques කියන ඒවා කාලෙන් කාලෙට පුද්ගලයින්ගේ අත් හුරුව, තාක්ෂණය, seasonal availability, innovation වගේ කාරනා නිසා වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අපි කවුරුත් අතර ප්‍රසිද්ධ ඩම් බිර්යානි කියන සංකල්පයට අත්පොත් තියන්නේ මූගල් අධිරාජ්‍යය කාලෙලු.

සොල්දාදුවන් මන්දපෝෂණයෙන් පීඩා විඳිනවා කියා දැනගත් සාජහාන් රජුගේ අග බිසව මුටාජ්මහල්ගේ මැදිහත්වීමෙන් බිර්යානිය වඩාත් හොඳින් මස් මාංශ, ගිතෙල් වගේ අධි ප්‍රෝටීන එකතු කරලා slove cooking හෙවත් ඩම් බිර්යානි කියන සංකල්පය ලොවට හඳුන්වා දී තිබෙන්නේ එතුමිය විසින්.

බිර්යානි වෙනුවෙන්ම අධි මිලට විකිණෙන long grain බාස්මතී වර්ගවල කවරයේ ලස්සන ඉන්දියානු කාන්තාවකගේ පිංතූරයක් තියෙනවා. ඒ වගේම Tajmahal කියන සන්නාමය යටතේ පැකට් කරපු බාස්මතී හාලෙත් මේ කාන්තාවගේ පිංතූරේ තියෙනවා සහ බොහෝමයක් බාස්මතී පැකට් එකේ ටජ් මහලේ පිංතූරයක් තියෙනවා. ඒ ලස්සන කාන්තාව Muntaj Mahal. මුන්ටාජ් මහල්ගෙයි, මූගල් ශිෂ්ටාචාරයේ වගේම බිර්යානියෙ ඉතිහාසයි එකිනෙකට සම්බන්ධ නිසා වෙන්න ඇති මේ වගේ මාර්කටින් ක්‍රම උපයෝගි කරගන්නේ.

බිර්යානි එක කොහොම හැදුවත් ඩම් හෙවත් slove cook කියන තාක්ෂණයෙන් බලාපොරොත්තු වෙන්නේ flavors එකතු වෙන එක.

ඔය අතර බිර්යානි පිසීමේ කලාව ගැන කතා කලොත් ඉන්දියාවේ remarkable techniques දෙකක් හයිද්‍රාබාදයෙන් වගේම ලක්නවු වලින් සනිටුහන් කරනවා.

අමු මසට බාගෙන ඉදුනු හාල් මිශ්‍ර කර kacchi style එකට පිසීම. සම්පූර්ණ කල්දේරම රොටි මෝලියකින් සීල් කරලා පිසින මේ බිර්යානිය සාමාන්‍ය බිර්යානි වර්ගවලට වඩා තීව්‍ර රසක් වගේම සුවඳක් එකතු කරනවා. ඒ වගේමයි ලක්නව්වලින් බිර්යානි කලාවට
අලුතෙන් එකතු කරන Aawadhi තාක්ෂණය පෙර පිසූ මස් වගේම හාල් තට්ටු වශයෙන් assemble කරලා නැවත ඩම් කුක් කිරීම.

බිර්යානි කන්න හදන side dishes නිෂ්චිත වර්ගයක් තිබුණා කියලා කොහේවත් මූලාශ්‍රයක හොයාගන්න නැහැ. සාම්ප්‍රදායිකව unsweetened yogurt වර්ගයක් හෝ යෝගට් එලවලු මිශ්‍ර රයිතා එකක් පිලිගන්වන්නේ.

ශ්‍රී ලංකාව කියන්නේ ලෝකේ විවිඳ රටවල්වලින් ආහාර කලාවන් ගොඩාක් මිශ්‍රවෙලා වඩාත් රසවත් ආහාර සංස්කෘතික් හදපු රටක්. ඉතින් දැන් අපි කතා කරමු ලංකාවේ බිර්යානි ගැන. කලින් කතා කරපු විස්තර එක්ක බැලුවම ඉතින් බිර්යානි ඉතිහාසයන් ගත්තොත් ලංකාවේ මුස්ලිම් බිර්යානි පිසීමේ තාක්ෂණය සමාන වෙන්නේ ලක්නවු Aawadi තාක්ෂණයට. නමුත් සම්ප්‍රදායික ශ්‍රී ලංකන් මුස්ලිම් බිර්යානියට සයිඩ් ඩිෂස් කිහිපයක් එකතු වෙනවා.

අපි මොහොතකට වර්තමාන බිර්‍යානිය ගැන පසුවට කතා කරන්න ඉඩ තියලා අතීත බිර්යානි එක ගැන කතා කරමු.

ලංකාවෙත් ප්‍රදේශෙන් ප්‍රදේශයට හැදෙන බිර්යානි හරිම වෙනස් වගේම එක් වර්ගයක් ගොඩාක් රසයි කියලා තෝරන්න බැරි තරම් විශේෂයි. මං පෞද්ගලිකව මඟුල් ගෙවල් කිහිපයකින් රස බලලා මගේ හිතට හොඳටම වැදුණු රසම බිර්යානිය බේරුවල බීස් බිර්යානි. කී පාරක් කෑවත් ඒ රස මතක් වෙන සැරේට ආයෙත් කන්න හිතෙන වෙනම රසක්. ඒ බිර්යානි එකට හේතු වෙච්ච තවත් කතාවක් තියෙනවා.

යේමන ජාතිකයෝ රොත්ත පිටින් ඉස්සර බේරුවල පදිංචි වෙලා තියෙනවා. යූනානි කියන වටිනා වෛද්‍ය විද්‍යාව ලංකාවට ගෙනාවෙත් එයාලා. ඉතිං එයාලගේ බිර්යානියට අරාබි කුළුබඩු රස එකතු වුණ නිසාලු ලංකාවේ අනිත් ප්‍රදේශවල හැදෙන බිර්යානි වලට වඩා රසය වෙනස්.

සයිඩ් ඩිෂස් ගැන කතා කලොත්
බීෆ්, මට්න්, චිකන් ඔය මොන මස් වර්ගෙකින් බිර්යානි හැදුවත් හය දෙනෙක්ගේ සවානකට අනිවාර්යයෙන්
🧄බැදපු චිකන් එකක්
🧄උම්බලකඩ බැදුමක්
🧄මැලේ අච්චාරුවක්
🧄ග්‍රීන්පීස් කැරට් කජු හා චිකන් ලිවර් මිශ්‍ර කරියක්
🧄අන්නාසි බාග පෙති හයක්
🧄වටලප්පමක් හා කෝලිකුට්ටු කෙසෙල් ගෙඩි දෙකක්
🧄බාර්ලි බෝතල් දෙකක්

ලංකාවේ මුස්ලිම් බිර්යානි ගැන කතා කලොත් සවාන ගැන කතා නොකර බැහැ නේ. පිඟානකට වඩා විශාල පලඟාන වගේ තැටියක්. ඔය සවානේ කන එක ලේසි වැඩක් කියලා හිතුනට එහෙම කන අයට පිලිපදින්න අනිවාර්ය ethics තියෙනවා. හැමදාම සවාන් එකේ කෑවත් ඒවා නොදන්න පිරිසකුත් ඉන්න නිසා දැන් නවීන කාලේ එක්ක ඔය කියන සවාන මේසෙන් තියලා පිඟාන් වලට බෙදාගෙන කනවා. ඒ වැඩේ නම් නියමයි. කාලේ තාලෙට අපි වෙනස් වෙන්නත් එපැයි.

ඉතින් 2000 අවුරුද්දෙන් පස්සේ බිර්යානි ගෙදර හදන එක පොඩි ට්‍රෙන්ඩ් එකක් වෙනවා වගේම එකතු කරන සයිඩ් ඩිෂස් වෙනස් වෙනවා. මේ සයිඩ් ඩිෂස් දිහා බැලුවම පේනවා බිර්යානි එක හදලා ඉතුරුවෙන ඉතුරු බිතුරු වගේම ගෙදරින් ඕනම වෙලාවක හොයාගන්න පුළුවන් අඩුම කුඩුම විතරයි පාවිච්චි වෙන්නේ. මේ නවීන කාලේ වැඩ පහසු වෙනවා නම් එහෙම කොම්බෝ එකක් හැදෙන එකේ දකින්න තරම් වරදක් නැහැ. හැබැයි මේ කොම්බෝ එක ලංකාවේ ගොඩාක්ම ජනප්‍රිය වුණේ කොළඹ බුහාරි හෝටලේ.

ප්ලේන් බිර්යානි බතට
බැදපු චිකන්
බිත්තරයක්
මිංචි හෝ කරපිංචා පොල් චට්නියක්
රයිතා එකක්

දැන් මේ මෙනු එකට බිර්යානි කෑවට කාලෙකට කලින් පිටරට පදිංචි වුණ, සාම්ප්‍රදායික මුස්ලිම් වෙඩින් බිර්යානි කාපු අය නම් හරිම ආසයි ට්‍රැඩිශනල් මුස්ලිම් සවාන් බිර්යානි එකක් ආයෙත් රස විඳින්න.

Sweets World අපේ බිර්යානි එකෙන් සොෆ්ට් ඩ්‍රින්ක් එකයි කෝලිකුට්ටු කෙසෙල් එකයි විතරයි අපි ඉවත් කලේ. ඒ වගේම හයිද්‍රාබාද් kacchi තාක්ෂණයට බිර්යානි එක හදන්නේ. රොටි මෝලියකින් කවර් කරලා බලාපොරොත්තු වෙන්නේ බිර්යානියට එකතු කරන අමු මස හොඳින්ම තම්බගන්න එක. ඒ කාලේ මට්න් බීෆ් වගේමයි කරි චිකන් බොහෝම හයියයි. නමුත් මේ වෙනකොට බොයිලර් චිකන් වලින් උයන නිසා රොටි සීල් කරන්නේ නැහැ. දැන් අවුරුදු දහයකට වඩා කාලයක් අපේ කිචන් එකේ හැදුනේ සවාන් විතරමයි. අවුරුදු කිහිපයකට පස්සේ relaunch කලාම අපිටත් වර්තමානයේ ඉල්ලීම් එක්ක වෙනස් වෙන්න වගේම අලුතින් බිර්යානි එක ගැන හිතන්න පුළුවන් වුණා. මලබාරි, හයිද්‍රාබාදි, පංජාබි, ඇෆ්ගනි, ෆර්සි, අරාබි වගේ චෙෆ්ලා අතින් හදන කෑම කාලා බලලා, පෞද්ගලිකව එයාලා එක්ක කතා කරද්දී food explorer කෙනෙක් වෙච්ච මට ලැබුණේ දැනුම් සාගරයක්.
ඒ වගේමයි වරක් මට මුණගැහුණු හයිද්‍රාබාද් කෝකිවරයෙක් කිවුවේ vegetables biryani කියන්නේ බොරුවක්. ඒ වචනෙත් මුලාවක් කියලා. මසයි බතයි මිශ්‍ර වෙලා හැදෙන මේ ප්‍රණීත ආහාරය වෙජි බිර්යානි කියලා නිගා කරන්න එපා කියලත් බැගෑපත්ව ඉල්ලුවේ 😊.

"Madam Fathima, pilau rice is the vegetarian version of biryani. Also, why Sri Lankans call "Buriyani, Biriyani" Madam please call it is biryani"
මේ කෝකි මහත්තයාටත් මං දන්න කෑම ගැනත් දේවල් ටිකක් කියලා දීලා අපි දෙන්නා දැනුම exchange කරගත්තා.

ඉතිං දැන් කතා කරන්නම් අපේ කිචන් එකේ හැදෙන බිර්යානි එකේ ඩිෂස් ගැන

🧄චිකන්, බීෆ් හෝ මට්න් බිර්යානි
🧄බැදපු කුකුල් මස්
🧄උම්බලකඩ බැදුම
🧄මැලේ අච්චාරුව
🧄ග්‍රීන් පීස් කරිය
🧄රයිතා
🧄ග්‍රේවි
🧄වටලප්පන්
අන්නාසි පෙති හෝ අන්නාසි චට්නි එක්ක සලාද කොල

ජීවිතේ එකම එක පාරක් හරි මේ කොම්බෝ එක කාලා බලන්න කැමති අයට පුළුවන් අපෙන් ඕඩර් කරන්න.

0768227133 අපේ නම්බර් එකට WhatsApp කරලා ඕඩර් කරන්න. දවසට සීමිත ඕඩර්ස් ප්‍රමාණයක් විතරක් භාරගන්න නිසා දවස් දෙකකට කලින් ඕඩර් කරන්න. අපි ඉන්නේ තලවතුගොඩ. Orders pick කරන්න පුළුවන් වගේම අපි ඩිලිවරි කරනවා.

#බිර්යානි
#බිරියානි
#වටලප්පන්

#ශ්‍රීලංකාකෑම

ජපානේ 🇯🇵 ඉන්න ආදරණීය ලේලිගෙන් එයාගේ parents in law වෙනුවෙන් කරපු ඕඩර් එකක්.මේ කස්ටමර් මේ අවුරුද්දේ දීපු කීවෙනි ඕඩර් එකද ...
26/10/2025

ජපානේ 🇯🇵 ඉන්න ආදරණීය ලේලිගෙන් එයාගේ parents in law වෙනුවෙන් කරපු ඕඩර් එකක්.

මේ කස්ටමර් මේ අවුරුද්දේ දීපු කීවෙනි ඕඩර් එකද කියලා මතක් කරන්න බැරි තරම් සෑහෙන ඕඩර්ස් ප්‍රමාණයක් අපිට භාරදුන්නා.

නිහතමානීව ස්තූතිවන්ත වෙනවා ලංකාවේ ඉන්න කාටත් අපිව රෙකමන්ඩ් කරනවට වගේම අපෙන් දිගටම කෑම ඕඩර් කරනවට.

🍀Chicken biryani
🍀Vegetables pilau
🍀Vegetables soup

0768227133 ඕඩර් කරන්න අපිට කතා කරන්න

#බිර්යානි
#වටලප්පන්
#බිරියානි

මාදිවෙලට ගියපු වටලප්පන් 🤎හකුරු විතරක්ම දාපු රසම රස වටලප්පන් ඕඩර් කරන්න අපිට කතා කරන්න 0768227133   #වටලප්පන් #වටලප්පම්
24/10/2025

මාදිවෙලට ගියපු වටලප්පන් 🤎

හකුරු විතරක්ම දාපු රසම රස වටලප්පන් ඕඩර් කරන්න අපිට කතා කරන්න 0768227133



#වටලප්පන්
#වටලප්පම්

Order from Qatar 🇶🇦 Delivered to Mount LaviniaFrom Son to Mother 🍀 Hydrabad Mutton Biryani Fried chicken Malay pickleMal...
23/10/2025

Order from Qatar 🇶🇦 Delivered to Mount Lavinia

From Son to Mother

🍀 Hydrabad Mutton Biryani
Fried chicken
Malay pickle
Maldives fish fry
Green peas curry
Gravy
Raitha
Watalappan

Contact us to place your orders 0768227133

Mother requested a toy Jeep topper cake for her teenage son’s birthday.Perfectly color blended 1.5kg buttercream cakeCon...
22/10/2025

Mother requested a toy Jeep topper cake for her teenage son’s birthday.

Perfectly color blended 1.5kg buttercream cake

Contact us to place your orders 0768227133





#කේක්

No soil, sunlight or waterBecause these lavenders bloomed in my cake garden Buttercream lavenders and Elderberry N grass...
21/10/2025

No soil, sunlight or water
Because these lavenders bloomed in my cake garden

Buttercream lavenders and Elderberry N grass wreath on top for a violet lover 💜💜💜

Contact us to place your orders 0768227133



#කේක්


Address

Colombo

Opening Hours

Monday 10:00 - 19:00
Tuesday 10:00 - 19:00
Wednesday 10:00 - 19:00
Thursday 10:00 - 19:00
Friday 10:00 - 19:00
Saturday 10:00 - 19:00
Sunday 10:00 - 19:00

Telephone

94768227133

Website

Alerts

Be the first to know and let us send you an email when Sweets World posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share