25/04/2023
# කළු කුමාරයා✴️
කාන්තාවන් ට බැල්ම හෙලන කළු කුමාරයාගේ උප්පත්තිය ගැන විවිධ කතාන්දර තියෙනවා. සමහර අය කියන විදියට, ඔහු ඉපදිලා තියෙන්නේ ඉන්දියාවේ. මාළිගාවක ඉඳපු කුමාරිකාවකගේ පළමු මල්වරයේ කිළිටි රෙද්දක් දැකපු නිසා, ඇය වෙත ආදරය කරන්නට ඔහු පෙළඹිලා තියෙනවා. ඒත් ඒ ආදරය නොලැබුණු නිසා සිය දිවි නසාගත්ත ඔහු, කළු කුමාරයා නම් යක්ෂයෙක් විදියට උපත ලබාපු බව කියැවෙනවා.
ජනප්‍රවාදයේ තවත් තැනක කියන විදියට නම්, කළු කුමාරයාගේ නිජබිම ලංකාවයි. අනුරාධපුර යුගයේ ඉඳපු පුවෝතල රජතුමා දරුවන් නැති දුකෙන් පසුවුණු කෙනෙක්. ඔහුට දාව, අනියම් බිසවකට දරුවෙක් ලැබෙන්නේ මේ අතරේදීයි. “නීල මදන කළු කුමාර” කියන නම ඔහුට ලැබුණා. වයසෙන් වැඩෙද්දී බොහොම ශක්ති සම්පන්නක් වුණු මේ කුමාරයා, සොළී ආක්‍රමණවලට එරෙහි සටන් කරන්නත් පෙළඹුණා. සොළීන් පැහැරගෙන ගිය තරුණ දරුවන් දෙදෙනෙක් සොයා යන්න ඉදිරිපත් වුණු ඔහු, වැරදීමකින් සොළී රටේ ස්ත්‍රීන් විතරක් ඉන්න ප්‍රදේශයකට ගියා. ඒ කාන්තාවන් අතින් මරුමුවට පත්වෙන්න ඔහුට සිදුවුණේ හරිම අවාසනාවන්ත විදියට. ගැහැණුන් අතින් මරණයට පත්වෙලා මියයන්න වීමේ කේන්තිය නිසා, “කළු කුමාරයා”” යන යක්ෂ වේශයෙන් ඔහු උපත ලබා තියෙනවා.
නාන ළිං තොටවල, පීල්ල ළඟ, රූස්‌ස ගස් ළඟ, කිරිගස්‌යට, මංසැල වල, රදා තොටුපල, හා පාළු ගෙවල් ආදී තැන්වල තමයි මොහු වැඩිපුරම ගැවසෙන්න ප්‍රිය කරන්නේ. ඔසප් වීම අක්‍රමවත් වීම, හිටි හැටියේ දරුවන් ගබ්සා වීම වගේ දේවල් වුණාම, ගැමියන් සැළකුවේ ඒ කාන්තාවට කළු කුමාර දිෂ්ටිය වැටිලා ඇති බවයි.