KLS Traders

Directions

KLS Traders ගුණාත්මක බඩු සාදාරණ මිලට
(1)

22/10/2026

පැන්ඩා බේබි එකේ රෙප් මහත්තය හදල එව්වෙ❤️

😁
20/10/2026

😁

එහේ 600 එක මෙහේ 500යි
19/10/2026

එහේ 600 එක මෙහේ 500යි

ලණු කුඩු ලණු කැට රුපියල් 50ක් අඩුවෙන්😉😁
18/10/2026

ලණු කුඩු ලණු කැට රුපියල් 50ක් අඩුවෙන්😉😁

❣️
18/10/2026

❣️

මගෙ අකුරු ලස්සනයි ද?
09/10/2026

මගෙ අකුරු ලස්සනයි ද?

මුල ඉදන්ම අපේ ව්‍යාපාර වෙනුවෙන්🥰
05/10/2026

මුල ඉදන්ම අපේ ව්‍යාපාර වෙනුවෙන්🥰

මිනිරන් කූරු උල් කරලා හදපු පැන්සල් වලිං මිනිස්සු සියවස් ගාණක් තිස්සෙ ලේඛන කටයුතු කලා. ඒ පැන්සල් වලිං ලියවෙන වරදින දේවල් මකන්න රබර් මකන පාවිච්චි කලා. ඉතිහාසයේ එක්තරා අපූරු දවසක මිනිරන් කූරු පැන්සලේ පිටිපස්සෙං රබර් මකනය ගහලා අපි ඉස්කෝලෙ ගෙනිච්ච පිටිපස්සෙ රබර් මකනෙ තියෙන පැන්සල හදන්න මනුස්සයෙක් නිර්මාණශීලී වුනා.

දවල්ට ඉතුරු වෙන ගෝදම්බ රොටී වලට ඉතුරු වෙන එළවලු මස් ටිකක් දාලා කොත්තු රොටී කියලා ලංකාවෙ මිනිස්සු දශක ගාණක් තිස්සේ කෑමට භාවිතා කලා.

ඒ කොත්තු රොටිය ග්‍රෑන්ඩ් මීල් එකක් කරන්න, දවල්ටත් කන ලක්ශරි food item එකක් කරන්න අපේ පුංචි උත්සාහයන් ඇතුළේ අපිට පුලුවං වුනා.

ක්ලාස් යන කැම්පස් යන කොල්ලො කෙල්ලොංට බර්ත්ඩේ පාටියකට වුනත් පරිස්සමට ඇවිත් පිරිසිදුවට ඕඩර් කරලා බෙදාගෙන කන්න පුලුවං "එක්ස්පීරියන්ස්" එකක් නිර්මාණය කරන්න අපිට පුලුවං වුනා.

ඒවා කිසිම තේරුමක් නැති පුංචි දේවල් වෙන්න පුලුවං. ඒත් ව්‍යාපාරයක් කරන්න, මේ ගෙන්දගම් පොළොවෙ ගේමක් ගගන්න අපි ගහපු අරගලය ඇතුළෙ රටක කෑම සංස්කෘතියට එහෙම බලපෑමක් ඇති වුනා කියන එක අපිට මහමෙරක් වටිනවා.

ආයි ආයි අමුතුවෙං කියන්න ඕනෙ නෑ. එහෙම අමාරුවෙං හදපු ව්‍යාපාර ජාලයක් අපේම අඩුපාඩු වලිං බිමටම සමතලා වුන වෙලාවක් පසු කෙරෙමින් තියෙන්නෙ.

ඒ අතරෙදි අපි වගේ අමාරුවෙං ගොඩ නැගුන මිනිස්සු, ව්‍යාපාර සම්පූර්ණයෙන් අතුගෑවිලා යනවට අකමැති, ආදරණීය මිනිස්සු එකා දෙන්නා අපේ කඩ වලට ගොඩ වෙලා කොත්තුවක් රයිස් එකක් කන්න පටං ගන්නවා.

බිංදුවෙ ඉඳං පටං අරගෙන ව්‍යාපාර ජාලයක් ගොඩ නගන එක මහ අමාරු වැඩක් කියල මම හිතාගෙන හිටියෙ. ඒත් බිමටම සමතලා වෙලා ගිය ව්‍යාපාරයක් අළු දූවිලි පිහදාලා යළි නැගිට්ටවන එක ඊටත් වඩා අමාරුයි කියන එක දැන් තේරුම් ගනිමින් ඉන්නවා.

ඒත් වෙන විකල්ප නැහැ. දශක හතරක් වෙන ජීවිතේ වගා කරන්න, රෙදි පිළි හදන්න, වාහන, මැශින් හදන්න හරි වෙන කිසිම ව්‍යාපාරයක් මම ඉගෙන ගෙන නැහැ. තාත්තාගෙ කොත්තු කරත්තෙ ඉඳලා මේ වෙනකංම මම දන්නෙ රසට පිරිසිදුවට රයිස් එකක් කොත්තුවක් හදලා මිනිස්සුන්ට කන්න දීලා ලාභයක් ගන්න විතරයි. ඉතිං ඒක මට ආපහු කරන්න වෙනවා.

එකම පාරක ආපහු යනකොට කලිනුත් පහු කරගෙන ගිය සමහර දේවල් ආපහු පහු වෙනවා. ඒ සමහර දේවල් ආත්මීය මිහිරකුත් තව සමහර දේවල් වේදනාත්මක මිහිරකුත් ඇති කරනවා.

ඒ හැම දෙයක්ම පහුකරගෙන මම ආයිමත් වතාවක් කලින් ගිය පාරෙම අඩු පාඩු හදාගෙන ගමන පටං ගන්නවා.❤️

02/10/2026

Address

Akuressa
81400

Website

Alerts

Be the first to know and let us send you an email when KLS Traders posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category