05/11/2026
🍹 බබාගේ මහන්සිය නිවාලා
දවසටම අලුත් ශක්තියක් දෙන්න පුළුවන් පෝෂණීය බීමක්🍹
ප්‍රෙසස් නැති සීනි නැති, ගෙදරම හදාගන්න පුළුවන් මේ බීම එක බබාගේ ශක්තිය වැඩි කරන්නත්, සෞඛ්‍යාරක්ෂිතව බර වැඩි වෙන්නත් ගොඩක් උදව් වෙනවා.
අද අපි බලමු මේක ලේසියෙන්ම හදාගන්නේ කොහොමද කියලා.
අවශ්‍ය ද්‍රව්‍ය:
🍌කෙසෙල් ගෙඩියක්
🥜 පීනට් බටර් (Peanut Butter) තේ හැන්දක්
රටඉදි ඇට ඉවත් කරගත් ස්වල්පයක්
🥛 ෆ්‍රෙශ් මිල්ක් (Fresh Milk) කෝප්පයක්
🥄 පිරිසිදු එළඟිතෙල් (Ghee) තේ හැන්දක්
සාදාගන්නේ කෙසේද?
👉 ගත්තු සියලුම ද්‍රව්‍ය බ්ලෙන්ඩර් ජග් එකට දමා, හොඳින් ස්මූත් (Smooth) වන තුරු හොදින් බ්ලෙන්ඩර් කරගන්න.
පීනට් බටර්, රටඉදි සහ ගිතෙල් නිසා මේ බීම එකට ස්වභාවික පැණි රසයකුත්, සිරුරට අවශ්‍ය හොඳ මේද හා අමතර ශක්තියකුත් එකතු වෙනවා. සෙල්ලම් කරලා නසරි ස්කූල් ගිහින් මහන්සි වුණාම බබාට බොන්න දෙන්න නියම බීමක් මේක.
බබාට කොන්සට් නිසා මේ දවස්වල අපේ ගෙදර නිතරම හැදෙනවා මේක.
හොදම රට ඉදි Nutri Kid පේජ් එකෙන්.
සීනි නැති පීනට් බටර්,ගිතෙල් Leon's haven පේජ් එකෙන්.
ස්මූති මග් එකනම් පුංචිගෙන් තෑග්ගක් .තැම්කූ බබාගේ පුංචී.
#අම්මිත්සතුටින්බබත්සතුටින්