23/10/2026
සුන්දර සිකුරාදාව,
පුංචි මහත්තයා ආසම විදියට බොරේට හින්දපු ඉස්සෝ කරිය එක්ක පොල් සම්බෝල විතරක් හදන්න හිතන් උන්නාට මොකද වැඩ නිමවෙද්දි ජාති ජාති ගොඩායි.
එයැයි ආසම, කවදත් හැදෙන සුදු පරිප්පුවත් හදන්ට ඕනැයි හිතුණේ කාලෙකින් ලැබුණු රම්පේ කොළ හින්දමයි.
ඊයේම, බටු මෝජුවක් නම් ඕනැමයි කියලා ඉහළින් ආව ඉල්ලීමට සාධාරණයක් කරන්නට හිතාන බටු ටිකත් දඩිබිඩියේ කපා ගත්තේ පරිප්පුව ඉදෙන අතරේදීමයි.
තක්කාලි, ළූණු මිලදී ගන්නකොට පුළුවන් තරම් පොඩි ගෙඩි ගන්ටැයි නිතරෝම කියන්නේ ලොකු ලොකු ගෙඩි කපලා කරල ඉතුරු වෙන කෑලි තියාගෙන පරණ කරන්න ඕනා නැති හින්දමයි. කියන්න සන්තෝසයි, මෙතනටත් ඒ තියරියම දාලා, තිබ්බ පුංචිම පුංචි බටු කරල් තමා ඒයැයි උස්සන් ඇවිත් තිබ්බේ 🙆. බටු ටික කපා ගන්නම පැයක් හමාරක් ගතවුණා ඉතින්🫢😋.
දුම් දාන බත් එක්ක තාත්තලා පුතාලා වෙනදාටත් වඩා වේලාසනම උදේ දවල් දෙකටම හරියන්න වග කිව්වා 😛.