07/10/2022
ඔන්න කාලෙකට පස්සේ අපි ඊශ්‍රායල් දැනුම් ගෙනාවා..
පලතුරු ලෝකයේ දක්නට ලැබෙන සෞඛ්‍යදායක බවෙන් ඉහළ ම පලතුරක් ලෙස සැලකෙන දෙළුම් තුළ අනෙක් පලතුරු හා සම කළ නොහැකි,
සිරුරට ඉතාමත් හිතකර සංයෝගයන් අඩංගු වෙනවා. විද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරු වී ඇත්තේ දෙළුම් ආහාරයට ගැනීම මගින් බොහෝමයක් රෝග ඇති වීම වළක්වා ගත හැකි බව යි.
දෙළුම් ගෙඩියක් තුළ සැඟවුණු ගුණ ගැන තොරතුරු යි මේ.
01.පෝෂ්‍යදායී දෙළුම්
තන්තු : ග්‍රෑම් 7
ප්‍රෝටීන් : ග්‍රෑම් 3
විටමින් C : දෛනික අවශ්‍යතාවයෙන් 30%
විටමින් K : දෛනික අවශ්‍යතාවයෙන් 36%
ෆොලේට් : දෛනික අවශ්‍යතාවයෙන් 16%
පොටෑසියම් : දෛනික අවශ්‍යතාවයෙන් 12%
සීනි : ග්‍රෑම් 24
කැලරි : 144
02.ප්‍රබල ශාක සංයෝග ද්විත්වයක්
පලතුරුවල කලාතුරකින් දක්නට ලැබෙන ප්‍රබල ශාක සංයෝගයන් ද්විත්වයක් වන පුනිකැලජින්ස් සහ පියුනිසාක් අම්ලවලින් දෙළුම් පරිපූර්ණ යි. අතිශය ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන පුනිකැලජින්ස්, දෙළුම් යුෂවල සහ පොත්තේ බහුල වශයෙන් අඩංගු වෙනවා. එය කොතරම් ප්‍රබල ද කිවහොත් රතු වයින් හෝ හරිත තේවල අඩංගු ප්‍රතිඔක්සිකාරක බව මෙන් තුන් ගුණයකින් යුතු යි.
03.පිළිකාවට එරෙහි ව දෙළුම්
පිළිකාවට එරෙහි ව සටන් වැදීම සඳහා විශාල දායකත්වයක් ලබා දෙන පියුනිසාක් අම්ලය ද අඩංගු වන්නේ දෙළුම් ඇටවල යි. මේ නිසා ම පිළිකා නාශක ඖෂධ නිෂ්පාදනය සඳහා දෙළුම් ඇට මගින් ලබා ගන්නා තෙල් යොදා ගනු ලබනවා.
04.අධි රුධිර පීඩනයට සහ හෘදයාබාධ අවධානම අඩු කිරීමට දෙළුම්
හෘදයාබාධ ඇති කිරීම සඳහා ප්‍රබල දායකත්වයක් ලබා දෙන සාධකයක් ලෙස අධි රුධිර පීඩනය හඳුන්වා දිය හැකි යි. දිනෙකට දෙළුම් යුෂ අවුන්ස 5 බැවින් සති 2 ක් පානය කිරීම මගින් ඖෂධ භාවිතයකින් තොර ව අධි රුධිර පීඩනය අවම කර ගත හැකි බව පර්යේෂණ මගින් පෙන්වා දී තිබෙනවා.
05.දෙවැනි වර්ගයේ දියවැඩියාව පාලනය කරනයි
එසේ ම දෙළුම් යුෂ මගින් දෙවැනි වර්ගයේ දියවැඩියාව පාලනය කරන අතර ම හෘදයාබාධ ඇති වීම සඳහා දායක වන LDL කොලෙස්ටරෝල් අඩු කිරීම ද සිදු කරනවා.
06.ඔබත් සන්ධිප්‍රදාහයෙන් පීඩා විඳිනවා ද?
බොහෝමයක් වයස්ගත උදවිය පීඩා විඳින රෝගයක් තමයි, සන්ධිප්‍රදාහය. එහි විවිධ ස්වරූප පැවතුණ ද වඩාත් සුලබව දක්නට ලැබෙන්නේ සන්ධි ආශ්‍රිතව හට ගන්නා ඉදිමුම සහ දැවිල්ල යි. දෙළුම්වල අඩංගු වන ශාක සංයෝග මගින් සන්ධිප්‍රදාහය සමග පැමිණෙන දැවිල්ල අවම කිරීම සඳහා ඉහළ දායකත්වයක් ලබා දෙනවා.
එසේ ම පර්යේෂණයන් මගින් පැහැදිලි වී ඇත්තේ සන්ධිවලට හානි සිදු කරමින් අස්ථි සන්ධිප්‍රදාහය ඇති කිරීම සිදු කරන එන්සයිම නතර කිරීම සඳහා දෙළුම් සාරය යොදා ගත හැකි බව යි.
07.සුපිරි මතකයක සහ සවිමත් සිරුරක රහස
දෙළුම් යුෂ සහ ඇට මගින් මතකය වර්ධනය කරන බව මෑත කාලීන පර්යේෂණ මගින් තහවුරු වී තිබෙනවා. අමතක වීමේ රෝගයෙන් පෙළුණු වැඩිහිටි පුද්ගලයන් 28 දෙනෙකුට දිනපතා දෙළුම් යුෂ අවුන්ස 8 බැගින් ලබා දෙමින් සිදු කරන ලද පර්යේෂණයකින් පෙනී ගොස් ඇත්තේ ඔවුන්ගේ ශ්‍රව්‍ය සහ දෘශ්‍ය මතකයන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව යි.
08.දෙළුම්වලට සම පැහැපත් කිරීමේ ගුණයක් ඇත.
විශේෂයෙන් අපේ අම්මලා කුඩා දරුවන්ට දෙළුම් යූෂ පානයට දෙන්නේ මේ හේතුව නිසා විය හැකිය.