Preminda's Bee Farm

  • Home
  • Preminda's Bee Farm

Preminda's Bee Farm About Us
Welcome to Preminda's Bee Farm! Beekeeping Equipment: Providing tools and equipment that make beekeeping safe and rewarding.
(2)

ස්වභාවධර්මයේ ඖෂධීය දායාදය- පළු, වීර, කොහොඹ, සියඹලා සහ වනමල් ඇතුලු මල් පැණියෙන් පිරිපුන් අපගේ මී පැණි 🍯 මී මැස්සන් සුරකිමින්, තිරසාර ලෙස අස්වැන්න නෙළාගන්නා ගොවිපලකි. එන්න අප හා අත්වැල් බැඳගන්න. මී මැස්සන් ගැන දැනුම සොයන ඔබට අපෙන් සුහද ආරාධනා! 🐝🌿🌞 Preminda's Bee Farm වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!

ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ වීරවිල ප්‍රදේශයේ පිහිටා ඇති Preminda’s Bee Farm තිරසාර මීමැසි පාලනය සහ පිරිසිදු,

ස්වභාවික මී පැණි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනය සඳහා කැපවී ඇත. අපේ මී මැස්සන් වීරවිල, බූන්දල සහ අවට රක්‍ෂිත වනාන්තරවල මල්, ඖෂධ පැළෑටි සහ කොහොඹ ගස්වල මල්, ගෙඩි සහ ශාඛ පත්‍ර හි පැණි හා යුෂ ආහාරයට ගන්නා අතර, අපගේ කලාපයේ වනාන්තරවල සුන්දරත්වයේ සාරය සැබවින්ම ග්‍රහණය කර ගනිමින් මී පැණි නිශ්පාදනය කරයි. ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ වීරවිල ප්‍රදේශයේ පිහිටා ඇති Pරෙමිඳ'ස් Bඒ Fඅර්ම් තිරසාර මීමැසි පාලනය සහ පිරිසිදු, ස්වභාවික මී පැණි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනය සඳහා කැපවී ඇත. අපේ මී මැස්සන් වීරවිල, බූන්දල සහ අවට රක්‍ෂිත වනාන්තරවල මල්, ඖෂධ පැළෑටි සහ කොහොඹ ගස්වල මල්, ගෙඩි සහ ශාඛ පත්‍ර හි පැණි හා යුෂ ආහාරයට ගන්නා අතර, අපගේ කලාපයේ වනාන්තරවල සුන්දරත්වයේ සාරය සැබවින්ම ග්‍රහණය කර ගනිමින් මී පැණි නිශ්පාදනය කරයි. Preminda’s Bee Farm හි නිර්මාතෘ වන මම, ශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන උපාධිය (BSc in B.Admin.) මැලේසියාවේ Asia e University වෙතින් MBA උපාධිය සහ මූල්‍ය පිළිබඳ MSc උපාධිය ලබා ඇත. මීමැසි පාලනය සඳහා ගැඹුරු කැපවීමකින් කටයුතු කරන මම, එක්සත් රාජධානියේ රාජකීය විවෘත විද්‍යාලයෙන් මීමැසි පාලන න්‍යායන් පිළිඹද පාඨමාලාව මාර්ගගතව සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් මී මැසි පාලනය පිළිබදව න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණුවක් ලබා ඇත. මී මැස්සන්ගේ රැකවරණය සහ තිරසාර මී පැණි පාලනය සහ මීමැසි නිෂ්පාදන පිළිබඳ හොඳම භාවිතයන් පිළිබඳ පුළුල් දැනුමකින් මා සන්නද්ධ ව සිටිමි. Preminda’s Bee Farm හි නිෂ්පාදන සහ සේවා:

පිරිසිදු, ස්වභාවික මීපැණි:
ආසන්න වනාන්තර ප්‍රදේශවලින් අපගේ මී මැස්සන් ගෙනෙනු ලබන ඉහළම ගුණාත්මක බවින් යුක්ත මී පැණි.

මී මැසි ජනපද විකිණීමට ඇත:
වඳ වෙමින් පවතින මීමැස්සන් රැකීමේ තිරසාර අරමුණින්, ශ්‍රී ලංකාවේ මීමැසි පාලනයේ වර්ධනයට සහාය වෙමින්, තමන්ගේම මී මැසි ගොවිපළක් ආරම්භ කිරීමට හෝ පුළුල් කිරීමට කැමති අය සඳහා අපි ශක්තිමත් මී මැසි ජනපද පිරිනමන්නෙමු.

මීමැසි පාලන උපකරණ:
මීමැසි පාලනයෙහි නිරතවීම සදහා ආරක්‍ෂිත මෙවලම් සහ උපකරණ සැපයීම.
උපදේශනය සහ පුහුණුව:
න්‍යාය සහ භාවිතය යන දෙකෙහිම පදනමක් ඇතිව, ආධුනික සහ පළපුරුදු මීමැසි පාලකයන්ට එකසේ මඟ පෙන්වමු.

ආරක්‍ෂිත මී මැසි ජනපදය ඉවත් කිරීම:
අවදානම් සහිත ප්‍රදේශවලින් ජනපද ඉවත් කිරීම සහ පෙට්ටිගත කිරීම.

අප සමඟ ස්වභාවධර්මයේ මායාව අත්විඳින්න!

ස්වභාවධර්මය සමඟ සම්බන්ධ වීමට සහ මී මැස්සන්ගේ සිත් ඇදගන්නාසුළු ලෝකය ගවේෂණය කිරීමට මාගේ ගොවිපල ඔබට ආරාධනා කරමි. මාගේ මී මැසි නිෂ්පාදන, මීමැසි පාලන වැඩමුළු සහ තවත් දේ පිළිබඳ යාවත්කාලීන සඳහා Preminda’s Bee Farm අනුගමනය කරන්න! Nestled in Sri Lanka’s breathtaking southern province, Preminda's Bee Farm is dedicated to sustainable beekeeping and the production of pure, natural honey. Our bees forage the flowers, herbs, and Margosa trees of the Weerawila, Bundala, and other nearby reserve forests, creating honey that truly captures the essence of our region’s wild beauty. Founder, Preminda De Silva, holds a BSc in Business Administration from the University of Sri Jayawardenepura, Sri Lanka, an MBA, and an MSc in Finance from Asia e University, Malaysia. With a deep commitment to beekeeping, he has also completed the Theory of Beekeeping course from the Royal Open College in the UK, equipping him with extensive knowledge of best practices in bee care and sustainable honey production. Products & Services:

Pure, Natural Honey: Carefully harvested from our bees in pristine forest areas, our honey is unprocessed and of the highest quality. Bee Colonies for Sale: Supporting beekeeping growth in Sri Lanka, we offer strong bee colonies for those passionate about starting or expanding their own bee farms. Counselling & Training: With a foundation in both theory and practice, we guide new and experienced beekeepers alike. Safe Bee Colony Removal: Expert removal of colonies from risky areas, ensuring safety and preservation. Experience the Magic of Nature with Us! My farm invites you to connect with nature and explore the fascinating world of bees. Follow Preminda's Bee Farm for updates on my honey offerings, beekeeping workshops and more!

🟥👁️  ඔබ දැක තිබේද පිරිමි මී මැස්සාගේ ඇස් සහ මෙහෙකාර මැස්සියගේ ඇස් අතර වෙනසක්? 🟥 පිරිමි මැස්සාගේ ඇස් පුලුල් පරාසයක් (wide...
07/06/2026

🟥👁️ ඔබ දැක තිබේද පිරිමි මී මැස්සාගේ ඇස් සහ මෙහෙකාර මැස්සියගේ ඇස් අතර වෙනසක්?

🟥 පිරිමි මැස්සාගේ ඇස් පුලුල් පරාසයක් (wide angle) පෙනෙන ලෙස විශාලවයි නිර්මාණය කර තිබෙන්නේ. ඒවගේම මෙහෙකාර මැස්සියගේ එසේ පිලුල් පරාසයක් පෙනෙන්නට නොව කුඩාවටයි ඇස් පිහිටා තිබෙන්නේ.

මී මැසි ජනපදයක දෙස මෙන්න මේ මම ඉහත කියූ කාරණාව හොදින් නිරීක්ෂණය කලහොත් ඔබටත් පෙනේවි. පිරිමි මී මැස්සාගේ/ Drone Beeගේ ඇස් දෙක මෙහෙකාර මැස්සියකගේ ඇස් වලට වඩා දෙගුණයකටත් වඩා විශාලයි සහ ඒවා හිස මුදුනෙන්ම එකිනෙකට යා වෙලා සහ පුළුල් පරාසයක් (Wide angle) පෙනෙන ලෙසටයි (ස්වභාවධර්මය විසින්) නිර්මාණය කර තිබෙන්නේ. මේ විශේෂත්වය මී මැස්සන් විතරක් නෙවෙයි, දඩුවල් පිරිමි මැස්සන්, බඹර පිරිමි මැස්සන් සහ කනෙයි පිරිමි මැස්සන් ගෙත් අපට දැකගන්න පුළුවන්.

🟥 එහෙනම්, ඇයි පිරිමි මැස්සාට විතරක් මෙච්චර ලොකු ඇස් දෙකක්? ප්‍රශ්ණයක්නේ 🤔

පිරිමි මැස්සාගේ ජීවිතයේ එකම සහ ප්‍රධානතම රාජකාරිය වෙන්නේ "කන්‍යා රැජිනන්" සමඟ අහසේදී සංසර්ගයේ යෙදීමයි. ඉහළ අහසේ ඉතාමත් වේගයෙන් පියාසර කරන කන්‍යා රැජිනකගේ පසුපස හඹා ගොස් පියාසර කර්න ගමන් ඇයව අල්ලාගෙන සංසර්ගයේ යෙදෙන එක එහෙසි පහසු වැඩක් නෙවෙයි. ඉති එයාව සොයාගෙන වැඩේ කරගන්න නම්, පිරිමි මැස්සාට අතිශය තියුණු සහ පුළුල් පරාසයක පෙනීමක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවාමයි. බෙල්ල කරකව කරකව හිටියොත් කෙල්ල හොයාගන්න වෙන්නේ නෑ. ඒ නිසා ඔවුන්ගේ සංයුක්ත ඇස්වල කාච 8,000 - 10,000ක් අතර පමණ ප්‍රමාණයක් පිහිටා තිබෙන්නේ මේ නිසයි.

🟥 හරි එහෙනම්,

මෙහෙකාර මැස්සියන්ට මේ පෙනීම අවශ්‍ය නැත්තේ ඇයි? එයත් ලොකු ජොබ් එකක් කරනවනේ. අනික පිරිමියට එක ජොබ් එකක් උනාට එයාට හුගාක් වැඩ තියෙනවනේ. නමුත්, මෙහෙකාර මැස්සියන්ගේ ඇස් පිරිමි මැස්සාගේ ඇස් තරම් විශාල නැහනේ. ඒකට හේතුව තමයි ඔවුන්ට අහසේ වේගයෙන් යන රැජිනන් හඹා යාමට අවශ්‍ය නැහැ. ඒ වගේම ඔවුනට විශාල වශයෙන් ඇස් වෙහෙසා සොයාගෙන කරන ජොබ් නැහැ. උදා: ඔවුන් පරාග හෝ පැණි සෙවීමට යාමට පෙර, ජනපදයේ සිටින වෙනත් මෙහෙකාර මැස්සියන් පැමිණ අපූරු නැටුමකින් ආහාර තිබෙන නිශ්චිත ස්ථානය, දුර සහ දිශාව සිතියමක් වගේ කලින්ම පෙන්වා දෙනවා.එතකොට මෙහෙකාරියන් යන්නේ කලින්ම තීරණය කරගත්තු, තමන් දන්නා නිශ්චිත ඉලක්ක කරා විතරයි. ඇස් මහන්සිකරමින් හොයන්න දෙයක් නෑ. ජනපදය ඇතුළත කරන රාජකාරීනුත් කලින්ම තීරණය වුණු ස්ථානවල සිදුවන නිසා ඇස් වෙහෙසවමින් අලුත් ඉලක්ක සොයන්න ඔවුන්ට අවශ්‍ය වෙන්නේ නැහැ.

👉 බිගු ලෝකයේ මේ ප්‍රබල රහස ශ්‍රම විභජනය සහ ජීවීන්ගේ ශරීරාංග නිර්මාණය කර ඇති ආකාරය ඇත්තටම පුදුමසහගතයි නේද?

🙏 මේවා ඉබේ පහල වෙච්ච දේවල් නෙවෙයි. සියල්ල සැලැස්මකටයි කරල තියෙන්නේ. මහා බ්‍රහ්මයා/ GOD/ දෙවියෝ හෝ මොනයම් හෝ කෙනෙක් නැහැයි කියලා කෙනෙකු සිතනවා නම්, මෙන්න සාක්ෂි.

⭐ "සුලග හමන්නේ කොයි සිටදැයි අප දන්නේ නෑ, එය අපට පෙනෙන්නෙත් නෑ. නමුත් අපට එය දැනෙනවා"
මේක අප්‍රිකනු කියමනක්. ❤️🙏

✨ මී මැසි පාලනය සහ මී මැස්සන්ගේ මේ වගේම රසවත් රහස් තොරතුරු තව තවත් දැනගන්න නම්, අපේ Preminda's bee farm පිටුව සමඟ දිගටම රැඳී සිටින්න.

Preminda's bee farm ✍️

#මීමැසිපාලනය #මීමැස්සෝ #මීමැසිඇස්

07/06/2026

මා විසින් තවත් කනෙයි බිගු ජනපදයක් පෙට්ටිගත කලා. ඇත්තෙන්ම කනෙයියන් යනු ඉතාම අහිංසක කෘමියෙක්. මෙයාට අපි විත රහිත මී මැස්සන් කියලත් කියනවා. ඉංග්‍රීසියෙන් මෙයාලව Stringless bees කියල කියන්නෙත් ඒ විත රහිත නිසයි. බොහෝ අය වරදවා වටහාගෙන ඉන්න තැනක් තමයි මේ කනෙයියන් පහර දෙනවාය කියන එක. ඒක අමූලික බොරු මතයක්. මම මේ ආරක්ෂිත ඇඳුම පැළඳගෙන ඉන්නේ, මෙයාල පහර දින නිසා නෙමෙයි, මෙයාලා කන වටේ කැරකෙනවා කනට රිංගන්න හදනවා. එය ඇරුණු කොට මෙයාලා පුංචි හපා කෑමක් කරනවා. මේව ඇත්තටම කරදර නෙමෙයි, නමුත් මෙයාල ඇවිල්ලා හිසකෙස් වල ශරීරයේ සහ කනේ ඇලෙනවා. ඒක පෙට්ටිගත කිරීමේදී බාධාවක් වන නිසා තමයි මම ආරක්ෂිත ඇඳුමක් ඇන්දේ. ඒ නිසා කරුණාකරලා මේ කනේ බිඟු ජනපද විනාශ කරන්න එපා. මෙයාලා හරි අහිංසකයි. ඇත්තෙන්ම මම මෙයාලා පෙට්ටියකට ගත්තේ ඒ pvc බටය ඇතුලෙ මෙයාලට ඉඩකඩ සීමිත නිසා...මෙයාලට ලොකු ඉඩක් ලබා දෙන්න අවශ්‍යයි, කියලා මට හැඟුණු නිසයි.

#කනෙයි #තිරසාරමීමැසිපාලනය #මීමැසිපාලනය #තිස්සමහාරාම #තිරසාරමීමැසිපාලනය

🟥  මී මැසි විෂ ගැන ශ්‍රී ලංකා සමාජයේ සමහර අය අතර ඇති මිථ්‍යාමත සහ එයට එදිරිවාඇති විද්‍යාත්මක සත්‍යය හෙළිදරව් කර ගනිමු. එ...
07/06/2026

🟥 මී මැසි විෂ ගැන ශ්‍රී ලංකා සමාජයේ සමහර අය අතර ඇති මිථ්‍යාමත සහ එයට එදිරිවාඇති විද්‍යාත්මක සත්‍යය හෙළිදරව් කර ගනිමු. එසේ නොමැතිව මී මැසි පාලනයක් මෙරට තුල කල නොහැක.

සමාජ මාධ්‍ය තුළ සහ අප සාමාන්‍ය සමාජයේ බොහෝ විට මී මැසි විෂ පිළිබඳ විවිධ අදහස් සහ මිත්‍යාමත අසන්නට ලැබේ. ඊයේ රාත්‍රියේ මහත්මයෙකු පවසා සිටියේ මී මැසි විෂ ශරීරයට ඇතුළු වූ පසු වකුගඩු හරහා ඉවත් වන බැවින්, මී මැසි පාලකයන්ගේ වකුගඩු නරක් වන බවකි. මම එම ප්‍රකාශයේ sceenshot එක මෙය සමග ඵල කරන්නේ එතුමා අපහසුතාවයට පත්කිරීමට නොව, මෙම දුර්මත සමාජයෙන් ඉවත්කිරීමේ අවංක අදහසිනි. (අනික ඔහු එය comment එකක් ලෙස ලියා ඇත්තේ පොදුවේ බැවින්, මා එහි screenshot එක පල කිරීම වරද නැත). මා කිසිවිටෙකත් මාගේ හිතලු ප්‍රකාශ කරන්නේ නැත. මාගේ අත්දැකීම්, මා උගත් දේ සහ විද්‍යාත්මක පසුබිම සමග සොබාදහමේ රහස් තුලින් ලැබෙන ප්‍රතිපල මත සියල්ල හෙළි කරන්නේ, මිත්‍යාව දුරලීමේ අරමුණින් යුතුවය.

🟥 මී මැසි විෂ මගින් වකුගඩු අකර්මන්‍යවී මියගිය මී මැසි පාලකයන්ගේ ලැයිස්තුවක් ඉදිරිපත් කරන ලෙස මම මෙම මත පතුරන අයගෙන් අල්ලා සිටිමි.

දැනට පවතින විද්‍යාත්මක සාක්ෂි අනුව "අනාදිමත් කාලයක් සිට මී මැසි පාලනයේ යෙදුණු මී මැසි පාලකයන් සැලකිය යුතු ප්‍රමාණයක් මී මැසි විෂ නිසා වකුගඩු අකර්මණ්‍ය වී මිය ගොස් ඇත" යන ප්‍රකාශය සනාථ කරන සාක්ෂි නොමැත.

🟥 ඇත්තෙන්ම එවැනි තත්ත්වයක් තිබුණා නම්;

👉ලොව පුරා වසර සිය ගණනක් මී මැසි පාලනයේ යෙදෙන මී මැසි පාලකයන් අතර,

▫️️වකුගඩු අකර්මණ්‍යතාවය "වෘත්තීය අවදානමක්"ලෙස හඳුනාගෙන තිබිය යුතුයි නේද?

▫️️මී මැසි පාලකයන් සඳහා විශේෂ වකුගඩු පරීක්ෂණ නිර්දේශ කර තිබිය යුතුයි නේද?

▫️️එසේම, වෛද්‍ය ඉතිහාසයේ ඒ පිළිබඳ විශාල දත්ත ප්‍රමාණයක් තිබිය යුතුයි නේද?

▫️️නමුත් එවැනි තත්ත්වයක් දැනට වාර්තා වී නැහැ නේද?

🟥 ඇත්තටම විද්‍යාත්මකව වාර්තා වී තිබෙන්නේ කුමක්ද?

👉 වෛද්‍ය ඉතිහාසය තුල වාර්තා වන්නේ:

▫️️එකවර මී මැස්සන් සිය දහස් ගණනක් දෂ්ට කිරීමමගින්,

▫️️දරුණු විෂ ප්‍රතික්‍රියාවන් ඇති වීමෙන්,

▫️️කළාතුරකින් හදිසි වකුගඩු හානි ඇති වූ රෝගීන් පිළිබද සිද්ධි වාර්තා වී ඇති බවය.

මෙය සාමාන්‍ය මී මැසි පාලකයකයන්ට වසර ගණනාවක් තිස්සේ ඉදහිට දෂ්ට කිරීම සමඟ සමාන කිරීම වගේ දෙයක් නොවේ.

🟥 විශේෂම කරුණක් නම්:

මී මැසි පාලකයන් අතර සිදු කළ සමහර පර්‍යේෂණ සහ අධ්‍යයනවලදී, දිගුකාලීනව මී මැසි දෂ්ටනයට නිරාවරණය වූ අයගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඉහළයාම් සහ සමහර ආසාත්මිකතා සදහා ඉහල ප්‍රතිචාර වාර්තා වී තිබෙනවා. ඒ කියන්නේ විද්‍යාඥයන් වැඩිපුර අධ්‍යයනය කරන්නේ මී විෂහි ඇති ප්‍රතිශක්තිකරණ හා ප්‍රදාහක බලපෑම් පිළිඹදව මිස වකුගඩු අකර්මණ්‍යතාවය මී මැසි පාලකයන්ගේ පොදු රෝගයක් ලෙස සලකා නොවේ.

විද්‍යාත්මකව බලන විට, මී මැසි විෂහි අඩංගු සංයෝග ශරීරය තුලට් පැමිණි පසු ඒවායේ අපද්‍රව්‍ය කොටස් වකුගඩු හරහා ඉවත් වීම සාමාන්‍ය ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය වන බව අපි කවුරුත් දනිමු. එසේ නමුත් යම් ද්‍රව්‍යයක් වකුගඩු හරහා ඉවත් වන බව පමණක් මූලික හේතු කොටගෙන එය වකුගඩු විනාශ කරන බව නිගමනය කිරීම නිවැරදි නොවේ. එසේනම්, අප බහුතර මිනිසුන් දිනපතා භාවිතා කරන බොහෝ බටහිර ඖෂධ, විටමින්, ආහාරවලින් ලැබෙන රසායන සංයෝග මෙන්ම අපගේ ශරීරයේ ස්වාභාවික පරිවෘත්තීය ක්‍රියාවලියේ අපද්‍රව්‍ය පවා වකුගඩු හරහාම ඉවත් වේ.

ඒ වගේම, ලෝකයේ දස දහස් ගණනක් වෘත්තීය මී මැසි පාලකයන් සියවස් ගණනාවක් තිස්සේ මෙම මීමැසි පාලන කර්මාන්තයේ නිරත වී සිටිති. සාමාන්‍ය මට්ටමේ මී මැසි දෂ්ටනයන් නිසා මී මැසි පාලකයන් අතර වකුගඩු රෝග අනිවාර්යයෙන්ම වැඩි බව පෙන්වන විද්‍යාත්මක සාක්ෂි දැනට සොයාගෙන නොමැත. එහෙත්, එකවර මී මැස්සන් සිය දහස් ගණනක් දෂ්ට කිරීම වැනි අසාමාන්‍ය හා බරපතල අවස්ථාවලදී ශරීරයට හානි සිදුවිය හැකි අතර වකුගඩු වලටද බලපෑම් ඇති විය හැකිය.

ඊටත් වඩා සිතා බැලිය යුතු බරපතල කරුණක් වන්නේ, මිනිසුන් දිනපතා භාවිතා කරන බොහෝ බටහිර රසායන ඖෂධ, එන්නත් සහ ප්‍රතිකාර ක්‍රම පවා විද්‍යාගාර තුළ නිපදවන රසායනික සංයෝග මත පදනම් වීමයි. එසේ නම්, මිනිසුන් දිනපතා භාවිතා කරන සෑම රසායනික ද්‍රව්‍යයක්ම වසක් විෂක්ම නිසා, ලෝකයේ බිලියන ගණනක් ජනතාව මේ වන විටත් ජීවත් වන්නේ කෙසේද? වැදගත් වන්නේ "රසායනික" යන වචනය නොව, එම ද්‍රව්‍යයේ ස්වභාවය සහ ගන්නු ලබන ප්‍රමාණය, භාවිතා කරන ආකාරය සහ ඒ පිළිබඳ ඇති විද්‍යාත්මක සාක්ෂි ය.

අද ලෝකයේ රටවල් රැසක මී මැසි විෂ පිළිබඳ වෛද්‍ය පර්යේෂණ තවදුරටත් සිදු කෙරෙමින් පවතී. විශේෂයෙන්ම එහි අඩංගු Melittin වැනි සංයෝගවල ප්‍රති-ප්‍රදාහක සහ ජෛව ක්‍රියාකාරී ගුණාංග පිළිබඳ විද්‍යාඥයන් විශාල උනන්දුවක් දක්වයි. මෙයින් මී මැසි විෂ සියලු රෝග සුව කරන අරුම පුදුම ඖෂධයක් යැයි කියන බවක් නොව, ස්වභාවධර්මය තුළ ඇති සමහර විෂ යැයි කියන ද්‍රව්‍ය විද්‍යාත්මකව අධ්‍යයනය කර ඉන් ප්‍රයෝජන ගනිමින් සිටී. හන්දි අමාරු, ස්නායු අමාරු සහ පිළිකා නැසීම සදහා මේ වනවිට මී විෂ බාවිතයට ගනිමින් පවතී. ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ පර්යේෂකයන් විසින් මී විෂහි අඩංගු Melittin මගින් සමහර ආක්‍රමණශීලී පියයුරු පිළිකා සෛල ඉතා වේගයෙන් විනාශ කළ හැකි බව රසායනාගාර පර්යේෂණ වලදී වාර්තා කර තිබෙනවා.

අපි විශ්වාස කළ යුත්තේ බිය, කටකතා හෝ පුද්ගලික අත්දැකීම් පමණක්ම නොව, පරීක්ෂා කර තහවුරු කළ විද්‍යාත්මක සාක්ෂි ය. මී මැසි විෂ ගැනත් එසේමය. අතිශයෝක්තියෙන් හෝ බියෙන් තොරව, සත්‍යය සොයා බලමු. මන්ද මී මැස්සන් යනු මිනිසාට මී පැණි ලබා දෙන, අපගේ ආහාර පද්ධතිය සහ පරිසර පද්ධතිය පවත්වාගෙන යාමේ ප්‍රධාන හවුල්කරුවෙක් පමණක් නොව නවීන විද්‍යාවද තවමත් සම්පූර්ණයෙන් හඳුනා නොගත් වටිනා රහස් රැසක් දායාද කර ඇති ජීවියෙකි.

Preminda's Bee Farm ✍️

යොමුවන්:
Lee, J. A., et al. (2014). Bee venom acupuncture for rheumatoid arthritis: A systematic review of randomised clinical trials. BMJ Open.

Sung, W. S., et al. (2022). Effectiveness and safety of bee venom pharmacopuncture for rheumatoid arthritis. BMJ Open.

Laurindo, L. F., et al. (2024). The therapeutic potential of bee venom-derived Apamin and Melittin conjugates in cancer treatment: A systematic review. Pharmacological Research.

Harry Perkins Institute of Medical Research (Australia) – Melittin and aggressive breast cancer research (2020).

Healthline Medical Review: Bee Venom Therapy for Arthritis.

#මීමැසිපාලනය #මීමැස්සෝ #විද්‍යාත්මකසත්‍යය #මිත්‍යාව #කටකතා #අනිසිබිය

07/06/2026

🟥 හරිම පුදුම නිරීක්ෂණ.
මට හිතෙන ආකාරයට නම් කනේයි බිඟුන් මී මැස්සන්ට වඩා බුද්ධිමත්, මීමැස්සන්ට කූඹින් ඇතුළු සතුරන්ගෙන් ආරක්ෂා වෙන්න බැරි වුනත් කනේයියන් තම ආරක්ෂාවට 100% තහවුරු කරගන්නවා. අනික රාත්‍රියට විදුලි ආලෝකයට ඇවිල්ලා අතරමං වෙන්නෙත් නෑ. දැන් මෙය පෙට්ටිගත කළේ උදේ වරුවේ, එදිනම රාත්‍රී 10.00 වන විට පෙට්ටියේ අල්ලපු කොටසට යන්න තිබිච්ච සිදුරත් සම්පූර්ණයෙන්ම ලාටු වලින් සීල් කරලා. ඒ වගේම ප්‍රධාන දොරටුවට තිබෙන සිදුර යන්තම් එක කන ඊයෙක්ට දෙන්නෙක්ට යන්න පුළුවන් ලෙසට සීමා කරලා. ජනපදයට එළියෙන් කූඹි ඇවිදින්නේ පිස්සුවෙන් වගේ. ඒ මොකද කියනවා නම් මේ ජනපදය ඇතුලට රිංග ගන්න බැරුව. නමුත් මී මැසි ජනපදයක නම් මී මැස්සන් නිතරම පලා යන තත්ත්වයන් තිබෙනවා කූඹි ජනපදයට රිංගුවම. ඉතින් කනෛයියන් කියන්නේ මේ වැස්සට වඩා හුඟාක් දුර හිතන සතෙක් 🐝❤️

#මීමැසිපාලනය #කනෙයිබිඟුපාලනය #තිස්සමහාරාම

🐝 මී මැසි රැජිනන් පාට කරන "ජාත්‍යන්තර රීතිය" ඔබ දන්නවාද? 🐝මී මැසි ජනපදයක රැජිනගේ වයස නිවැරදිව හඳුනා ගැනීම සාර්ථක මී මැසි...
06/06/2026

🐝 මී මැසි රැජිනන් පාට කරන "ජාත්‍යන්තර රීතිය" ඔබ දන්නවාද? 🐝

මී මැසි ජනපදයක රැජිනගේ වයස නිවැරදිව හඳුනා ගැනීම සාර්ථක මී මැසි පාලනයකට සහ සාර්ථක මීමැසි පාලකයෙකුට ඉතාමත් වැදගත්කරුණක්. මේ සඳහා ලෝක සම්මතයට අනුව මී මැසි රැජිනන් වර්ණ ගැන්වීම සඳහා රැජින උපන් වසරේ අවසාන ඉලක්කම මත පදනම් වූ වර්ණ 5 කින් යුත් ජාත්‍යන්තර ක්‍රමවේදයක් (International Queen Marking Code) භාවිත/ අනුගමනය කරනවා.

උදා: 2026දී උපදින රැජිනක් සදහා සුදුපාට ගාන්නේ ඇයිද බලමු. 2026හි අවසන් ඉලක්කම 6, ඉතින් අග ඉලක්කම 1හෝ 6 නම් සුදු පාට තමයි ලෝක සම්මත රැජින පාට කිරීමේ වර්ණය වන්නේ. එවිට එම රැජින අපි 2029 දැක්කත් දන්නවා ඇය උපන්නේ 2026 කියලා. ඒත් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතිං ඒ රැජිණ 2021 ඉපදුන කෙනෙක් වෙන්න බැරිද කියලා. එහෙම වෙන්න බෑනේ, රැජිනක් උපරිම ජීවත් වෙන්නේ වසර 5යි නේ.

එම ක්‍රමවේදය පහත පරිදි වේ:

🤍 සුදු පාට (White)
වසරේ අවසාන ඉලක්කම 1 හෝ 6
(උදා: 2021, 2026)

💛 කහ පාට (Yellow)
වසරේ අවසාන ඉලක්කම 2 හෝ 7
(උදා: 2022, 2027)

❤️ රතු පාට (Red)
වසරේ අවසාන ඉලක්කම 3 හෝ 8
(උදා: 2023, 2028)

💚 කොළ පාට (Green)
වසරේ අවසාන ඉලක්කම 4 හෝ 9
(උදා: 2024, 2029)

💙 නිල් පාට (Blue)
වසරේ අවසාන ඉලක්කම 5 හෝ 0
(උදා: 2025, 2030)

💡මෙම වර්ණ වල පිළිවෙළ පහසුවෙන් මතක තබා ගන්නේ කෙසේද යත්, මේ සඳහා යුරෝපීය මී මැසි පාලකයන්

"Will You Raise Good Bees?"

යන ඉංග්‍රීසි පාඨය භාවිත කරනු ලබ්නවා.

W - White (සුදු)Y - Yellow (කහ)R - Red (රතු)G - Green (කොළ)B - Bees / Blue (නිල්)

අලුත් මී මැසි දැනුම සහ නිවැරදි උපදෙස් සඳහා අපගේ පිටුව සමග දිගටම රැඳී සිටින්න!

Preminda's bee farm ✍️

#රැජිනපාටකිරීම #මීමැසිපාලනය #මීමැසිපාලනදැණුම

🟥 මී මැස්සෙක් විදලා විනාඩි කිහිපයකින් වේදනාව පහවෙලා යනවා නම්, පැය 24න්  ඉදිමුම බහිනවනම්, මොන එහෙකටද  අර ක්‍රීම්, මේ ක්‍ර...
06/06/2026

🟥 මී මැස්සෙක් විදලා විනාඩි කිහිපයකින් වේදනාව පහවෙලා යනවා නම්, පැය 24න් ඉදිමුම බහිනවනම්, මොන එහෙකටද අර ක්‍රීම්, මේ ක්‍රීම්, පුවක් ලෙලි, මී පැණියි අරවයි මේවයි.....ගාන්නේ ? අනිසි බිය නැති කරගන්න මී මැසි පාලනය කරන්න ඕනනම්....හරිය....👍❤️🐝

🟥 අනික මී විෂ හොද බෙහෙතක්...❤️

06/06/2026

අද කනෙයි‍යන් නවනිවසකට පදිංචි කිරීමේ මෙහෙයුමක්, හවසට වීඩියෝව දාන්නම්.....මේ එක චායාරූපයක් ඉන්නේ එම ජනපදයේ කනෙයි රැජිනිය. ...
06/06/2026

අද කනෙයි‍යන් නවනිවසකට පදිංචි කිරීමේ මෙහෙයුමක්, හවසට වීඩියෝව දාන්නම්.....

මේ එක චායාරූපයක් ඉන්නේ එම ජනපදයේ කනෙයි රැජිනිය.

මෙම කනෙයි බිගු ජනපදය පසුගිය ජනවාරි මස 25වන දින තමයි අම්බලන්ගොඩ සිට වීරවිලට ගෙන ආවේ...🐝❤️

#කනෙයි #බිඟුන් #තිරසාරමීමැසිපාලනය #තිස්සමහාරාම

තවත් වීඩියෝවක් නැරඹුම් වාර මිලියනය (1M views) පසු කලා. ඔයාලට බොහොම ස්තුතියි. ඇත්තෙන්ම මේක මට  සුලුපටු දෙයක් නොවන්නේ ලංකා...
06/06/2026

තවත් වීඩියෝවක් නැරඹුම් වාර මිලියනය (1M views) පසු කලා. ඔයාලට බොහොම ස්තුතියි. ඇත්තෙන්ම මේක මට සුලුපටු දෙයක් නොවන්නේ ලංකාව වගේ රටක, මීමැසි පාලනයට සහ, මේ වගේ අධ්‍යාපනික වැදගත්කමක් ඇති content වලට ලැබෙන ප්‍රථිචාර සාපේක්ෂව අඩු නිසා මෙවන් views ප්‍රමාණයක් ලැබීම සතුටට කාරණාවක් වන නිසයි. 🙏❤️❤️❤️

#තිරසාරමීමැසිපාලනය #මීමැසිපාලනය #තිස්සමහාරාම #රැජිනපාටකිරීම

06/06/2026

මේවා රජෙකුට රැජිනකට හිමිවිය යුතු වරප්‍රසාද, ඒවා නිල බලයෙන් ලැබෙන ඒවා. සෙස්සන් ඒවට ඉරිසියා කරලා වැඩක් නෑ. රජෙකුගේ රැජිනකගේ ආරක්ෂාව කියන්නේ එම සත්ත්ව ගෝත්‍රයේ වගකීමක්...

#මීමැසිපාලනය #තිරසාරමීමැසිපාලනය #තිස්සමහාරාම

Address

New Town

82615

Alerts

Be the first to know and let us send you an email when Preminda's Bee Farm posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Preminda's Bee Farm:

  • Want your business to be the top-listed Grocery Store?

Share