IDS Production

IDS Production සබ්බං පහාය ගමනීයං

ඒ භික්ෂුව නිල් අහස වගේඒ භික්ෂුව මහ සයුර වගේඒ භික්ෂුව කම්පා නොවන මහපොළොව වගේ.කිසිම සීමාවක් නැ.සීමා මායිම්වල ඉවුරු ගැලවිලා...
10/11/2026

ඒ භික්ෂුව නිල් අහස වගේ
ඒ භික්ෂුව මහ සයුර වගේ
ඒ භික්ෂුව කම්පා නොවන මහපොළොව වගේ.
කිසිම සීමාවක් නැ.සීමා මායිම්වල ඉවුරු ගැලවිලා ගිහින්.
ඒ භික්ෂුව ගෙ සිත ඇලිම්,ගැටිම්, මෝහයෙන් දුරස් වෙලා.
ඒ භික්ෂුව නිතරම හුදකලා වාසයට ප්‍රියයි.
ඒ භික්ෂුව වාද විවාද කරමින් කාලය විනාශ කරන්නෙ නැ.
ඒ භික්ෂුව අරිහත් සම්මාසම්බුදු රජාණන්වහන්සේගේ ගේ පුත්‍රයාණන් .
ඒ භික්ෂුව පිය උරුමය තුලමයි වාසය කරන්නෙ.
නිරන්තරයෙන්ම වැඩුන සතිය උන්වහන්සේ ගෙ නිවහනයි.
ඒ භික්ෂුව පියාණන් හා එක්වෙලයි වසන්නේ.
ඒ භාග්‍යවතුන්වහන්සේ ගෙ ආර්‍ය සංඝරත්නයට නමස්කාර වේවා ෴

🏵️මගඵල ලැබීමට මේ භවයේදී ම උත්සහ කිරීමේ වැදගත්කම...මේ භවයේදී උත්සාහ කළ හොත් රහත් වීමට තරම් අතීත පාරමිතාව ඇත්තෝ දැනුදු නැත...
07/11/2026

🏵️මගඵල ලැබීමට මේ භවයේදී ම උත්සහ කිරීමේ වැදගත්කම...

මේ භවයේදී උත්සාහ කළ හොත් රහත් වීමට තරම් අතීත පාරමිතාව ඇත්තෝ දැනුදු නැත යයි නො කිය යුතු ය. බොහෝ සෙයින් අර්හත්වය සඳහා වෙර වඩන්නට - දුක් ගන්නට සිත් වන්නේ තරමක් වත් අතීත පාරමිතාව ඇති සත්පුරුෂයන්ට ය.

මේ ජාතියේ රහත් වුවත් නොවූවත් රහත් වනු පිණිස වෑයම් කරන පින්වත්හු දැනුදු නැත්තාහු නො වෙති. ඔවුනතර මේ ජාතියේ දී ම රහත්වීමට තරම් හේතු සම්පත් ඇත්තෝ වෙත් නම්, ඔවුහු ක්‍රමානුකුලව භාවනාවෙහි යෙදෙන්නාහු වෙත් නම්. ඒ පින්වත්හු සව් කෙලෙසුන් නසා මේ ජාතියේදී ම රහත් ව නිවන් දක්නාහ. එසේ උත්සාහ කරන පින්වතුන්ට මේ ජාතියේදී රහත් වන්නට නුපුළුවන් වුයේ ද, ඒ උත්සාහය නිෂ්ඵල නො වන්නේ ය. එය පසු ජාතියක දී අර්හත්වය ලැබීමේ පාරමිතාව වන්නේ ය.

රහත් වීමට බලාපොරොත්තු වන පින්වතුන් විසින් අනාගත භවයන් ගැන, අනාගත බුදු සස්නක් ගැන බලාපොරොත්තු නොවී, මේ ජාතියේ දී ම රහත්වීමේ බලාපොරොත්තුවෙන් උත්සාහ කළ යුතු ය. පැළවීමට සෑහෙන තරමට මෝරා ඇති බීජය වුව ද ජලය නො ලද හොත් නො පැළ වී දිරා යන්නාක් මෙන් මේ ජාතියේ දී උත්සාහ කළ හොත් රහත් වීමට සෑහෙන පමණට අතීත පාරමිතාව ඇත්තෝ ද උත්සාහ නො කිරීම නිසා රහත් නො වෙති.

වර්තමාන භවයේ දී රහත් වීමට උත්සාහ කිරීමට චිත්ත ශක්තියක් නැති, අනාගතයේදී රහත් වීමට බලාපොරොත්තු වන පින්වතුන් විසින් ද කවදා හෝ එය සිදු කර ගත හැකි වනු සඳහා ඒ බෝධියට නිසි පාරමිතා කුශල් කළ යුතු ය. එය කළ හැකි වීමට පාරමිතා පිළිබඳ දැනුම ඇති කර ගත යුතුය. මේ පොත කියවීමෙන් පාරමිතා ගැන පිරිසිදු දැනීමක් ඇතිකර ගත හැකි ය.

( පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ පාරමිතා ප්‍රකරණය ග්‍රන්ථය ඇසුරෙනි )

01/11/2026

🙏🪷🙏

01/11/2026
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏2026 උතුම් වාම ශ්‍රී දළදා වහන්සේ ගේ කඨිණ මහා පුන්‍ය මංගල්‍යය උදෙසා  දළදා වහන්සේ විරාජමානව වැඩ සිටිනා මාළිගය...
26/10/2026

🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026 උතුම් වාම ශ්‍රී දළදා වහන්සේ ගේ කඨිණ මහා පුන්‍ය මංගල්‍යය උදෙසා දළදා වහන්සේ විරාජමානව වැඩ සිටිනා මාළිගය, නව බුද්ධ මන්දිරය සුවද මලින් සරසා තිබෙන අයුරු රැස්කල සියළුම පින් දැකබලා අනුමෝදන් වන සියළුම දෙනාට අනුමෝදන් කරමි..අනුමෝදන්ම වේවා...!!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

අයිතිය මුල් හිමිකරු සතුයි

මගේ අම්මා තාත්තාගේ ආදරය, මට ලෝකය ගැන කියාදුන් ගුරුගෙදරකි. රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ, විෂය නිර්⁣දේශයේ අකුරක් නැත...
26/10/2026

මගේ අම්මා තාත්තාගේ ආදරය, මට ලෝකය ගැන කියාදුන් ගුරුගෙදරකි. රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ, විෂය නිර්⁣දේශයේ අකුරක් නැතිව, මට ඉගැන්වූයේ අම්මා තාත්තාගේ ආදරයමය...

අති පූජනීය රාජගිරියේ අරියඥාණ ස්වාමින් වහන්සේ

💕🙏💕

පිංවත් ඔබ වර්තමානයේ සිටම ‘මහ රහතුන් වැඩි මඟ ඔස්‌සේ’ කියලා මතකයට එනකොටම, ‘සංස්‌කාරයෝ අනිත්‍යයි ‘ කියලා දකිමින් පුහුණු වෙන...
24/10/2026

පිංවත් ඔබ වර්තමානයේ සිටම ‘මහ රහතුන් වැඩි මඟ ඔස්‌සේ’ කියලා මතකයට එනකොටම, ‘සංස්‌කාරයෝ අනිත්‍යයි ‘ කියලා දකිමින් පුහුණු වෙන්න.

ඔබට මේ සටහන් තබන භික්‍ෂුව සිහිපත් වුණොත්, ඒ මොහොතේම, භික්‍ෂුවගේ රූපය මළ කඳක්‌ කොට දකින්න. ඒ මළකඳ මහපොළොවට පස්‌වෙනවා නුවණින් දකින්න. ඔබ දෙපා තබාගෙන සිටින මහ පොළොවේ පස, නුවණින් දකිමින්

සියලු සංස්‌කාරයෝ අනිත්‍යයි… අනිත්‍යයි… වශයෙන් නුවණින් මෙනෙහි කරන්න.

අතීතයේ වැඩසිටි රහතන් වහන්සේලා, රහත් උත්තමාවියන් වහන්සේලා ලක්‍ෂ ගණනකගේ දේහයන් අනිත්‍යභාවයට පත්වී සකස්‌ වුණ පස නැමැති සතර මහා ධාතුව මතයි පිංවත් ඔබ මේ මොහොතේ දෙපා තබාගෙන සිටින්නේ.

නික්‌ලේශී උතුමන්ගේ අතීත තෘෂ්ණාවෙන් හැදුන සතර මහා ධාතුව නමැති රූපය, සතරමහා ධාතුවටම එකතුකොට දීලා උන්වහන්සේලා නිවී යන්නේ, සංස්‌කාරයන්ගේ නිරෝධය නිසාමයි.

රහතන් වහන්සේලා සර්පයෙක්‌ හැව අරින්නා සේ රූපය කෙරෙහි තෘෂ්ණාව අතහැර, රූපය සතරමහා ධාතුවටම මුසුකොට නිවී යද්දී අපි තවමත් රූපය මගේ කොටගෙන සංස්‌කාරයන් රැස්‌කොට ගන්නවා.

පොහොසත් පිංවතාත් සංස්‌කාර රැස්‌කරනවා. දුප්පත් පිංවතාත් සංස්‌කාර රැස්‌කරනවා. හඬන පිංවතාත් සංස්‌කාර රැස්‌කරනවා. සිනහවෙන පිංවතාත් සංස්‌කාර රැස්‌කරනවා. සිල්වත් පිංවතාත්, දුසිල්වත් පිංවතාත් සංස්‌කාර රැස්‌කරනවා.

ලෝකය තේරුම්ගන්න බැරි අවුලක්‌ය කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ ඉහත අවුල නිසාමයි. මේ සෑම අවුලක්‌ම තම අවබෝධඥානයෙන්, ‘සියලු සංස්‌කාරයෝ අනිත්‍යයි’ කියන එකම අර්ථයට අරගෙන පංචඋපාදානස්‌කන්ධය නිශේධකොට දමන්නේ ‘රහතන් වහන්සේ’ කියන අර්ථයයි.

සංස්‌කාරයන් ගැන මේ සටහන ලියන වෙලාවේ සංස්‌කාරයන්ගේ වියරු, කටුක යථා ස්‌වභාවය ලෝකයට තම උතුම් සම්මා සම්බුද්ධ ඥානයෙන් අවබෝධකොට දේශනාකොට වදාළ ලොව්තුරා බුදුරජාණන්වහන්සේගේ සම්බුදු අසිරියෙන් බබළන රූපකාය භික්‍ෂුවට මැවිලා පෙනෙනවා. බුදුරජාණන්වහන්සේ, පටිච්චසමුප්පන්නව පිරිනිවීගොස්‌, දැනට වසර දෙදහස්‌ හයසියයක්‌ ගතවී තිබුණත්,

මෙය සටහන් තබන භික්‍ෂුව තවමත් බුදුරජාණන්වහන්සේගේ සිවුරුකොණ අල්ලාගෙන බුදුරජාණන්වහන්සේ පසුපසින් වඩින භික්‍ෂුවක්‌මයි. බුදුරජාණන්වහන්සේ ඈත්වුණේ නැහැ. ඈත්වෙලා නැහැ. බුදුරජාණන්වහන්සේගේ සිවුරුකොණ අල්ලාගෙන පසුපසින් වඩිනකොට දැනෙන සම්බුදු සිසිලස භික්‍ෂුවට තවමත් හැඟෙනවා.

බුදුරජාණන්වහන්සේගේ ගුණයන්, ඥානයන්, මහා කරුණා ගුණයන් භික්‍ෂුවට තවමත් දැනෙනවා, පෙනෙනවා.

Address

Nuwaraeliya
Nuwara Eliya Town

Website

Alerts

Be the first to know and let us send you an email when IDS Production posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Nearby grocery stores