09/06/2026
"මේ මාසේ ගෙදර වියදමට සල්ලි හොදටම මදි..... මේ ගේන සොච්චමෙන් මේ සේරම කරන්නෙ කොහොමද? වෙන උන් එක්ක බලද්දි අපිට තියෙන්නේ මොනවද?"
තාත්තයි මමයි දෙන්නම හවස ගෙදරට ගොඩ වුණේම අම්මාගේ අකාරුණික මුදල් ඉල්ලීම්වලින්.....සල්ලිවලට වඩා අම්මාගේ ඇස්වල තිබුණේ තෘප්තිමත් කළ නොහැකි මුදල් ආශාවක්.
කසුන් රෙදි මල්ල කරේ දාගෙන, කුස්සියේ බිත්තියට හේත්තු වෙලා හිටපු තාත්තා දිහා බැලුවා. තාත්තාගේ ඇඟේ තවම සිමෙන්ති කුඩු. කුලී රස්සාවල් කරලා ඔහු වෙහෙසින් හෙම්බත් වෙලා ගෙදර එන්නෙ.
"අම්මේ, මගේ ගිය මාසේ පඩි ඔක්කොම ඔයාට දුන්නා නේද? තාත්තාගේ ඇඟේ දාඩිය ගඳ තාම යන්න කලින් ඔයා සල්ලි ගැන විතරමයි කතා කරන්නේ," කසුන් කීවේ හරිම වේදනාවෙන්.
"මොනවා? මම සල්ලි නාස්ති කරනවා කියලද දැන් කියන්නේ? මම මේ ගෙදර දුවන්නේ කොහොමද කියලා දන්නේ මම විතරයි!" අම්මා කෑගැසුවා.
කසුන්ගේ නංගි, සන්ජානා, ඇය කිසිම දෙයක් ගණන් ගත්තේ නැහැ. නිතරම අතේ තියෙන ෆෝන් එකට මූණ ඔබාගෙන, අලුත් ඇඳුම් සහ රූපලාවන්‍ය දේවල් ගැන ඉල්ලීම් කරනවා.
"අයියේ, මට අර ෂූස් ජෝඩුව අරන් දෙන්නකෝ. හැමෝම අඳිනවා. ඔයාට බැරි නම් මම අම්මගෙන් ඉල්ලනවා."
කසුන් තමන්ගේ අතේ තිබුණු ඉතුරු රුපියල් සිය ගණන දෙස බැලුවා.
"සන්ජානා, මම ඉගෙන ගන්න එක නැවැත්තුවේ ඔයාගේ ඉගෙනීමට වියදම් කරන්න. අම්මා ඉල්ලන සල්ලි මම දෙන්නේ නංගිගේ අනාගතයට. ඔයා මේ දේවල් තේරුම් ගන්න."
සන්ජානා උරහිස් හකුළුවා ගත්තේ, "අපෝ ඔය දේශනා නවත්තන්න. ඔයා අනිත් අය වගේ දියුණු වෙන්න බලන්නකෝ!" කියමින්.
කසුන් තමන්ගෙ අධ්‍යාපනය පවා මගදි නතර කරේ ගෙදර වියදම් තාත්තට තනියම දරන්න බැරි නිසා. තාත්තත් බර වැඩ නිසාම එන්න එන්නම දුර්වල වෙන්න ගත්තා කියලා කසුන්ට තේරුනා. ඒත් අම්මයි නංගි සල්ලි මත්තෙම කෑගහන එක තාත්තට වගේම කසුන්ටත් ලොකු පීඩනයක් වෙලයි තිබුනෙ.
කසුන් වැඩට ගියේ හරිම අමාරුවෙන්. රෑ පුරාම ගෙදර සිද්ධ වුණු ආරවුල් නිසා ඔහු හෙම්බත් වෙලා හිටියේ. වැඩ කරන තැන බර උසුලමින් සිටියදී දවල් දොළහට පමණ ඔහුගේ ෆෝන් එක නාද වුණා.
රත්නපාල මාම කතා කරන්නෙ පුතේ...
"ඔව් මාමෙ කියන්න"
"කසුන්... පුතේ ඉක්මනට එන්න" තාත්තා වැඩ කරන ගමන් පලන්චියකින් වැටිලා. තාත්තා සිහිය නැතුව බිම වැටිලා ඉන්නවා. අපි දැන් හොස්පිටල් එකට අරන් යනවා!"
කසුන්ගේ ලෝකය එක මොහොතකින් නතර වුණා....
කසුන් රෝහලට දිව්වේ හුස්ම ගන්නවත් වේලාවක් නැතුව. ඉස්පිරිතාලේ හදිසි ප්‍රතිකාර ඒකකය ඉස්සරහ අම්මයි නංගි වාඩි වෙලා හිටියා.
"අම්මේ! තාත්තට මොකද වුණේ?" කසුන් ඇහුවා.
"ඉන්නවා ඇතුලේ... කරදර නැතුවට කරදර. මම මේ දෙලෝ රත් වෙලා ඉන්නෙ මේ මනුස්සයාට මොකක් හරි උනොත් අපි ජීවත් වෙන්නෙ කොහොමද කියලා..."
අම්මා උත්තර දුන්නෙ කිසිම අනුකම්පාවකින් තොරව.
සන්ජානා එතන හිටියෙත් තමන්ගේ ෆෝන් එක දිහා බල බලා. "අයියේ, තාත්තව හොදකරගන්න බලන්න මොනාහරි කරලා. නැත්තම් අපි අනාතයි... කොහොමද අපි ඉස්සරහට ජීවත් වෙන්නෙ"
කසුන්ගේ පපුව ඇතුළේ ගින්නක් ඇවිලුණා. තාත්තා ජීවිතයත් මරණයත් අතර සටන් කරද්දී ඔවුන්ට වුවමනා වෙලා තිබුණේ තමන්ගේ ආර්ථික බර ලිහාගන්න.
දුර්වල වෙච්චි තාත්තගේ මූන මතක් වෙද්දි කසුන්ගේ පපුව පිච්චෙනවා වගේයි දැනුනේ...
ඒත් එක්කම වෛද්‍යවරයා පැමිණියා. "තාත්තාගේ කොඳු ඇට පෙළට වෙලා තියෙන හානිය බරපතලයි. ඉක්මනින්ම ඔපරේෂන් එක කරන්න ඕනේ. නැත්නම් තාත්තාට ආයේ කවදාවත් ඇවිදින්න බැරි වෙන්න පුළුවන්." ඒ වගේම එයාගේ ජීවිතේත් අවදානම් මට්ටමේ තියන්නෙ. අපි උපරිම උත්සාහ කරනවා එයාව බේරගන්න.....ඒත්...අපි බලමු"
"ඇවිදින්න බැරි උනොත්, එතකොට වැඩ කරලා සල්ලි හොයන්නේ කවුද? අපිට කොහොමද මේ ජීවිතේ ගෙනියන්නේ?"
අම්මාගේ කටින් පිටවුණු වචන කසුන්ව තිගැස්සුවා
කසුන් අම්මා දිහා බැලුවේ පිළිකුලෙන්. "තාත්තාට ඇවිදින්න බැරි වෙන එක ගැන නෙවෙයි අම්මේ ඔයාට දුක, වැඩට යන්න බැරි වෙන එක ගැන නේද?
කසුන්ට ගෙදර යන්න සිහියක් තිබුනෙ නෑ... අම්මවයි නංගිවයි ගෙදර පිටත්කරේ එයාලගේ වචන කසුන්ට ඊසර පාරවල් වගේ දැනුනු නිසයි.
කසුන් ඉස්පිරිතාලෙ බන්කුවකට වෙලා ඔහේ කල්පනා කර කර හිටියේ වේදනා
විදින තාත්ත ගැන.
"ඔයා පේශන්ගේ පුතා නේද? ඔයාට ඩොක්ට කතා කරනවා, ඉක්මටට ඇතුලට එන්න"
එක පාරටම නර්ස් කෙනෙක් කසුන් ඉන්න තැනට ඇවිල්ල කිව්ව. කසුන් ගැස්සිල නැගිට්ටෙ හිතේ පුදුමාකාර බයකින්...🥹
(2 වෙනි කොටස ඊලග පෝස්ට් එකෙන්)
කසුන්ගේ කතාවේ ඉස්සරහට මොකද වෙන්නෙ කියලා බලාගන්න දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න. ...🥰