Isanka Amila ඉසංක අමිල

Isanka Amila ඉසංක අමිල isanka amila,
Mediocrity
Agent
Announcer kothmale fm
History Teacher
Motivation train

06/04/2026
18/02/2026

🔴 මිනිස් ඉතිහාසයේ ප්‍රථම වරට
බුද්ධි මට්ටම පහත වැටේ:
Gen Z පරම්පරාව දෙමාපියන්ට වඩා පසුගාමී බව
ඇමෙරිකානු පර්යේෂණයකින් හෙළිවෙයි

මිනිස් ඉතිහාසය ආරම්භයේ සිට පරම්පරාවෙන් පරම්පරාවට සිදුවූ බුද්ධි වර්ධනය (Flynn effect) ඉතිහාසයේ ප්‍රථම වරට වත්මන් පරම්පරාව තුළින් ගිලිහී ගොස් ඇති බව නවතම ඇමෙරිකානු පර්යේෂණයකින් අනාවරණය වී තිබේ. ස්නායු විද්‍යාඥ ආචාර්ය ජාඩ් කුනි (Dr. Jared Cooney) විසින් එක්සත් ජනපද සෙනට් කමිටුවට ඉදිරිපත් කළ වාර්තාවකට අනුව, 1997-2012 කාලයේ උපන් Gen Z පරම්පරාව, ඔවුන්ගේ දෙමාපියන් අයත් වන මිලේනියම් පරම්පරාවට වඩා බුද්ධි මට්ටමෙන් (IQ) පහළ අගයක් ගන්නා බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නීති වෛද්‍ය නිලධාරී, වෛද්‍ය නීතිඥ පාලික බණ්ඩාර සුභසිංහ මහතා පෙන්වා දෙයි.

අධ්‍යාපනය ඩිජිටල්කරණය වීම සහ තාක්ෂණය මත පමණක් යැපීම නිසා වත්මන් පරම්පරාවේ භාෂාමය, ගණිතමය, තාර්කික සහ ගැටලු විසඳීමේ හැකියාවන් බෙහෙවින් දුර්වල වී ඇති බව මෙම අධ්‍යයනයේදී හෙළි වී ඇත. මිනිස් බුද්ධිය වර්ධනය වීමට අත්‍යවශ්‍ය වන "මුහුණට මුහුණ සිදුවන අන්තර් ක්‍රියාවන්" වෙනුවට ඩිජිටල් තිර ඉදිරියේ කාලය වැය කිරීම මතක තබා ගැනීමේ සහ අවධානය යොමු කිරීමේ හැකියාවන් හීන වීමට ප්‍රධාන හේතුව වී තිබේ. මේ වන විට ලොව පුරා රටවල් 80කට අධික සංඛ්‍යාවක මෙම තත්ත්වය දක්නට ලැබෙන අතර, ඇතැම් ප්‍රමුඛ විශ්ව විද්‍යාල පවා සිය විෂයමාලා ලිහිල් කිරීමට පියවර ගෙන ඇත.

මෙම "බුද්ධි හැකිලීම" හමුවේ 2012න් පසු උපන් Gen Alpha පරම්පරාවේ දරුවන්ද දැඩි අවදානමකට ලක්ව ඇති බව වෛද්‍යවරයා අනතුරු අඟවයි. ඩිජිටල් තාක්ෂණය දරුවන්ට හඳුන්වා දීමෙන් ඇස්, මොළය සහ කොඳු ඇට පෙළ ආශ්‍රිත රෝගාබාධ පමණක් නොව, මානව ගුණධර්ම සහ සමාජානුයෝජනය ද පිරිහීමට ලක්වන බව පර්යේෂණ පෙන්වා දෙයි. දියුණු රටවල් මෙම විනාශයෙන් මිදීමට දරුවන් තාක්ෂණයෙන් ඈත් කරද්දී, මෙරට වැඩිහිටියන් දරුවන්ව තාක්ෂණය තුළට බලහත්කාරයෙන් තල්ලු කිරීම ඔවුන්ගේම අනාගතයට එල්ල කරන මරු පහරක් වනු ඇති බව වෛද්‍ය පාලික බණ්ඩාර සුභසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

#බුද්ධිමට්ටම #තාක්ෂණය #අධ්‍යාපනය #වෛද්‍යඋපදෙස් #පරම්පරාඅන්තරය

Address

Kandy
20172

Website

Alerts

Be the first to know and let us send you an email when Isanka Amila ඉසංක අමිල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category