04/05/2026
යසෝගේ රහස 7 වන කොටස
සෝමෙ හතිලාගෙන ගෙට ගොඩවු අයුරු දුටු හීන් එතනා කලබල විය
මොකෑ මයෙ පුතා වෙද මහත්තයා කීවෙ. එන්ට බෑ කීවද.
නෑ මයෙ අම්මා මේක අහල අම්මට සතුටු හිතෙයි. කෝ නගා
ඕං හිස කකියනව කීව මං තෙල් ඇබින්දක් හිසේ දාල පිරිත් ටිකක් කීව ඒ වංගියෙ නින්ද ගියා .
අම්මා ....ඔන්න අම්ම අත්තමෙක් වෙන්ට යන්නෙ.
අනේ මට සතුටු එතකොට උඹත් මයෙ පූතා අප්පච්චියෙක් වෙනවනෙ
නැතුං නැතුං මටත් සතුටුයි. නගා ඇහැරුනාම සතුටු හිතෙයි මේක අහල. හේන් ගොවිතැන් කරන්න පුතෙක් හිටියොත් හොඳා කියයි.
එහෙ වෙද (එහෙම වෙද්දෙන්) මාත් මනාප කොළුවෙකුට නෙව.
කෙසේ නමුත් සෝමෙගෙ හිතේ කිසිවෙක් නොදන්නා යමක් සිරවී ඇත. යසෝ නැගිට්ටම මේ ගැන කතා කරනවද?. ඔනැන්නෑ එක මගේ හිතේම තිබිත්දෙං.
යසෝ....... මැණිකෙ දැන් කොහොමද? නින්ද ගොහින් හිටපු හන්ද මං ඇහැරෙව්වෙ නෑ.
අම්මා ඉහ තෙල් දාල පිරිත් කියව්වා. දැන් හිස රදේ අඩුයි කෑම නම් කන්ට බෑ අයියා.
නගා අම්මා කෙනෙක් වෙන්ට යනවා. සතුටුද
මං අම්මා කෙනෙක් වෙනවා... අනේ මට සතුටුයි අයියා.
සෝමේ ඇයව වැළද ගෙන නලලට හාදුවක් දුන්නා.
දරුවා ලැබෙනකම් නගා පරිස්සමින් ඉන්ට ඕන.
යසෝ ගේ සිත් ගැස්සින ඒ වගක් නොපෙනෙනා ඉන්නට ඇයට ඕනෑ විය.
මං කරාපු වැරැද්දට මට දෙයියො දීපු දඩුවමද මේ. අනේ මට සමාවෙන්න අයියා. මින් මත්තෙ ආයෙ කවරදාකවත් මයෙ අතින් එහෙව් වැරැද්දක් වෙන්නෙ නෑ. මට මගෙ හිත පාලනය කරගන්න බැරිවුනා. ඇය සිතින් සිතමින් දුක් වූවාය.
යසෝ මාස තුනෙන් පස්සෙ හොඳ හැටි කෑවාය. ඇය කියන ඕනෑම දෙයක් ගෙනවිත් දෙන්නට සෝමේ දෙවරක් සිතුවේ නැත.
අයියා මට ඉස්සො කන්ට ආසයි . අම්මා නම් එපා කිව්ව. එවුනට මට කන්ටමයි හිත.
නගාට දැන් වැඩපල කරගන්ට පුළුවන් නිසා අම්මා දඹුල්ලෙ යනව කිව්ව පෝයට සිල් ගන්ටත් එක්ක. දවස් දෙක තුනක් පුංචම්මලාගෙ ගෙදර ඉදල එනව කිව්ව. ඒ වෙනකම් ඉවසන් ඉන්ට
සෝමෙ මන්නාරමෙන් හොඳම ඉස්සො ගෙනත් කුසුම් ලවා සාදා දුන්නාය.
යසෝ හිතේ හැටියට ඉස්සො කෑවෑය. දෙවි පිහිටෙන් කිසිම නපුරක් නොවීය.
ගෙනත් දුන්නාට මං බයේ හිටියෙ නගාට මොකුත් අතුරු ආන්තරාවක් නෑ නෙවද?
නෑ අයියා උගුර ඩිංගිත්තක් කසනව වගේ. එච්චරයි.
අප්පච්චියේ එහෙනම් කමෙක් නෑ. නගාට මොකක් හරි අමාරුවක් උනා නම් මට අම්මගෙන් විසුමක් වෙන්නෙ නෑ මගින් මගට කියල ගියේ මයෙ කෙල්ලව හොඳින් බලාගනින් කියල.
🌞🌞🌞🌞🌞
සෝමෙගේ මල්ලි ගුනේට දරුවන් දෙදෙනකු විය ලොකු පුතා සම්පත් කුමාර දසනායක විය. කුසුමේ දෙවෙනියට දුවක් බිහි කලාය. ඒ 1974 අවුරුද්දේය. .ඇයට තුෂාරා කුමුදුනී දසනායක ලෙස නම් තැබිණි.
අනුරාධපුර නිව් විජෙන්ද්රා එකට ආපු තුෂාරා ෆිල්ම් එක ඉතාම ජනප්‍රිය විය. එවකට ඉපදුනු බොහෝ ගැහැණු දරුවන් තුෂාරලා විය.
යසෝ බලාපොරොත්තු වූ ලෙසින්ම පලමු දරුවා පුෂ්ටිමත් පිරිමි දරුවෙකි. ඔහුට ඉන්දික බණ්ඩාර දසනායක ලෙස නම් තැබිණ.
දරුවා කාගෙත් ආදරය මැද හොඳින් වැඩින. ගුනේගේ දරුවන්ද නිතර දෙවේලෙ පැමිණි අතර දරුවන් තිදෙනාම එකම පවුලක දරුවන් මෙන් පවුල් දෙක අතර කෙලිදෙලෙන් කාලය ගතකලේය.
යසෝ දන්නවද ආං ජේෂ්ඨෙ සමත් ඈයොන්ට රජයේ ගුරුපත්වීම් දෙනවළු. යසෝටත් ඉල්ලන්නට පූළුවනි.
කොහොමද අයිය පුතා දාල යන්නෙ. තාම අවුරුදු 2 යි නෙව. මේ දගය කාට දාල යන්ටද.?
දුව යන්ට මං බලාගන්නං. කුසුමෙත් නිතර දෙවේලෙ එනවනෙ. අපිට බලාගන්න පුළුවනි.
ඒ උනාට අම්මා මට හිතට මොකක් ද වගේ දාල යන්ට දුරකට දැම්මොත්
කෝකටත් දාන්ටකො යසෝ දුරකට දැම්මොත් අපි හදාගන්න බලමු.
අනික මේ ගමේ කවුද ගුරුවරු ඉන්නෙ. කොච්චර ආඩම්බරයක්ද මගෙ දූ ඉස්කෝලෙ හාමිනේ කෙනෙක් වෙන එක.
හීන් එතනා යසෝට සැලකුවේ තම කුසින් වැදූ දියණියකට මෙනි. දෙදෙනා අතර වචන හුවමාරු නොවීමට දෙදෙනාම වග බලා ගත්හ. සෝමෙ ට ඇති එකම සැනසීමත් එය විය.
එකනෙ නගා මං ඉල්ලුම් පත්තරයකුත් ඇන්න ආවා. අදම පුරෝල දෙන්ට .
ඔවුවගෙ ග්‍රාම සේවක මහත්තයගෙ අත්සනක් ඕන වෙයිනෙ අයියා.
ග්‍රාම සේවක මහත්තැන්ට කියල පදිංචිය සහතික කරන රාජකාරි ටික මං කොරන්නං . උන්දැට හාල් පොල් ටිකක් ඇන්න ගියානම් සුටුස්ගාල අත්සන් කොරාල දෙයි.
මාස 6 කට පමණ පසු යසෝ මැණිකෙට සුදුසුකම් පරීක්ෂා කිරීමෙන් පසුව මැදවච්චියේ ඉස්කෝලෙම උප ගුරුපත්වීමක් ලැබුණා.
උදෙන්ම ඇහැරෙන යසෝ දරුවටයි ගෙදර අයටයි කෑම ලක ලෑස්ති කරල තමයි ඉස්කෝලෙට යන්නෙ.
සෝමෙ ඒ වෙනකොට මෝටර් සයිකලයක් අරගෙන තිබුණ . යසෝ ගෙනියන ගේන එක සෝමෙට භාර වුණා.
වසර තුනකට පසු යසෝට දෙවෙනි දරුවාද ලැබුණා. ඔහු චින්තක බණ්ඩාර දසනායක විය.
ඒ වන විට සෝමෙගේ විලාසිතාවල ද සැලකිය යුතු වෙනසක් විය. සරම වෙනුවට කලිසම ඇදීමත් අත් ඔරලෝසුවක් බැදීමත් ගමනක් යනවිට සපත්තු පැලදීමත්
එයින් විශේෂ විය.
හීන්එතනාට රාජකාරි බහුල විය .මුණුපුරන් දෙදෙනෙකු බලාගැනීම ඉතා අසීරු කටයුත්තකි. මේ බව තේරුම් ගත් යසෝ සෝමෙ ට යෝජනාවක් කලාය.
සෝමෙ අපේ අම්මා වත් ගෙන්න ගමුද. ඔයාගෙ අම්මට දෙන්නෙක්ගෙ වැඩ කරන්ඩ අමාරුයි.
අපෙ අම්මා බෑ කියවුවද?
අනේ නෑ එවුනට අම්මාට අමාරුයි කියල මට තේරෙනව නෙ.
යසෝ කෝකටත් අපි අම්මගෙන් අහල හිටිය නම් හොඳයි නෙවද ?
ඔව් අහල ඉමු.
අම්මා යසෝ ලබන සතියෙ ඉදල ආයිමත් ඉස්කෝලෙ යන්ට එපැයි අම්මට දෙන්නම බලන එක අමාරුයි නෙවද? අපි කවුරු හරි ගෙන්න ගමුද උදවුවට.
එකනම් ඇත්ත මයෙ පුතාල කතා බහ කොරාන හොඳ විදිහක් කරන්ටකො.
ඒ අනුව යසෝ ගෙ මල්ලී නිමල් විවාහවී මහගෙදරම පදිංචි වී සිටිය නිසා යසෝට අත් උදවුවට අම්මව ගෙන්නා ගැනීමට හැකිවිය.
යසෝ මැදවච්චිය මහ විද්‍යාලයේ සිංහල සහ ඉතිහාසය උගන්නන්න ගුරුවරියයි. ඇය වඩාත් හොඳින් ඒ කටයුතු කලාය ගුරු පුහුණු සැසි වලදී ඇය කැපී පෙනෙන චරිතයක් විය.
පාසැලේ පොදු කටයුතු වලදීද ඇය පෙරමුණ ගත්තාය. වැඩිකල් නොගොස්ම ඇයට උප විදුහල්පතිනිය තනතුර හිමි විය.
ඇය යසෝ මැණිකේ ඉස්කොලෙ හාමිනේ ලෙස කා අතරත් ජනප්‍රිය විය.
සෝමරත්න ගේ ව්‍යාපාර ද සීග්‍රයෙන් සරුවිය. මැදවච්චිය ටවුමෙන් ඉඩමක් මිලදීගත් සෝමරත්න එහි ගොඩනැගිල්ලක් ඉදිකර තමන්ගේම සිල්ලර බඩු කඩයක් ඇරඹුවා.
මැණිකෙ හෙට අළුත් සිල්ලර කඩේ විවෘත කරාම වැඩට දෙතුන් දෙනෙක් ගන්ට වෙයි.
සෝමෙ කැමති විදිහක් කරන්ට.
නෑදෑයන් ගෙ ඈයෝ නම් ගන්ට නාකයි. පස්සෙන් පහු ප්‍රශ්ණ එනව. වැරැද්දක් කරත් කතා කරන්ට බෑ ඊට පස්සෙ පවුලම තරහ වෙනව.
එකනම් ඇත්ත. පිටින් කට්ටිය ගන්න එක තමා හොඳම.
මණිකෙ මං කාර් එකක් ගන්ට කියල හිතුවෙ. මොකෑ කියන්නෙ.
මැණිකෙට උනත් ගමන් බිමන් යන්ට පහසුයි නෙව.
එකටනම් මං සතුටුයි. අපිට අනුරාධපුරේ වදින්ට යන්ට පුළුවන් අපේ ගමේ යන්ටත් පුළුහන්.
සල්ලි ටිකක් ඉතුරු කරන් ඉන්නව අළුතෙන්ම එන ලාන්සර් කාර් එකක් ලක්ෂෙට වගේ ගණ්ඩ පුළුවන් කියල තම්බි මුදලාලි කිව්ව. කොළඹ ගිහිල්ල ඕඩරේ දාන්ඩ ඕනළු අළුත්ම කාර් තමයි එනව කියන්නෙ.
සෝමෙට හොඳ විදිහක් කරන්ට.
ටික දවසකින් රතුපාට ලාන්සර් කාර් එකක් ගේ දොරකඩ විය. ඒ සතුට සාමය පිරුණු ලස්සන නිවසට තවත් අලංකාරයකි. ගමටම ආඩම්බරයකි. කාර් එක බලන්ට ගමේ බොහෝ දෙනෙක් පැමිණියහ.සතුට පල කලහ.
ඒ අතර ඉරිසියා කාරයොත් නැතුවාම නොවේ. කවුරුන් හෝ පිටුපස දොර අසල පත කොහොල්ලෑ ගුලියක් අලවා තිබිණ. 😁😁
🌞🌞🌞🌞🌞
අවසාන කොටසත් ඉක්මනින් බලමු නේද
♥️🌹කතාව කියවල කමෙන්ට් කරන ලයික් කරන ඔයාලට හදවතින්ම ස්තූතියි
පලමු කොටස කියවීම සදහා ලින්ක් එක පලමු කොමෙන්ටුවේ
ලිව්ව මම :- චිත්‍රානි ආරියරත්න