29/11/2024
මේ ලගකදි මම ප්‍රියන්කා චොප්රා සහභාගි වුන interview එකක් බැලුවා. එතැනදී නිවේදිකාව අහනවා ඔයාට කරදරයක් වෙලා තියෙන වෙලාවක ඔයා උදව්වක් ගන්න තෝරගන්නේ මේ අතරින් කවුද කියලා . නිවේදිකාව දෙන Option තුන තමයි
1. ඔයාගෙ කලින් පෙම්වතා , 2. ඔයාගේ සැමියා 3. මේ දෙන්නම නැතුව වෙන කෙනෙක් කියන අවස්ථාවන් තුන තියනව නම් ඔයා තෝරගන්නේ මොකද්ද කියලා.
ප්‍රියන්කා ඒ වෙලාවේ කෙලිම්ම මෙහෙම උත්තරයක් දෙනවා.
" මට විශ්වාසයි මම මගෙ කලින් පෙම්වතා තෝරගන්නේ නෑ කියලා. "
නිවේදිකාව අහනවා ඒ ඇයි කියලා. ඒකට ප්‍රියංක හරි අපූරු උත්තරයක් දෙනවා .
" ඔබ වෙත වරදක් කෙරූ පුද්ගලයෙක් හට සමාවදීම එකම පොතක් දෙවරක් කියවනවා වැනිය. පොතේ අවසානයේ වෙන දේ ඔබ දැනටමත් දන්නවා . මගේ හිටපු පෙම්වතත් මම කලින් කියවූ පොතක් . "
ජීවිතයේ ඔබත් මමත් ඕනතරම් පොත් කියවලා ඇති. ඒ පොත් කියවද්දි කෙතරම් සුන්දර හැඟීමක් දැනුනත් එම පොතේ අවසානය ඔබට දුකක් ගෙන එනම් එම පොත් නැවත කියවා නොසිටීමට වගබලා ගන්න .
Viano plaza 💯
අපේ පේජ් එකත් follow කරන් යන්න. 💪