Dagayo api

Dagayo api Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dagayo api, Grocers, galle, Galle.

යාලුවනේ…අපි සුමංගලේ නේද? 🤩නෑ....අපි *කළෙහෙ* ඉස්කෝලෙ...💪එහෙම තමයි.. තවමත්.. මගේ හිතට වදින්නේ.....*එළුවිලෙන්* පැනල ඉස්කෝලේ...
20/01/2026

යාලුවනේ…
අපි සුමංගලේ නේද? 🤩
නෑ....
අපි *කළෙහෙ* ඉස්කෝලෙ...💪
එහෙම තමයි.. තවමත්.. මගේ හිතට වදින්නේ.....
*එළුවිලෙන්* පැනල ඉස්කෝලේ ගියපු හැටි...,😂
බෙල් එක ගහනකල් සෙල්ලං කරපු හැටි..., 🏃🏽
දැලේ එල්ලිලා ටක් අක්කගේ කැන්ටිමෙන් *පැටිස්* අරං බෙදාගෙන කාපු හැටි..., 😋
එක එකාට නම් පටබැඳගත්තු හැටි....,
අකමැති පීරියඩ් වලට කට් එක දාපු හැටි......, 😖
පෑන් ගහපු, Book ක්‍රිකට් ගහපු හැටි....., 🏏
*වයින් බෝතලේ* කරනකොට කැලේ පැනල හැංගුන හැටි......,🫣
ගෑනු පිරිමි වලි දාගත්ත හැටි....., 🥷
එකෙක්ගේ වැරැද්දට පන්තියම ගුටිකාපු හැටි...., 😠
පන්ති පන්ති පිල් බෙදිලා ගහගත්තු හැටි......, 🏃🏿🏿
ඩෙස් එකට, පුටුවට, ඉදලට, කොස්සට රණ්ඩු වෙච්ච හැටි 🧙🏻‍♂️
ස්පෝට් මීට් කාලේ, තමන්ගේ නිවාසෙ දිනවන්න කෑ ගහපු හැටි 👊
අහල පහල වතු සුද්ද කරපු හැටි.. 😎
එක බත් මුල 10ක් 15ක් කාපු හැටි..🍛
නසරාණි වැඩ කරලා අවුවේ දණ ගහපු හැටි..🧎🏽...
තව මතක ගොඩායි...
ඒවා අමතක කරන්න බැහැ නේද? 😂...
ඒ අතරේ...
අපිට උගන්නපු...👩🏽‍🏫👨🏽‍🏫
අපේ වැරදි හදපු..
අපේ ඔලමොට්ටලකන් ඉවසං හිටපු..
හරි වැරැද්ද කියල දීපු..
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම
අපේ *ගුරු දෙවි වරු* ...🫡
ආයෙත් බලන්න, හම්බවෙන්න, දුක සැප අහන්න
ඔන්න එනවා දවසක්..🥹
*මාර්තු 01* ...
වැඩේ පටන් ගත්ත සහෝදර සහෝදරියන්ට ගොඩක් පින්..🙏...
මේක මොකක් හරි event එකක් නෙවෙයි...,
මේක අපේ ළමා කාලේ ආපහු ගන්න...,
ඒ මතක අතර ජිවත් වෙන්න...,📝
*chance* එකක් ...
මං දන්නවා.. මට තේරෙනවා.. ජිවිතේ busy තමයි...🧐
වියදම් සැරයි තමයි..💰
අමාරුයි නං අපේ මේ ඉන්න කාටහරි කතා කරපං..🤙
උදවු කරන්න පුළුවන් එවුං අපේ set එකේ ඉන්නවා...
හැබැයි මේක miss කරන්න එපා! 🕰️.....
පොඩ්ඩක් හිතපන්,
අයියේ, අක්කේ, නංගියේ, මල්ලියේ, මචං..
*මේක උඹ එන්නම ඕනේ ගමනක්* ..👍
එහෙනං..
දිනේ මතකයි නේ..
මාර්තු 01..
හම්බවෙමු එදාට ...
ජය වේවා..!!! ❤️

Address

Galle
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Dagayo api posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category