Treaco - La

Call

Treaco - La Art of Treacle & Cocoa

🍫 Kithul Dark Chocolate 🌿කිතුල් රසයයි… Dark Chocolate ආකර්ෂණයයි! ❤️සාම්ප්‍රදායික කිතුල් රසයත්, Dark Chocolate වල විශේෂත්...
12/10/2026

🍫 Kithul Dark Chocolate 🌿

කිතුල් රසයයි… Dark Chocolate ආකර්ෂණයයි! ❤️

සාම්ප්‍රදායික කිතුල් රසයත්, Dark Chocolate වල විශේෂත්වයත් එකට එකතු වූ අපේම අලුත් අත්දැකීමක්!

From the heart of Neluwa, inspired by the beauty of Sinharaja 🌳

✨ Carefully crafted
🍫 Rich chocolate experience
🌿 Inspired by Sri Lankan Kithul

Not just chocolate… It’s a taste of our heritage! 🇱🇰

අපේ දේශීය රසය ලෝකයට ගෙන යන ගමනේ තවත් එක් පියවරක්! ❤️

💬 ඔබත් Kithul Dark Chocolate රස බලන්න කැමතිද? Comment එකක් දාන්න! 👇

🍫🌿 දේශීය කිතුල් රසය… International Chocolate Experience! 🇱🇰හොඳම Chocolate එකක ආරම්භය වන්නේ ගුණාත්මක Cocoa Nibs වලින්! 🍫✨...
12/10/2026

🍫🌿 දේශීය කිතුල් රසය… International Chocolate Experience! 🇱🇰

හොඳම Chocolate එකක ආරම්භය වන්නේ ගුණාත්මක Cocoa Nibs වලින්! 🍫✨

තෝරාගත් කොකෝවා ඇටවලින් සකස් කළ Cocoa Nibs — අපේ Kithul Dark Chocolate නිෂ්පාදනයේ වැදගත්ම අමුද්‍රව්‍යයක්. ❤️

🌱 From carefully selected Cocoa Beans
🍫 To rich, authentic chocolate
🌿 Inspired by the taste of Sri Lankan Kithul
🇱🇰 Proudly crafted with a local vision
From Bean to Chocolate — Every Step Matters! ❤

නෙළුවෙන් ආරම්භ වන අපේ ගමන, දේශීය රසය නව මානයකට ගෙන යාමේ උත්සාහයක්. 🌳🍫

Dark chocolate 70% by Treaco-La
19/09/2026

Dark chocolate 70% by Treaco-La

11/07/2026

🍫 Treaco - La – 70% Kithul Dark Chocolate 🍫

සෑම චොක්ලට් කැබැල්ලකම රසයට පිටුපස කතාවක් තිබේ...
නෙළුව ප්‍රදේශයේ ස්වභාවිකව වැඩෙන කොකෝවා ශාකවලින් ලබාගත් කොකෝවා බීජ සහ ශ්‍රී ලාංකීය උරුමයක සුවඳ රැගත් පිරිසිදු කිතුල් සාරය එක්කර නිර්මාණය කළ විශේෂ 70% Dark Chocolate අත්දැකීමක්

✨ No Added Preservatives
✨ Crafted with Kithul Treacle
✨ Handcrafted in Sri Lanka
✨ Premium Chocolate Experience

ස්වභාවික රසය, ගැඹුරු කොකෝවා සුවඳ සහ කිතුල් පැණිවල මෘදු මිහිර එකට එක්වන අලුත්ම රස අත්දැකීමක්.
Treaco - La
Step to New Food Era

🍫✨

10/07/2026

🍫🌿 TREACO - LA | 70% KITHUL DARK CHOCOLATE 🌿🍫

නෙළුව ප්‍රදේශයේ ස්වභාවිකව වැඩෙන කොකෝවා ශාක වලින් ලබාගත් කොකෝවා බීජ සහ පිරිසිදු කිතුල් පැණි රසයෙන් නිර්මාණය කරන ලද විශේෂ ඩාක් චොක්ලට් අත්දැකීමක්.

✅ 70% Dark Chocolate
✅ Pure Kithul Treacle
✅ No Added Preservatives
✅ Handcrafted in Sri Lanka

සිංහරාජ වැසි වනාන්තරය ආශ්‍රිත නෙළුව ගම්මානයෙන් ඔබ වෙත ගෙන එන ස්වභාවික රසයේ අලුත්ම අත්දැකීම.

Treaco - La
Step to New Food Era

🍫✨

From the Rainforest Edge of Neluwaශ්‍රී ලංකාවේ ලෝක උරුමයක් වන රජ මහා වැසි වනාන්තරයේ සීමාවට ආසන්න නෙළුව ගම්මානයේ උපන් විශ...
09/07/2026

From the Rainforest Edge of Neluwa

ශ්‍රී ලංකාවේ ලෝක උරුමයක් වන රජ මහා වැසි වනාන්තරයේ සීමාවට ආසන්න නෙළුව ගම්මානයේ උපන් විශේෂ රස අත්දැකීමක්.

ආර්ථික වගාවක් ලෙස තවමත් පුළුල් ලෙස ව්‍යාප්ත නොවූ නෙළුවේ කොකෝවා වගාවන්හි අස්වනු නෙළා, කුඩා පරිමාණයෙන් සැකසූ කොකෝවා සමඟ, සාරවත් කිතුල් ශාකවලින් ලබාගත් තෙලිදිය සම්ප්‍රදායික ක්‍රමවේදයන් ඔස්සේ නිෂ්පාදනය කරන ලද කිතුල් පැණි රසය එක් කර මෙම චොකලට් නිර්මාණය කර ඇත.

සෑම චොකලට් තීරුවක්ම නෙළුවේ වැසි, පස, වනාන්තරය සහ ගම්මාන ජීවිතයේ කතාවක් රැගෙන එයි. එය හුදෙක් චොකලට් එකක් නොව, ශ්‍රී ලංකාවේ ස්වභාවික උරුමය හා දේශීය ගොවි ප්‍රජාවන්ගේ කැපවීම සැමරෙන රසවත් අත්දැකීමකි.

Crafted in Neluwa. Sweetened with Pure Kithul. Inspired by the Rainforest.

Today Orders 🍫🍫🍫Kithul Dark chocolate / 70% Dark chocolateආර්ථික වගාවක් ලෙස ව්‍යාප්ත නොවූ නෙළුව ප්‍රදේශයේ හැදෙන කොකෝවා ව...
08/07/2026

Today Orders 🍫🍫🍫

Kithul Dark chocolate / 70% Dark chocolate
ආර්ථික වගාවක් ලෙස ව්‍යාප්ත නොවූ නෙළුව ප්‍රදේශයේ හැදෙන කොකෝවා වලින් සාදන ලද Kithul Dark Chocolate ..

07/07/2026

🍫🍫🍫🍫🍫🍫
Kithul Dark chocolate / 70% Dark chocolate
ආර්ථික වගාවක් ලෙස ව්‍යාප්ත නොවූ නෙළුව ප්‍රදේශයේ හැදෙන කොකෝවා වලින් සාදන ලද Kithul Dark Chocolate ..

චොක්ලට් කියලා වස කන්න එපා!  ඔයා දන්නවද මෙච්චර කල් ඔයා චොක්ලට් කියලා කාලා තියෙන්නේ, හරි චොක්ලට් නෙවෙයි කියලා. වෙළදපොළේ ති...
09/05/2026

චොක්ලට් කියලා වස කන්න එපා! ඔයා දන්නවද මෙච්චර කල් ඔයා චොක්ලට් කියලා කාලා තියෙන්නේ, හරි චොක්ලට් නෙවෙයි කියලා.

වෙළදපොළේ තියෙන ඕනෑම චොක්ලට් ජාතියකට, "චොක්ලට්" කියලා නම සදහන් කරලා ලේබල් ගහන්න බැහැ. මොකද වෙළදපොලේ තියෙන සේරම ඇත්ත චොකලට් නෙවෙයි. චොකලට් වගේ හැඩය , පාට එන්න හදපු බොරු චොකලට්. මේවා වල ගොඩක් වෙලාවට ගහලා තියෙන්නේ , චොකෝ Choco කියලා.

එතකොට කොහොමද අපි ඇත්තම චොකලට් අදුන ගන්නේ ? අපිට මේක ක්‍රම දෙකකින් කරන්න පුළුවන්. පළවෙනි එක ලේබල් එකේ අන්තර්ගතයන් බලලා.

මොකද චොකලට් එකක අන්තර්ගත විය යුතු හා , නොවිය යුතු දේවල් වල ප්‍රතිශතයන් ගැන , ලෝක මට්ටමෙන් වගේම ලංකාවෙත් (SLSI මගින්) දැඩි ප්‍රමිතීන් පනවලා තියෙනවා.

සමාගම් වලට තමන්ගේ නිෂ්පාදනය "චොක්ලට්" කියලා හඳුන්වන්න නම් ප්‍රධාන වශයෙන් කොකෝවා අමුද්‍රව්‍යවල ප්‍රතිශතය ගැන සලකා බලන්න වෙනවා.

1. කොකෝවා අමුද්‍රව්‍යවල අවම ප්‍රතිශතය (The Cocoa Rule)

ඕනෑම චොක්ලට් වර්ගයක ප්‍රධාන අමුද්‍රව්‍යය විය යුත්තේ කොකෝවා ගසේ ඇටවලින් ලබාගන්නා දේවල් (Cocoa Solids සහ Cocoa Butter). කිසියම් නිෂ්පාධනයක් චොකලට් එකක් කියලා හදුන්වන්න නම් ,

Dark Chocolate සදහා අවම වශයෙන් 35% ක් හෝ ඊට වැඩි කොකෝවා අන්තර්ගතයක් තිබිය යුතුයි. කොකෝවා බටර් අනිවාර්යයෙන් අන්තර්ගත විය යුතුයි. එළවලු තෙල් හෝ පාම් තෙල් හෝ කොකෝවා බටර් ආදේශක අන්තර්ගත නොවිය යුතුයි

Milk Chocolate සදහා අවම වශයෙන් 25%ක් හෝ ඊට වැඩි ප්‍රමානයක් කොකෝවා සහ 12% - 14% ක කිරි (Milk Solids) අන්තර්ගත විය යුතුයි. කොකෝවා බටර් අනිවාර්යයෙන් අන්තර්ගත විය යුතුයි. එළවලු තෙල් හෝ පාම් තෙල් හෝ කොකෝවා බටර් ආදේශක අන්තර්ගත නොවිය යුතුයි

White Chocolate: මෙතනදී කොකෝවා කුඩු පාවිච්චි වෙන්නේ නැහැ. හැබැයි අවම වශයෙන් 20% ක් කොකෝවා බටර් (Cocoa Butter) අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ.

2. එළවලු තෙල් අඩංගු නම් චොකලට් නෙවෙයිද ?

ඉතින් දැන් ඔයා දන්නවනේ , නියම ප්‍රමිතියට අනුව චොක්ලට් එකක තියෙන්න ඕනේ කොකෝවා බටර් විතරයි කියලා . කොකෝවා බටර් කියන්නේ මිලෙන් ඉතා ඉහල ගුණාත්මක දෙයක්. ඒ නිසා වියදම අඩු කරන්න සමාගම්, එළවළු තෙල් (Vegetable Fat) කලවම් කරනවා.

අන්තර්ජාතික ප්‍රමිතිය තමයි, එළවළු තෙල් කලවම් කරනවා නම් ඒක මුළු නිෂ්පාදනයෙන් 5% කට වඩා වැඩි වෙන්න බැහැ.

සමහර රටවල 5% ට වඩා වැඩිපුර එළවළු තෙල් අඩංගු නම්, ඒ නිෂ්පාදනයට "චොක්ලට්" කියලා කියන්න තහනම්. ඒ වෙනුවට ඔවුන්ට සිද්ධ වෙනවා "Compound Chocolate" හෝ "Chocolate Flavored Candy" වගේ නමක් පාවිච්චි කරන්න.

3. සීනි සහ රසකාරක (Additives)

චොක්ලට් එකක රසය පාලනය කරන්න සීනි පාවිච්චි කළාට, ඒක කොකෝවා වලට වඩා වැඩි ප්‍රතිශතයක් වෙන්න බැහැ (විශේෂයෙන්ම උසස් තත්ත්වයේ චොක්ලට් වල). ඒ වගේම කෘතිම රසකාරක සහ වර්ණක භාවිතය ගැනත් දැඩි සීමාවන් තියෙනවා.

කොකෝවා වල Flavonoids වගේ ශරීරයට ගුණදායක ප්‍රතිඔක්සිකාරක තියෙනවා. හැබැයි තෙල් සහ සීනි වැඩිපුර දාපු "චොක්ලට් රසැති" නිෂ්පාදනවල තියෙන්නේ ලෙඩ රෝග ඇති කරන සංතෘප්ත මේදය විතරයි.

කොකෝවා බටර් කියන්නේ අපේ ශරීරයට හානිකර නොවන විදිහට දියවෙලා යන ස්වභාවික මේදයක්. හැබැයි ප්‍රමිතියෙන් තොරව දාන ලාභ එළවළු තෙල් අපේ ධමනි වල තැන්පත් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

ඇත්තම චොකලට්, ඒ කියන්නේ සීනි සහ කිරි ගොඩක් කලවම් නොකරපු Dark Chocolate කියන්නේ ඇත්තටම "සුපිරි ආහාරයක්" (Superfood) කිව්වොත් වැරදි නැහැ. අපේ රටේ ගොඩක් අය හිතන්නේ චොකලට් කියන්නේ දත් නරක් කරන, ඇඟ මහත් කරන පැණිරස කෑමක් කියලා වුණාට, කොකෝවා ප්‍රතිශතය වැඩි (70% ට වඩා වැඩි) චොකලට්වලින් ලැබෙන සෞඛ්‍ය වාසි පුදුම සහගතයි.:

1. හදවතේ ආරක්ෂකයා (Heart Health)

චොකලට්වල තියෙනවා Flavonoids කියලා ප්‍රතිඔක්සිකාරක විශේෂයක්. මේවා මගින් අපේ රුධිර නාලිකා නම්‍යශීලී කරනවා. එතකොට රුධිරය ගලායෑම පහසු වෙලා, අධික රුධිර පීඩනය (Blood Pressure) අඩු කරනවා. ඒ කියන්නේ හෘදයාබාධ ඇතිවීමේ අවදානම මේකෙන් සැලකිය යුතු මට්ටමකින් අඩු කරනවා.

2. මොළයේ ක්‍රියාකාරිත්වය සහ මනෝභාවය (Brain & Mood)

චොකලට් කෑවම අපිට සතුටක් දැනෙන්නේ නිකම්ම නෙවෙයි. ඒකෙන් මොළය ඇතුළේ Endorphins සහ Serotonin වගේ "සතුටු හෝමෝන" නිපදවන්න උදව් කරනවා. ඒ වගේම මෙහි තියෙන කැෆේන් ස්වල්පය නිසා අවධානය සහ මතක ශක්තියත් තාවකාලිකව වැඩි කරනවා.

3. තරුණ පෙනුම රැක දීම (Anti-aging)

සිරුරේ සෛල විනාශ කරන නිදහස් රැඩිකලුන් (Free Radicals) එක්ක සටන් කරන්න මේ චොකලට්වල තියෙන ප්‍රතිඔක්සිකාරකවලට පුළුවන්. මේ නිසා සමේ රැළි වැටීම පාලනය වෙලා තරුණ පෙනුම වැඩි කාලයක් රැකගන්න උදව් වෙනවා.

4. ඇයි මෙහෙම වෙන්නේ? (විද්‍යාත්මක පැහැදිලි කිරීම)

කොකෝවා බීජ කියන්නේ ස්වභාවිකවම ඛනිජ ලවණවලින් පිරුණු දෙයක්. මෙහි මැග්නීසියම්, යකඩ, තඹ සහ මැන්ගනීස් වගේ ශරීරයට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය ගොඩක් තියෙනවා. අපි "ඇත්තම චොකලට්" කද්දී අපිට ලැබෙන්නේ ඔය කියන පෝෂ්‍ය පදාර්ථ ටික මිසක්, කෘත්‍රිම රසකාරක නෙවෙයි.

බෝනස් ටිප්ස් - නියම චොක්ලට් හදුනා ගත හැකි තවත් ක්‍රම

1. කටේ දියවෙන උෂ්ණත්වය (The Melting Point)

මේක තමයි නියම චොක්ලට් එකක් අඳුරගන්න තියෙන ලෙහෙසිම විද්‍යාත්මක ක්‍රමය. නියම Cocoa Butter දියවෙන්නේ සෙල්සියස් අංශක 34-37 අතර උෂ්ණත්වයකදී. ඒ කියන්නේ හරියටම අපේ ශරීර උෂ්ණත්වයේදී. ඔයා චොක්ලට් කෑල්ලක් කටට ගත්තම ඒක ඉබේම සිනිදුවට දියවෙලා යනවා නම් ඒකේ නියම කොකෝවා බටර් තියෙනවා.

හැබැයි ඔයාට ඒක හපන්න වෙනවා නම්, නැත්නම් දියවුණාට පස්සේ කටේ තෙල් ගතියක් (Waxy feel) රැඳෙනවා නම්, ඒ කියන්නේ ඒකේ තියෙන්නේ ලාභ පාම් ඔයිල් වගේ එළවළු තෙල් වර්ගයක්.

2. "ස්නැප්" හඬ (The Snap Test)

හොඳට ප්‍රමිතියට හදපු (Tempered) චොක්ලට් එකක් අරගෙන කන ලඟ තියලා කඩලා බලන්න.

එතකොට "ටක්" ගාලා තියුණු හඬක් එන්න ඕනේ. ඒ වගේම කැඩුණු දාරය හරිම සිනිදුවට තියෙන්න ඕනේ.

නියම චොක්ලට් එකක් නැමෙනවා වෙනුවට කෙළින්ම කැඩිලා යනවා. චොක්ලට් එක කඩනකොට නිකන් පාන් කෑල්ලක් කඩනවා වගේ හඬක් එන්නේ නැතුව බුරුල් ගතියට කැඩෙනවා නම් ඒකේ තියෙන්නේ සීනි සහ අනවශ්‍ය මේදයයි.

3. සුවඳ සහ පෙනුම

චොක්ලට් පැකට් එක කැපුවම හොඳ කොකෝවා සුවඳක් එන්න ඕනේ. වැනිලා සුවඳ විතරක් එනවා නම් ඒ කියන්නේ කොකෝවා අඩු නිසා ඒක වහන්න කෘත්‍රිම සුවඳ දාලා තියෙනවා කියන එකයි.

පෙනුම ගත්තොත්, හොඳ චොක්ලට් එකක ලස්සන දිලිසෙන ගතියක් තියෙනවා. ඒකේ මතුපිට නිල මැරුණු ගතියක් හෝ කුඩු වගේ තියෙනවා නම් ඒක ප්‍රමිතියෙන් තොරයි.

සරල උදාහරණයක්:

හිතන්න ඔයා ඉටිපන්දමක් කටේ දාගත්තා කියලා. ඒක කටේ උෂ්ණත්වයට දියවෙන්නේ නැහැනේ. අන්න ඒ වගේ තමයි මේ ලාභ එළවළු තෙල් දාපු චොක්ලට්. ඒවා අපේ ඇඟ ඇතුළෙදිත් හරියට දියවෙන්නේ නැතුව ධමනි බිත්තිවල තැන්පත් වෙනවා. නියම චොක්ලට් කියන්නේ හරියට අයිස් කෑල්ලක් වගේ—කටට ගත්ත ගමන් දියවෙලා ගුණය විතරක් ඉතිරි කරන දෙයක්.

දැන් තේරෙනවා නේද අපි මෙච්චර කල් "චොක්ලට්" කියලා කෑවේ මොනවද කියලා? මීළඟ වතාවේ කඩේට ගියාම ඔයා මුලින්ම බලන්නේ ලේබලයේ තියෙන මොන අමුද්‍රව්‍යය දිහාද?

මතක තබාගත යුතු කරුණු:

ප්‍රමාණය: ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැහැ. දවසකට පොඩි චොකලට් කෑලි එකක් හෝ දෙකක් ප්‍රමාණවත්.

වර්ගය: පැකට් එකේ පිටුපස බලන්න Cocoa 70% හෝ ඊට වඩා වැඩිද කියලා. සීනි මුලටම තියෙන ඒවායින් මේ ගුණය ලැබෙන්නේ නැහැ.

වෙනස: සුදු චොකලට් (White Chocolate) වල කොකෝවා නැති තරම්, ඒ නිසා ඒවායින් මේ සෞඛ්‍ය වාසි ලැබෙන්නේ නැහැ.

ඉතින්, ගුණදායක චොකලට් කෑල්ලක් රස විඳින එක ඔබේ ශරීරයට කරන ආයෝජනයක් වගේ වැඩක්!

ඔයාට ඇත්තටම චොක්ලට් වල ගුණය ඕනේ නම්, අවම වශයෙන් 70% ක්වත් කොකෝවා තියෙන "Dark Chocolate" තෝරාගන්න එක තමයි නුවණට හුරු. නැත්නම් වෙන්නේ චොක්ලට් කනවා කියලා හිතාගෙන සීනි සහ විස තෙල් බීලා ලෙඩ වෙන එකයි.

Copied - Value info SL විශ්ම ලෝකය fb page

Address

13, Manikavita, Happitiya, Neluwa
Galle
80082

Telephone

+94767871655

Website

Alerts

Be the first to know and let us send you an email when Treaco - La posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share