Lakyaya

Lakyaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lakyaya, Embuldeniya.

16/12/2025

වෙටිවර් (සැවැන්දරා) කියන්නේ නිකම්ම තණකොළයක් නෙවෙයි. එහි මුල් අඩි 12ක් විතර යටට ගිහින් පොළොව අල්ලගෙන ඉන්නේ හරියට කොන්ක්‍රීට් කණුවක් වගේ (ශක්තිය 75 MPa).

ලෝක බැංකුව පවා අනුමත කරන මේ ක්‍රමය ඔබේ ඉඩමේ බෑවුම් ආරක්ෂා කරනවා විතරක් නෙවෙයි, මෙය සාර්ථක ව්‍යාපාරයක් විදියට පටන් ගන්නේ කොහොමද?

සම්පූර්ණ විද්‍යාත්මක විස්තරය සහ ව්‍යාපාරික සැලැස්ම පහත ලිපියේ ඇත. 👇
පලමු කමෙන්ට් ඒක බලන්න

👉 "ඔබේ ඉඩම ආරක්ෂා කරගන්න කැමති අය QR කේතය Scan කරලා බලන්න."

මෙය ව්‍යාපාරයක් ලෙස අරඹන ආකාරය (How to start - Practical Guide)

"සැවැන්දරා ව්‍යාපාරය" අරඹන්නේ කෙසේද?

මව් ශාක සොයා ගැනීම: ගන්නෝරුව හෝ මහජන පැල තවාන් වලින් මව් ශාක (Mother Clumps) කිහිපයක් ලබා ගන්න.

ප්‍රචාරණය (Propagation):

එක් පඳුරක් ගලවා එය කුඩා පැල (Slips) වලට වෙන් කරන්න.

පොලිතීන් බෑග්වල හෝ පාත්තිවල සිටුවා මාස 1.5 - 2 ක් නඩත්තු කරන්න.

එක් විශාල පඳුරකින් කුඩා පැල 30-50 ක් පමණ සාදාගත හැක.

ඉලක්කගත වෙළඳපොල:

ඔබේ ප්‍රදේශයේ මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) ව්‍යාපෘති.

හෝටල් සහ නිවාඩු නිකේතන (Resorts) වල බෑවුම් අලංකරණයට.

NBRO නිර්දේශ මත නිවාස සාදන පුද්ගලයින්.

සේවාව විකිණීම: හුදෙක් පැල විකිණීමට අමතරව, "අපි ඔබේ ඉඩමට පැමිණ විද්‍යාත්මකව මෙය සිටුවා දෙන්නෙමු" යනුවෙන් සේවාවක් (Contract) ලෙස මෙය ඉදිරිපත් කරන්න. මෙය ඉතා ලාභදායී වේ.
✍ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සෙනරත් දිසානායක

19/11/2025
13/10/2025
01/09/2025

අපෙන් ඈත්වන කෙම් ක්‍රම එකතුවක් 👇👇👇

අපේ පැරැණි මුතුන් මිත්තන් විසින් නිරන්තරයෙන් භාවිතයට ගැණුනු අපේ පුරාණ කෙම් ක්‍රම කීපයක් ගැණයි මෙහි සදහන් වන්නේ.
ඉතින් අපේ දේ වියැකී යන කාලයක හැකිනම් උත්සාහ ගන්න පරිසරයට සතුන්ට ස්වභාවධර්මයාට හානි නොකර වගා කටයුතු කරන්න. ඉතින් අපි බලමු අපෙන් ඈත් වීයන ඒ අපේ කෙම් ක්‍රම කිහිපයක්..

👍කොස්, අඹ, දෙල්, තැඹිලි වැනි ශාකයක ඵලදාව පුපුරා තැලී කුණු වී යා නම් එම ගසේ ගෙඩි කඩා දෙකට, තුනට, හතරට පලා සැමට දර්ශනය වනසේ කථා නොකර ගස මුල විසුරුවා හරින්න. මෙය පලතුරු බෝග සඳහා අත්දුටු ප්‍රත්‍යක්ෂ කෙමකි.

👍 පොල්ගස්වල පුහු ගෙඩි හට ගැනීම මෙන්ම පොල්ගස් නූපූදින කළ ද කථා නොකර උදෑසන පොල්ගසේ කඳ වටා පොල්ලෙලි මාලයක් සේ සකසා බඳිනු ලැබේ.

👍 කැලෑවකදී ආරක්ෂාව පිණිස කැලෑවට ඇතුල්වීමට පෙර කථා නොකර අත්තක් කඩා ගසක එල්ලයි.

👍කැලෑවකදී මං මුලා වැල් හෙවත් බැදි වැල් පයට පෑගුණ විට කැලෑව තුළ වල්මත් වී අතරමංව පාර සොයාගත නොහැකි වේ. එවැනි අවස්ථාවක කථා නොකර මදු වැලක් සොයා පෑගූ විට පහසුවෙන් ආපසු යෑමට පාර සොයාගත හැකිය.

👍 අලි ඇතුන්ගෙන් වගාවලට මෙන්ම නිවෙස්වලටද මනුෂ්‍යයන්ටද වන හානි වළකා ගැනීමට අති දුර්ලභ මදාරා ගසේ කෝටුවක් හෝ ලීයක් ගෙන කථා නොකර ආරක්ෂා සහිත ස්ථානයක, දුරක සිට අලි ඇතුන්ට දර්ශනය කරන්න. අලි ඇතුන් මදාරා ලීයට බිය බැවින් ආපසු හැරී පලා යයි.

👍 කැලේදී ඉසේ ඇම්මක් ඇති වුවහොත් දෙඇස වසාගෙන කථා නොකර අතට අසුවුනු ගසක කොළයක් කඩා හොඳින් පොඩිකර නළල දෙපස ගානු ලැබේ.

👍 කුහුඹුවන් පලවා හැරීමට විනාකිරි 1:3 අනුපාතයට ජලය සමඟ මිශ්‍රකර හිමිදිරි පාන්දර කුහුඹුවන් සිටින දෙසට කථා නොකර ඉසීම කළ යුතුවේ.

👍කුඹුරේ මීයන් මර්දනයට මීයන් තලා දැමූ ගොයම නියර මත දමා මල්වර වූ අවිවාහක තරුණියක ලවා පාගවන්න. මෙය පාවහන් රහිතව කථා නොකර කළ යුතුය.

👍මීවද ඇති ඉසව් සොයා ගැනීමට බඳුනකට ජලය පුරවා ගස් දෙබලක තබන්න. මී මැස්සෝ එයට පියාසර කර පැමිණෙන දිශාව බලා මී වද ඇති ඉසව් තීරණය කළ හැක.

👍පැඟිරි වර්ගයේ ශාක වගා කරනු ලබන දෙහි, ‍ෙදාඩම් ඇතුළු ඒ ආශි්‍රත වගාවල පලදාව මුළුමනින්ම නොමැති නම් හෝ පලදාව අල්ප වශයෙන් ලැබේ නම් එම ගස මුලට හානි නොවන සේ ගිනි මැලයක් (දැල්වීම) අතු කප්පාදු කිරීම හෝ එම අතුවලට හිරිහැර කිරීම, අතුවල පොල් ලෙලි එල්ලීම කරන්න.

👍ගොයම් මැස්සන් එළවීමට ඇත්නම් කැන්ද අත්තක් ගෙන කුඹුරට ගොස් "කැන්ද ගනින් ගනින් ගනින්" කියමින් 21 වරක් අත්තට මතුරා පසුව "කැන්ද ගනින් ගනින් ගනින්" කියමින් කුඹුර වටේ යමින් කුඹුරේ ඇති ගොයම් දෙසට අත්තෙන් ගසමින් කපු මහතුන් දේවාලයකදී මොනර පිහාටු එක්කර ඔබට ආශීර්වාද කරන ආකාරයට සිදු කරන්න.අලුයම හිරු උදාවට පෙර කළ යුතු බවත් එවිට ගොයම් මැස්සන් එම කෙම් ක්‍රමය අනුව ඉවත් වන බවත් පැවැසේ. ඇතැම් විට මෙය කරනු ලබන අයගේ කුඹුරට මෙම ක්‍රමයෙන් ප්‍රතිඵල ලද විට අසල ඇති කුඹුරේද ඒ ආකාරයට ගොයම් මැස්සන් සිටී නම් නැවත ඒමට ඉඩ ඇති බැවින් සාමූහිකව තම තමන්ගේ කුඹුරුවල පවත්නා ගොයම් මැස්සන්ගෙන් සිදුවන වගා හානිය වළක්වා ගැනුමට ක්‍රියා කළ යුතුය.

👍වෙනත් කෘමි උවදුරුවලට
ගොඩ ගොවිතැන් කරන ගොවි මහත්වරුන්ටද වෙනත් කෘමි වර්ග නිසා ඇතිවන වගා හානිය වැළක්වීමටද මෙම ක්‍රමය උපයෝගී කර ගත හැකියි.

කතා නොකර කැන්ද අතු කිහිපයක් කඩාගෙන පැමිණ ඉතා පිරිසුදු භාජනයකට (වංගෙඩියකට) එම කොළ සියුම්ව කුඩා කැබැලිවලට කපා සකස්කර දමන්න. ඉන්පසු එයට අමුකහ ස්වල්පයක්ද එක්කර කොටා පසුව එම කොටාගත් මිශ්‍රණයට එකට දහය යන පරිමාවට වතුර මිශ්‍රකර වතුරේ හොඳට කලතමින් දිය කරන්න එසේ දියකර ගත් වතුර පෙහරන්කඩයක් උපයෝගී කරගෙන පෙරා පසුව තුන්වරක් හෝ 7 වරක් මේ ආකාරයට පෙරා සුදුසු භාජනයකට ගන්න.

ඉන්පසුව මස් මාංස අනුභව කිරීමෙන්, මත් පැන් පානය කිරීමෙන් වැළකී තමන් පිරිසුදුව සුදු වස්ත්‍රයකින් සැරැසී මල් බුලත් පුටුවක් සාදා ගෙන පෙරාගත් බඳුන ඒ මත තබා තෙරුවන් සිහිකර බුදුන්වහන්සේට පහනක් දල්වා පසුව ප්‍රදේශයට අධිපති දෙවියන් උදෙසා පහනක් දල්වා දේව මණ්ඩලයද සිහිපත්කර තෙරුවන් නැමද, රතන සූත්‍රය තුන් වරක් හෝ හත් වරක් කියා පසුව මහා මංගල සූත්‍රය, කරණීයමෙත්ත සූත්‍රය කියා දෙවියන්ට පින්දී මා මේ කරනු ලබන්නා වූ උතුම් කාර්යය සඳහා ඔබ වහන්සේගේ ආශීර්වාදයද ලැබ මෙම කෘමි උවදුරෙන් මාගේ, අපගේ කුඹුරට බලපා ඇති සියලුම දෝෂ දුරු කරදී ආරක්‍ෂාව යහපත උදාකර දෙනු මැනව කියා වැඳ නමස්කාර කර,

අම්බම් මැස්සෝ - බ්‍රම්මම් මැස්සෝ, ගැටවම් මැස්සෝ, පිලවම් මැස්සෝ, මැසි මදුරුවෝ පෝග පෝග ඒසවාහ-- කියමින් එම භාජනය තමන්ගේ මුඛය අසලට ළංකර ගතහැකි අන්දමට ගෙන සුවඳ කුඩු තමන්ගේ ඇඟිලි තුඩුවලට ගෙන මුඛයට ළංකර මෙම මන්ත්‍රය කියමින් එය අවසානයේ ගිනි කබලට එම ජීවම් කළ කුඩු දමමින් දුම් දෙමින් 108 වරක් මතුරා ගන්න. හැකිනම් කුඹුරේ නොපෑගුණු ස්ථානයකින් වැලි හෝ පස් හෝ (සියුම් ලෙස කුඩු කරගත යුතුය.) ගෙන ඒවාද මෙම මල් බුලත් පුටුවේ තබා ඒ සමඟම ජීවම් කරගන්න. පසුව පාන්දර හිරු උදාවීමට පෙර "කැන්ද කැන්ද ගනින් ගනින් ගනින්" කියමින් (තොල් මතුරමින්) කුඹුරට ඉසින්න. වැලි සහ පස්ද ඒ ආකාරයටම ඉසින්න. මෙම කෙම් ක්‍රම අනුගමනය කිරීමේදී තමා විසින්ම ඉතා කැපවීමකින් කරගත යුතු බව සිතන්න.

ඉහත සඳහන් කළ කැන්ද කොළවලට ග්ලිසිරීඩියා හෙවත් ඇතැම් ප්‍රදේශවල භාවිත කරන මැටි මාර කොළ සහ මල්ද මිශ්‍රකර කොටා ඒ ආකාරයට සකස්කර ගතහොත් මෙම කෘමි උවදුරට මීට වඩා ප්‍රතිකර්මයන් කිරීමට ඉඩ ඇති බවයි. ඒ පිළිබඳ ඔබගේ අවධානය යොමුකොට පළමුව සුළුවෙන් සකස්කර ගෙන සුළු ප්‍රමාණයකට ඉස ඒ පිළිබඳ අත්හදා බලන්න.

👍සතුන්ගේ උවදුරු නැසීමට
හේනට හෝ කුඹුරට අලි, ගෝන, වල් උෟරන්, මීමින්නන් ඇතුළු විවිධ සතුන්ගෙන් අලාභහානි කරයිද, කතා නොකර ගොක් කොළ රැහැන් කිහිපයක් ගෙන එම වන සතුන් එන මාර්ගවල තීරුවලට ඉරාගෙන මාර්ගය අහුරා ඇද දමන්න. මෙයද ඉපැරැණි කෙම් ක්‍රමයකි.

👍මී උවදුරට
මීයන් විශාල වශයෙන් බෝවීම නිසා හේනේ කුඹුරේ මෙන්ම ගොවි පෙළේද වගාවන්ට සිදුවන විනාශය අති විශාලය. කුඹුරේ ගැවසෙන මීයන් නිසා මී උණ වැනි භයානක රෝගයන්ටද ගොවි මහතුන්ට මුහුණදීමට සිදුව ඇත. එමෙන්ම නිවෙසේද පොත්පත්වලටද ඇඳුම් ආදියටද විවිධ ආහාරවලටද හානි සිදු කරයි.

කුඹුරේ, ගොවිපළේ මෙන්ම නිවෙසේදී මීයන් වැඩිපුර ගැවසෙන ස්ථානවල බළල් බෙටි සමඟ අමු ගොම මිශ්‍රකර කතා නොකර තබන්න.

ග්ලිරිසිඩියා හෙවත් වැට මාර නමින් හඳුන්වන ශාකයේ මල් පොකුරු කිහිපයක් මීයන් සිටින ස්ථානවල තැබීමෙන්ද, වඳවීම හෝ ඉවත්වීම සිදුවේ. කතා නොකර මෙය කළ යුතුය. ඇතැම් ප්‍රදේශවල ඉපැරැණි ගොවි මහතුන් තමන්ගේ කුඹුරේ මීයන් වඳ කිරීම සඳහා ග්ලිරිසිඩියා ගස්වල මල් අමු කොළ එකට දමා කොට, අමුගොම සමඟ හොඳට මිශ්‍ර කර භාජනයකට දමා ගව මුත්‍ර දමා සතියක් පමණ වසා තබා එම දියරය මීයන් වසන ස්ථානවල විශේෂයෙන් කුඹුරේ ලියදිවල ඇති මී බෙන තුළට කතා නොකර දැමීමෙන් මීයන් වඳ වේ.

👍කෘමි උවදුරට
කුල්ලක ලාටු ගා පැළ අතර එහා මෙහා ගෙන යෑමද, රාත්‍රි කාලයේදී කැකුණ තෙල් පොඟවා ගත් පන්දම් කුඹුරේ දැල්වීමද සිදුකර ඇත. ඒ මඟින් කෘමීන්ගෙන් වගාවන් ආරක්‍ෂා කිරීමට පියවර ගෙන ඇත.

👍පලතුරු වගාවට
පලතුරු වගාවන්වල ඇතැම් මැස්සන් හා කෘමින්ගෙන් විශාල හානි සිදුවේ. මේ සඳහාද විවිධ කෙම් ක්‍රම භාවිත කර ඇත. පෙරමෝන උගුල නමැති බෝගල් හෝ එවැනි උපකරණ සම්බන්ධ කර ගෙන කළ ක්‍රියාවන්ද පැවැත ඇත. කෘමි සතුන් පාලනය කිරීමට කෘමි විකර්ෂක ශාක වගා කිරීමද භාවිත කර ඇත. නියරවල් දිගට දහස්පෙතියා, සූරියකාන්ත, කපුරු වැනි ශාක හිරු උදාවට පෙර කතා නොකර ගොස් ගොයම් පැළ සිටුවීමත් සමඟ හෝ ඉන් ටික කලකට පසු වගාකර ඇති බව සඳහන් වේ. මෙම මල් වගා කිරීමේ හේතුවෙන් කෘමීන් වඳවීම හෝ එම ප්‍රදේශයෙන් ඉවත් වී ඇති බව ප්‍රකට වී ඇත.
ගෙවත්තේ පලතුරු ගස්වල මල් පිපෙන සමයට හීරැස්ස වැල් කැබැල්ලක් ගසේ නැගෙනහිර දිශාවේ අත්තක බැඳ තබන්න. ඇස්වහ කටවහ දෝෂ දුරු වීමට මෙම කාර්යය කිසිවකුට නොපෙනී කතා නොකර ඉර පායන්න පෙර සිදුකිරීම කළ යුතුය.
කොස්, දොඩම්, අඹ, බෙලි, කෙසෙල් ආදී පලතුරු ගසේදී පුපුරා විනාශ වීම වැළැක්වීම සඳහා කෙම්මුර දිනයක අලූයම යකිනාරං අත්තක් ගෙන පලබර ගසේ නැගෙහිර දෙස කඳ පිරිමැද ගසමුල අත්ත සිටුවන්න. ඇස්වහ කටවහ නිසා පලතුරු පුපුරා විනාශ වීම නවතී.

👍 කුඹු‍රෙන් සරු අස්වැන්නක් ලැබීමට ඇටි කෙසෙල් අලයේ යුෂ මී ඇට තෙල් ගෙන ඉවර වු පසු ඉතිරි වන රොඩ්ඩ සමඟ මිශ්‍ර කර එම යුෂයෙන් බිත්තර වී පොඟවා වැපිරීමට ගන්න.

👍 වී අස්වැන්න සරු සාර වීමට බුලු ගසක බදින ලද පිළිලයක් පුවපල් නැකත යෙදී ඇති දිනක ගලවා කුඹුර මැද දැමීමෙන් වැඩි අස්වැන්නක් ලබාගත හැක. ගොයමි පාගන විටදී ද එවැනි පිළිලයක් කමතේ වැලලීමෙන් ද වැඩි අස්වැන්නක් ලැබේ.

👍ලබු කිඳ කොටා යුෂ ගෙන එයට අමු ගොම මීශ්‍ර කර දිය කරන්න. මේ මිශ්‍රණය දිනක් හෝ දෙකක් පල්වෙන්නට හැර බිත්තර වී පොඟවා වැපිරීමට ගන්න.

👍 කුඹුර වපුරා දින ගණනක් ගිය විට විවිධ කොල කන පණුවන් මර්ධනය කිරීමට වක්කඩට කැප්පිටියා කොළ දමන්න.

👍 කුඹුර වපුරා දින ගණනක් ගිය විට විවිධ කෘමින්ගෙන් වී වගාවට හානි සිදුවේ. මෙවැනි අවස්ථා වල කුඹුරෙහි තැනින් තැන ඉනි සිටුවා ඒ මත පොල්ලෙල්ලක් හෝ ලෑල්ලක් වැනි දෙයක් තැබීමෙන් දිවා හා රාත්‍රි කාලවලදී ඒ මත විවිධ කුරුල්ලන් වසා කෘමීන් ආහාරයට ගනී. ඒ මඟින් කෘමීන් මර්ධනය කල හැක.

👍විවිධ කුරුල්ලන්ගෙන් ගොයමට වන හානි වලක්වා ගැනීමට මා නැකත ඇති දිනක මී ගසක මුලක් ගලවා කුඹුරේ මැද සිටුවන්න.

👍 කුඹුරට මීයන්ගෙන් වන හානිය මර්ධනය කිරීමට අන්නාසි කොළ ගෙන ඒවායේ බුලත් විටට ගන්නා හූණු වලින් ඉරි ඇඳ ඒවා කුඹුරේ තැන්තැන් වල දමන්න. මේවා බැලු බැල්මට සර්පයන් සේ පෙනෙන බැවින් මීයන් ඒම වැලකේ.

👍 වී වගාවේ පුරුක් පණුවන් මර්ධනයට පොල්පිති කපා ඒවායේ හිස කොටස ඉහළට සිටින සේ කුඹුරෙහි සිටුවීමෙන් ඒ මත වසන කුරුල්ලන් පුරුක් පණුවන් ආහාරයට ගැනීම නිසා පුරුක් පණුවන් වඳ වේ.

👍පොල් කොමිබයකට පිලිස්සුණු එන්ජින් ඔයිල් යොදා පහනක් දැල්වීමෙන් කුඹුරේ සිටින පුරුක් පණුවන්, දළඹුවන් , ගෙප්මැස්සන්, ගොයම් මකුණන් ආදී සතුන් ගෙන් වන හානී අවම කර ගත හැක.

👍කුඹුරේ වක්කඩ ළඟ වලක් හාරා එයට කොහොඹ කොළ , කදුරු කොළ , දලුක් කොළ, දොඩම් කොළ, තිත්ත කිඳ ,කලවැල් වැනි සැර ගඳක් ඇති කොළ වර්ග එම වලේ රඳවා තැබීමෙන් වතුර සමඟ මීශ්‍රව කුඹුර පුරාම ඒවා ගලා යන නිසා ගොයමේ ඇති විවිධ කෘමීන් මර්ධනය වේ.

👍 කුඹුරේ නියරවල පලා වර්ග එළවලු වර්ග වගා කිරිමෙන් පළිබෝධ හානී අඩු කර ගත හැක.

👍 හිනි මිරිස්, නයි මිරිස්, වියළි මිරිස් වැනි සැර ගඳ ඇති දෙයක් අඹරා ජලයෙහි දියකර ඉසීමෙන් ගොයමේ පැල මැක්කන් වඳ කර ගත හැක.

👍 දුඹුරු පැල කීඩෑවන් නිසා ගොයමට වන හානිය වලක්වා ගැනීමට කුඹුරේ වතුර හිස් කර ගොයම් ගස් මුලට අව්ව වැටීමට සලස්වන්න.

👍 දුඹුරු පැල කීඩෑවන් සිටින ස්ථාන වලට ,
අලු වලට භූමී තෙල් මීශ්‍රකර ඉසින්න.
වැලි වලට භූමී තෙල් මීශ්‍රකර ඉසින්න.
ගෝනි පඩංගු භූමී තෙල් වලින් පොඟවා කුඹුරේ තැන් තැන් වල දමන්න.

👍ඉබි කුරුමිණියා ,ඔක්සිඩිසින් මකුලුවා , රතු කාවා ,රතු කඩි කුරුමිණියා වී ගොවිතැනේ හිතකර කෘමීන්ය. මොවුන් පළිබෝධකයන් ආහාරයට ගන්නා නිසා පළිබෝධ නාශක ඉසීමක් අවශ්‍ය නොවේ.

👍කෙම්මුර දිනයක දිය නා පිරිසිදු පිරුවටයක් ඇඳ දිය කිරිල්ල අත්තක් කඩා ගෙන.

“ඕං නමෝ මෙති මෙති මලා මෙතියේස්වාහං“
යන ගාථා මන්ත්‍රය 10වරක් මතුරා කුඹුරේ සිටුවීමෙන් වී ඇහිලීමට කුඹුරට එන කුරුල්ලෝ අඩු වේ.

👍වී වැපුරුවිට විවිධ කුරුල්ලෝ වී ඇහීළීමට එති. එය වලක්වා ලීමට මල් කෑර කෝටු හතරකට

“නමෝ මහා මෙහි ගන්නේ මමයි ඒහි ඒස්වාහං“
යන මන්ත්‍රය 108 වරක් මතුරා කුඹුරේ හතර කොනේ සිටුවීමෙන් කුරුල්ලෝ වී ඇහීලීමට නෙඓති.

👍 වී කුඹුරට ඉස දින 3 ක් 4ක් ගත වු පසු විවිධ කෘමීන් ඒම වැළැක්වීමට අලු ටිකක් ගෙන
“ සබ්බ පාපස්ස අකරණං“
යන ගාථාව මතුරා කුඹුරට ඉසින්න.

👍 වක්කඩ අසල තරමක වලක් හාරා ,වරා කොළ හෝ දලුක් අතු හෝ කැප්පෙටියා අතු දැමීමෙන් කෘමීන් කුඹුරට ඒම වළක්වා ගත හැක. සමහර කාල වල කුඹුරට ගොලුබෙල්ලෝ බෝ වේ. එවිට ලියැදි වල වතුර බැඳිමෙන් ගොලුබෙල්ලෝ නියරට ඒම නිසා කපුටන් කා දමති.

👍 බිත්තර වී වපුරණ විට “ සබ්බ පාපස්ස අකරණං“ යන ගාථාව සත් වරක් මැතිරීමෙන් කෘමී උවදුර අඩු කර ගත හැක.

👍 කටු වල අල ශුද්ධ කීරීමෙන් පසු පිට පොත්ත සහිත ලෙලි එකතු කර ඒවා වක්කඩ ළඟ පොඩි වළක් හාරා එයට දැමීමෙන් වේ උවදුර වලක්වා ගත හැක.

👍 නොපෑගුන ස්ථානයකින් වැලි ටිකක් ගෙන මල් බුලත් තට්ටුවක තබා ,
“ඕං නමෝ ඇති නිමී යේස්වාහං“
යන මන්ත්‍රෙයන් 108 වරක් මතුරා ඉසීමෙන් මීයන් ඒම වළකී.

👍පීදෙන ගොයමට ගොයම් මැස්සන් බෝ වීම බහුලව සිදුවේ. යායක් එකම කාලයකදී වැපීරීම මඟින් මෙය බොහෝ දුරට අඩු නර ගැනීමට හෝ වලක්වා ගැනීමට පුළුවන. රාත්‍රී කාලයේදී ලන්තෑරුමක් එල්ලීමෙන් ද ගොයම් මැස්සන් අඩු කර ගත හැක.

👍 වැලි අහුරක් ගෙන “ නමෝ තීල තීල අභිලේස්මාහං“ යන මන්තරයෙන් 21 වරක් මතුරා කුඹුරට ඉසීමෙන් ගොයම් මැස්සන් වඳවේ.

👍 කඹයක් හෝ කොහු ලණුවක් තැනින් තැන රෙදි පාන්කඩ දවටා දුම්මල තෙල් හෝ කැකුණ තෙල් පොඟවා කුඹුරේ ගොයම් කොළ වල ගෑවෙන සේ ඇදීමෙන් ගොයම් මැස්සන් වඳවේ.

👍දීග ලීයක කුල්ලක් බැඳ කුල්ලේ යම් මැලියම් වර්ගයක් ගා ගොයමේ කුල්ල ඇතිලිලීමෙන් මැස්සන් වඳ කරගත හැක.

👍 රුක් අත්තන ගසේ පොතු වේලා වංගෙඩියේ කොටා පිටි කර එම පිටි කුඹුරේ කීඩෑවන් සිටින ස්ථාන වලට ඉසීමෙන් මැස්සන් වඳ කරගත හැක.

👍ගොයම් වැඩී ඇති අවස්ථා වලදී ඇස්වහ කටවහ දෝෂ ද ඇති වේ. මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වීමට පඹයෙකු සාදා සවි කරන්න.

👍පොල් කොළ අග්ගිස් කෑලි 7 ක් ,වියළී මිරිස් කරල් 7ක් , දෙහි කොළ 7ක් ,මිරිස් ඇට 7 ක්, සීනක්කාරම් හා අළු ස්වල්පයක් දමා කථා නොකර කුඹුරට දුම් ඇල්ලීමෙන් ඇස්වහ කටවහ දෝෂ දුරු වේ.

👍 මීයන්ට , අමු ගොම හෝ එළු බෙටි පොල් කටු වලට දමා කුඹුරේ තැනින් තැන තබන්න. වැට මාර ගස්වල වල පොතු බත් සමඟ මීශ්‍ර කර ගුලි කර කුඹුරේ තැනින් තැන වල දමන්න. වැට මාර මල් කුඹුරේ තැනින් තැන විසුරුවා හරින්න.

👍මීයන්ට, කුරුල්ලන්ට - ගොයමට උඩින් පොලිතින් පටි, කැසට් පටි අදින්න.

👍පීදෙන ගොයම ගොයම් මැස්සන්ගෙන් ආරක්ෂා කිරීමට , හිමිදිරි පාන්දර කුඹුරට ගොස් කථා නොකර ‍ගොයම් මැස්සකු අල්ලා ගන්න. වියළි මිරිස් කරලක් ගෙන අග කොටස තරමක් කඩා අල්ලා ගත් මැස්සා එතුළට දමා නූලකින් මැස්සා පිටතට නොඑන ආකාරයට බදින්න. ඊට පසු කථා නොකර ගෙදරට පැමිණ එය දුම් මැස්සේ නටුව උඩට සිටින සේ එල්ලන්න. දුම් වදිනවිට මැස්සන් වඳවේ.
එසේම දෙහි ගෙඩියක ඇස්ස කපා පෙර පරිදිම ගොයම් මැස්සකු එතුළට දමා දුම් මැස්සේ දුම් වඳින සේ එල්ලා තබන්න.

👍 ලබු ගෙඩියේ ඇස්ස කපා ගොයම් මැස්සකු අල්ලා ගෙන ඒ තුළට දමා ඇස්ස වසන්න. එය රැගෙන කුඹුරේ වටේට ගොස් කුඹුරේ මැද ඉන්නක් සිටුවා ගොක් කොළයක් බැඳ ගෙඩිය එහි තබන්න. ගොයම් මැස්සන් වඳ වේ.

👍 කුඹුර වටේ හතර කොනින් ගොයම් මැස්සන් හතර දෙනෙකු ද හරි මැද්දෙන් තවත් ගොයම් මැස්සකු ද හිමිදිරි පාන්දර කථා නොකර අල්ලා ගන්න. ඊට පසු හිගුරළ වැලක පොළවේ සිට අඩියක් පමණ ඉහළින් එහි පොත්ත ගලවා මැස්සන් පස් දෙනා පොත්තට මැදි කර ගොයම් ගසකින් බඳින්න. වැල මැරි යන ආකාරයට ගොයම් මැස්සන් වඳ වේ.

👍 ගොයම් මැස්සන් පස් දෙනෙකු අල්ලා එය හරකෙකු, බල්ලෙකුට ,කුකුළෙකුට ගිල්විය යුතුයි.ඒ සමඟම කුඹුර හිමියා ද තුන් වරුවක් කුඹුරට නොයා යුතුයි.

👍 කුඹුරේ මැසි මදුරුවන් වැඩි වේ නම් සිව් කොනේ කෝටු හතරක් සිටුවා ගොටු සවිකර ඒවාට දිහේ පෙඟවු මුං ඇට ස්වල්පයක් දමන්න. මුං ඇට පැළ වේගන එන විට මැස්සන් දුරුවේ.

👍 හීන් කොච්චි ,හිනි මිරිස්, පල්මානික්කම්, සිනක්කාරම්, සහිඳ ලුණු, එක තරමට ගෙන අඹරා ගුලි කර වල් ලුණු අලයක් ගෙන මදය ඉවත් කර එම ගුලිය එහි තබා සිදුර වසා කුඹුරේ සිව් කොන වැළලීමෙන් ,අලය කුණුවී යන විට ගොයමට පැමිණෙන කෘමීන් මර්ධනය කර ගත හැක.

👍කෙම්මුර දිනයක ඇඹුල් දොඩම් ගෙඩි 4ක් 5ක් කඩා ගෙන කුඹුරේ ස්ථාන කිහිපයක වැළලීමෙන් ගොයමට එන මැස්සන් දුරුවේ.මෙහි අන්තර්ජාලයෙන්උපුටා ගත් කරුණු ඇතුලත් වන අතර මේ දැනුම පැරණි මුතුන් මිත්තන්ගෙන් අපට උරුම කල දුන් ඒවා වේ.

උපුටාගැනිමකී..

29/06/2025

අපෙන් ඈත්වන කෙම් ක්‍රම එකතුවක්... 😮🍃🎋

අපේ පැරැණි මුතුන් මිත්තන් විසින් නිරන්තරයෙන් භාවිතයට ගැණුනු අපේ පුරාණ කෙම් ක්‍රම කීපයක් ගැණයි මෙහි සදහන් වන්නේ.
ඉතින් අපේ දේ වියැකී යන කාලයක හැකිනම් උත්සාහ ගන්න පරිසරයට සතුන්ට ස්වභාවධර්මයාට හානි නොකර වගා කටයුතු කරන්න. ඉතින් අපි බලමු අපෙන් ඈත් වීයන ඒ අපේ කෙම් ක්‍රම කිහිපයක්..

🔥කොස්, අඹ, දෙල්, තැඹිලි වැනි ශාකයක ඵලදාව පුපුරා තැලී කුණු වී යා නම් එම ගසේ ගෙඩි කඩා දෙකට, තුනට, හතරට පලා සැමට දර්ශනය වනසේ කථා නොකර ගස මුල විසුරුවා හරින්න. මෙය පලතුරු බෝග සඳහා අත්දුටු ප්‍රත්‍යක්ෂ කෙමකි.

🔥 පොල්ගස්වල පුහු ගෙඩි හට ගැනීම මෙන්ම පොල්ගස් නූපූදින කළ ද කථා නොකර උදෑසන පොල්ගසේ කඳ වටා පොල්ලෙලි මාලයක් සේ සකසා බඳිනු ලැබේ.

🔥 කැලෑවකදී ආරක්ෂාව පිණිස කැලෑවට ඇතුල්වීමට පෙර කථා නොකර අත්තක් කඩා ගසක එල්ලයි.

🔥කැලෑවකදී මං මුලා වැල් හෙවත් බැදි වැල් පයට පෑගුණ විට කැලෑව තුළ වල්මත් වී අතරමංව පාර සොයාගත නොහැකි වේ. එවැනි අවස්ථාවක කථා නොකර මදු වැලක් සොයා පෑගූ විට පහසුවෙන් ආපසු යෑමට පාර සොයාගත හැකිය.

🔥 අලි ඇතුන්ගෙන් වගාවලට මෙන්ම නිවෙස්වලටද මනුෂ්‍යයන්ටද වන හානි වළකා ගැනීමට අති දුර්ලභ මදාරා ගසේ කෝටුවක් හෝ ලීයක් ගෙන කථා නොකර ආරක්ෂා සහිත ස්ථානයක, දුරක සිට අලි ඇතුන්ට දර්ශනය කරන්න. අලි ඇතුන් මදාරා ලීයට බිය බැවින් ආපසු හැරී පලා යයි.

🔥 කැලේදී ඉසේ ඇම්මක් ඇති වුවහොත් දෙඇස වසාගෙන කථා නොකර අතට අසුවුනු ගසක කොළයක් කඩා හොඳින් පොඩිකර නළල දෙපස ගානු ලැබේ.

🔥 කුහුඹුවන් පලවා හැරීමට විනාකිරි 1:3 අනුපාතයට ජලය සමඟ මිශ්‍රකර හිමිදිරි පාන්දර කුහුඹුවන් සිටින දෙසට කථා නොකර ඉසීම කළ යුතුවේ.

🔥කුඹුරේ මීයන් මර්දනයට මීයන් තලා දැමූ ගොයම නියර මත දමා මල්වර වූ අවිවාහක තරුණියක ලවා පාගවන්න. මෙය පාවහන් රහිතව කථා නොකර කළ යුතුය.

🔥මීවද ඇති ඉසව් සොයා ගැනීමට බඳුනකට ජලය පුරවා ගස් දෙබලක තබන්න. මී මැස්සෝ එයට පියාසර කර පැමිණෙන දිශාව බලා මී වද ඇති ඉසව් තීරණය කළ හැක.

🔥පැඟිරි වර්ගයේ ශාක වගා කරනු ලබන දෙහි, ‍ෙදාඩම් ඇතුළු ඒ ආශි්‍රත වගාවල පලදාව මුළුමනින්ම නොමැති නම් හෝ පලදාව අල්ප වශයෙන් ලැබේ නම් එම ගස මුලට හානි නොවන සේ ගිනි මැලයක් (දැල්වීම) අතු කප්පාදු කිරීම හෝ එම අතුවලට හිරිහැර කිරීම, අතුවල පොල් ලෙලි එල්ලීම කරන්න.

🔥ගොයම් මැස්සන් එළවීමට ඇත්නම් කැන්ද අත්තක් ගෙන කුඹුරට ගොස් "කැන්ද ගනින් ගනින් ගනින්" කියමින් 21 වරක් අත්තට මතුරා පසුව "කැන්ද ගනින් ගනින් ගනින්" කියමින් කුඹුර වටේ යමින් කුඹුරේ ඇති ගොයම් දෙසට අත්තෙන් ගසමින් කපු මහතුන් දේවාලයකදී මොනර පිහාටු එක්කර ඔබට ආශීර්වාද කරන ආකාරයට සිදු කරන්න.අලුයම හිරු උදාවට පෙර කළ යුතු බවත් එවිට ගොයම් මැස්සන් එම කෙම් ක්‍රමය අනුව ඉවත් වන බවත් පැවැසේ. ඇතැම් විට මෙය කරනු ලබන අයගේ කුඹුරට මෙම ක්‍රමයෙන් ප්‍රතිඵල ලද විට අසල ඇති කුඹුරේද ඒ ආකාරයට ගොයම් මැස්සන් සිටී නම් නැවත ඒමට ඉඩ ඇති බැවින් සාමූහිකව තම තමන්ගේ කුඹුරුවල පවත්නා ගොයම් මැස්සන්ගෙන් සිදුවන වගා හානිය වළක්වා ගැනුමට ක්‍රියා කළ යුතුය.

🔥වෙනත් කෘමි උවදුරුවලට
ගොඩ ගොවිතැන් කරන ගොවි මහත්වරුන්ටද වෙනත් කෘමි වර්ග නිසා ඇතිවන වගා හානිය වැළක්වීමටද මෙම ක්‍රමය උපයෝගී කර ගත හැකියි.

🔥කතා නොකර කැන්ද අතු කිහිපයක් කඩාගෙන පැමිණ ඉතා පිරිසුදු භාජනයකට (වංගෙඩියකට) එම කොළ සියුම්ව කුඩා කැබැලිවලට කපා සකස්කර දමන්න. ඉන්පසු එයට අමුකහ ස්වල්පයක්ද එක්කර කොටා පසුව එම කොටාගත් මිශ්‍රණයට එකට දහය යන පරිමාවට වතුර මිශ්‍රකර වතුරේ හොඳට කලතමින් දිය කරන්න එසේ දියකර ගත් වතුර පෙහරන්කඩයක් උපයෝගී කරගෙන පෙරා පසුව තුන්වරක් හෝ 7 වරක් මේ ආකාරයට පෙරා සුදුසු භාජනයකට ගන්න.

ඉන්පසුව මස් මාංස අනුභව කිරීමෙන්, මත් පැන් පානය කිරීමෙන් වැළකී තමන් පිරිසුදුව සුදු වස්ත්‍රයකින් සැරැසී මල් බුලත් පුටුවක් සාදා ගෙන පෙරාගත් බඳුන ඒ මත තබා තෙරුවන් සිහිකර බුදුන්වහන්සේට පහනක් දල්වා පසුව ප්‍රදේශයට අධිපති දෙවියන් උදෙසා පහනක් දල්වා දේව මණ්ඩලයද සිහිපත්කර තෙරුවන් නැමද, රතන සූත්‍රය තුන් වරක් හෝ හත් වරක් කියා පසුව මහා මංගල සූත්‍රය, කරණීයමෙත්ත සූත්‍රය කියා දෙවියන්ට පින්දී මා මේ කරනු ලබන්නා වූ උතුම් කාර්යය සඳහා ඔබ වහන්සේගේ ආශීර්වාදයද ලැබ මෙම කෘමි උවදුරෙන් මාගේ, අපගේ කුඹුරට බලපා ඇති සියලුම දෝෂ දුරු කරදී ආරක්‍ෂාව යහපත උදාකර දෙනු මැනව කියා වැඳ නමස්කාර කරන්න

🔥අම්බම් මැස්සෝ - බ්‍රම්මම් මැස්සෝ, ගැටවම් මැස්සෝ, පිලවම් මැස්සෝ, මැසි මදුරුවෝ පෝග පෝග ඒසවාහ-- කියමින් එම භාජනය තමන්ගේ මුඛය අසලට ළංකර ගතහැකි අන්දමට ගෙන සුවඳ කුඩු තමන්ගේ ඇඟිලි තුඩුවලට ගෙන මුඛයට ළංකර මෙම මන්ත්‍රය කියමින් එය අවසානයේ ගිනි කබලට එම ජීවම් කළ කුඩු දමමින් දුම් දෙමින් 108 වරක් මතුරා ගන්න. හැකිනම් කුඹුරේ නොපෑගුණු ස්ථානයකින් වැලි හෝ පස් හෝ (සියුම් ලෙස කුඩු කරගත යුතුය.) ගෙන ඒවාද මෙම මල් බුලත් පුටුවේ තබා ඒ සමඟම ජීවම් කරගන්න. පසුව පාන්දර හිරු උදාවීමට පෙර "කැන්ද කැන්ද ගනින් ගනින් ගනින්" කියමින් (තොල් මතුරමින්) කුඹුරට ඉසින්න. වැලි සහ පස්ද ඒ ආකාරයටම ඉසින්න. මෙම කෙම් ක්‍රම අනුගමනය කිරීමේදී තමා විසින්ම ඉතා කැපවීමකින් කරගත යුතු බව සිතන්න.
ඉහත සඳහන් කළ කැන්ද කොළවලට ග්ලිසිරීඩියා හෙවත් ඇතැම් ප්‍රදේශවල භාවිත කරන මැටි මාර කොළ සහ මල්ද මිශ්‍රකර කොටා ඒ ආකාරයට සකස්කර ගතහොත් මෙම කෘමි උවදුරට මීට වඩා ප්‍රතිකර්මයන් කිරීමට ඉඩ ඇති බවයි. ඒ පිළිබඳ ඔබගේ අවධානය යොමුකොට පළමුව සුළුවෙන් සකස්කර ගෙන සුළු ප්‍රමාණයකට ඉස ඒ පිළිබඳ අත්හදා බලන්න.

🔥සතුන්ගේ උවදුරු නැසීමට
හේනට හෝ කුඹුරට අලි, ගෝන, වල් උෟරන්, මීමින්නන් ඇතුළු විවිධ සතුන්ගෙන් අලාභහානි කරයිද, කතා නොකර ගොක් කොළ රැහැන් කිහිපයක් ගෙන එම වන සතුන් එන මාර්ගවල තීරුවලට ඉරාගෙන මාර්ගය අහුරා ඇද දමන්න. මෙයද ඉපැරැණි කෙම් ක්‍රමයකි.

🔥මී උවදුරට
මීයන් විශාල වශයෙන් බෝවීම නිසා හේනේ කුඹුරේ මෙන්ම ගොවි පෙළේද වගාවන්ට සිදුවන විනාශය අති විශාලය. කුඹුරේ ගැවසෙන මීයන් නිසා මී උණ වැනි භයානක රෝගයන්ටද ගොවි මහතුන්ට මුහුණදීමට සිදුව ඇත. එමෙන්ම නිවෙසේද පොත්පත්වලටද ඇඳුම් ආදියටද විවිධ ආහාරවලටද හානි සිදු කරයි.

🔥කුඹුරේ, ගොවිපළේ මෙන්ම නිවෙසේදී මීයන් වැඩිපුර ගැවසෙන ස්ථානවල බළල් බෙටි සමඟ අමු ගොම මිශ්‍රකර කතා නොකර තබන්න.

🔥ග්ලිරිසිඩියා හෙවත් වැට මාර නමින් හඳුන්වන ශාකයේ මල් පොකුරු කිහිපයක් මීයන් සිටින ස්ථානවල තැබීමෙන්ද, වඳවීම හෝ ඉවත්වීම සිදුවේ. කතා නොකර මෙය කළ යුතුය. ඇතැම් ප්‍රදේශවල ඉපැරැණි ගොවි මහතුන් තමන්ගේ කුඹුරේ මීයන් වඳ කිරීම සඳහා ග්ලිරිසිඩියා ගස්වල මල් අමු කොළ එකට දමා කොට, අමුගොම සමඟ හොඳට මිශ්‍ර කර භාජනයකට දමා ගව මුත්‍ර දමා සතියක් පමණ වසා තබා එම දියරය මීයන් වසන ස්ථානවල විශේෂයෙන් කුඹුරේ ලියදිවල ඇති මී බෙන තුළට කතා නොකර දැමීමෙන් මීයන් වඳ වේ.

🔥කෘමි උවදුරට
කුල්ලක ලාටු ගා පැළ අතර එහා මෙහා ගෙන යෑමද, රාත්‍රි කාලයේදී කැකුණ තෙල් පොඟවා ගත් පන්දම් කුඹුරේ දැල්වීමද සිදුකර ඇත. ඒ මඟින් කෘමීන්ගෙන් වගාවන් ආරක්‍ෂා කිරීමට පියවර ගෙන ඇත.

🔥පලතුරු වගාවට
පලතුරු වගාවන්වල ඇතැම් මැස්සන් හා කෘමින්ගෙන් විශාල හානි සිදුවේ. මේ සඳහාද විවිධ කෙම් ක්‍රම භාවිත කර ඇත. පෙරමෝන උගුල නමැති බෝගල් හෝ එවැනි උපකරණ සම්බන්ධ කර ගෙන කළ ක්‍රියාවන්ද පැවැත ඇත. කෘමි සතුන් පාලනය කිරීමට කෘමි විකර්ෂක ශාක වගා කිරීමද භාවිත කර ඇත. නියරවල් දිගට දහස්පෙතියා, සූරියකාන්ත, කපුරු වැනි ශාක හිරු උදාවට පෙර කතා නොකර ගොස් ගොයම් පැළ සිටුවීමත් සමඟ හෝ ඉන් ටික කලකට පසු වගාකර ඇති බව සඳහන් වේ. මෙම මල් වගා කිරීමේ හේතුවෙන් කෘමීන් වඳවීම හෝ එම ප්‍රදේශයෙන් ඉවත් වී ඇති බව ප්‍රකට වී ඇත.

ගෙවත්තේ පලතුරු ගස්වල මල් පිපෙන සමයට හීරැස්ස වැල් කැබැල්ලක් ගසේ නැගෙනහිර දිශාවේ අත්තක බැඳ තබන්න. ඇස්වහ කටවහ දෝෂ දුරු වීමට මෙම කාර්යය කිසිවකුට නොපෙනී කතා නොකර ඉර පායන්න පෙර සිදුකිරීම කළ යුතුය.

කොස්, දොඩම්, අඹ, බෙලි, කෙසෙල් ආදී පලතුරු ගසේදී පුපුරා විනාශ වීම වැළැක්වීම සඳහා කෙම්මුර දිනයක අලූයම යකිනාරං අත්තක් ගෙන පලබර ගසේ නැගෙහිර දෙස කඳ පිරිමැද ගසමුල අත්ත සිටුවන්න. ඇස්වහ කටවහ නිසා පලතුරු පුපුරා විනාශ වීම නවතී.

🔥 කුඹු‍රෙන් සරු අස්වැන්නක් ලැබීමට ඇටි කෙසෙල් අලයේ යුෂ මී ඇට තෙල් ගෙන ඉවර වු පසු ඉතිරි වන රොඩ්ඩ සමඟ මිශ්‍ර කර එම යුෂයෙන් බිත්තර වී පොඟවා වැපිරීමට ගන්න.

🔥 වී අස්වැන්න සරු සාර වීමට බුලු ගසක බදින ලද පිළිලයක් පුවපල් නැකත යෙදී ඇති දිනක ගලවා කුඹුර මැද දැමීමෙන් වැඩි අස්වැන්නක් ලබාගත හැක. ගොයමි පාගන විටදී ද එවැනි පිළිලයක් කමතේ වැලලීමෙන් ද වැඩි අස්වැන්නක් ලැබේ.

🔥ලබු කිඳ කොටා යුෂ ගෙන එයට අමු ගොම මීශ්‍ර කර දිය කරන්න. මේ මිශ්‍රණය දිනක් හෝ දෙකක් පල්වෙන්නට හැර බිත්තර වී පොඟවා වැපිරීමට ගන්න.

🔥 කුඹුර වපුරා දින ගණනක් ගිය විට විවිධ කොල කන පණුවන් මර්ධනය කිරීමට වක්කඩට කැප්පිටියා කොළ දමන්න.

🔥 කුඹුර වපුරා දින ගණනක් ගිය විට විවිධ කෘමින්ගෙන් වී වගාවට හානි සිදුවේ. මෙවැනි අවස්ථා වල කුඹුරෙහි තැනින් තැන ඉනි සිටුවා ඒ මත පොල්ලෙල්ලක් හෝ ලෑල්ලක් වැනි දෙයක් තැබීමෙන් දිවා හා රාත්‍රි කාලවලදී ඒ මත විවිධ කුරුල්ලන් වසා කෘමීන් ආහාරයට ගනී. ඒ මඟින් කෘමීන් මර්ධනය කල හැක.

🔥විවිධ කුරුල්ලන්ගෙන් ගොයමට වන හානි වලක්වා ගැනීමට මා නැකත ඇති දිනක මී ගසක මුලක් ගලවා කුඹුරේ මැද සිටුවන්න.

🔥 කුඹුරට මීයන්ගෙන් වන හානිය මර්ධනය කිරීමට අන්නාසි කොළ ගෙන ඒවායේ බුලත් විටට ගන්නා හූණු වලින් ඉරි ඇඳ ඒවා කුඹුරේ තැන්තැන් වල දමන්න. මේවා බැලු බැල්මට සර්පයන් සේ පෙනෙන බැවින් මීයන් ඒම වැලකේ.

🔥 වී වගාවේ පුරුක් පණුවන් මර්ධනයට පොල්පිති කපා ඒවායේ හිස කොටස ඉහළට සිටින සේ කුඹුරෙහි සිටුවීමෙන් ඒ මත වසන කුරුල්ලන් පුරුක් පණුවන් ආහාරයට ගැනීම නිසා පුරුක් පණුවන් වඳ වේ.

🔥පොල් කොමිබයකට පිලිස්සුණු එන්ජින් ඔයිල් යොදා පහනක් දැල්වීමෙන් කුඹුරේ සිටින පුරුක් පණුවන්, දළඹුවන් , ගෙප්මැස්සන්, ගොයම් මකුණන් ආදී සතුන් ගෙන් වන හානී අවම කර ගත හැක.

🔥කුඹුරේ වක්කඩ ළඟ වලක් හාරා එයට කොහොඹ කොළ , කදුරු කොළ , දලුක් කොළ, දොඩම් කොළ, තිත්ත කිඳ ,කලවැල් වැනි සැර ගඳක් ඇති කොළ වර්ග එම වලේ රඳවා තැබීමෙන් වතුර සමඟ මීශ්‍රව කුඹුර පුරාම ඒවා ගලා යන නිසා ගොයමේ ඇති විවිධ කෘමීන් මර්ධනය වේ.

🔥 කුඹුරේ නියරවල පලා වර්ග එළවලු වර්ග වගා කිරිමෙන් පළිබෝධ හානී අඩු කර ගත හැක.

🔥 හිනි මිරිස්, නයි මිරිස්, වියළි මිරිස් වැනි සැර ගඳ ඇති දෙයක් අඹරා ජලයෙහි දියකර ඉසීමෙන් ගොයමේ පැල මැක්කන් වඳ කර ගත හැක.

🔥 දුඹුරු පැල කීඩෑවන් නිසා ගොයමට වන හානිය වලක්වා ගැනීමට කුඹුරේ වතුර හිස් කර ගොයම් ගස් මුලට අව්ව වැටීමට සලස්වන්න.

🔥 දුඹුරු පැල කීඩෑවන් සිටින ස්ථාන වලට ,
අලු වලට භූමී තෙල් මීශ්‍රකර ඉසින්න.
වැලි වලට භූමී තෙල් මීශ්‍රකර ඉසින්න.
ගෝනි පඩංගු භූමී තෙල් වලින් පොඟවා කුඹුරේ තැන් තැන් වල දමන්න.

🔥ඉබි කුරුමිණියා ,ඔක්සිඩිසින් මකුලුවා , රතු කාවා ,රතු කඩි කුරුමිණියා වී ගොවිතැනේ හිතකර කෘමීන්ය. මොවුන් පළිබෝධකයන් ආහාරයට ගන්නා නිසා පළිබෝධ නාශක ඉසීමක් අවශ්‍ය නොවේ.

🔥කෙම්මුර දිනයක දිය නා පිරිසිදු පිරුවටයක් ඇඳ දිය කිරිල්ල අත්තක් කඩා ගෙන.
“ඕං නමෝ මෙති මෙති මලා මෙතියේස්වාහං“
යන ගාථා මන්ත්‍රය 10වරක් මතුරා කුඹුරේ සිටුවීමෙන් වී ඇහිලීමට කුඹුරට එන කුරුල්ලෝ අඩු වේ.

🔥වී වැපුරුවිට විවිධ කුරුල්ලෝ වී ඇහීළීමට එති. එය වලක්වා ලීමට මල් කෑර කෝටු හතරකට
“නමෝ මහා මෙහි ගන්නේ මමයි ඒහි ඒස්වාහං“
යන මන්ත්‍රය 108 වරක් මතුරා කුඹුරේ හතර කොනේ සිටුවීමෙන් කුරුල්ලෝ වී ඇහීලීමට නෙඓති.

🔥 වී කුඹුරට ඉස දින 3 ක් 4ක් ගත වු පසු විවිධ කෘමීන් ඒම වැළැක්වීමට අලු ටිකක් ගෙන
“ සබ්බ පාපස්ස අකරණං“
යන ගාථාව මතුරා කුඹුරට ඉසින්න.

🔥 වක්කඩ අසල තරමක වලක් හාරා ,වරා කොළ හෝ දලුක් අතු හෝ කැප්පෙටියා අතු දැමීමෙන් කෘමීන් කුඹුරට ඒම වළක්වා ගත හැක. සමහර කාල වල කුඹුරට ගොලුබෙල්ලෝ බෝ වේ. එවිට ලියැදි වල වතුර බැඳිමෙන් ගොලුබෙල්ලෝ නියරට ඒම නිසා කපුටන් කා දමති.

🔥 බිත්තර වී වපුරණ විට “ සබ්බ පාපස්ස අකරණං“ යන ගාථාව සත් වරක් මැතිරීමෙන් කෘමී උවදුර අඩු කර ගත හැක.

🔥 කටු වල අල ශුද්ධ කීරීමෙන් පසු පිට පොත්ත සහිත ලෙලි එකතු කර ඒවා වක්කඩ ළඟ පොඩි වළක් හාරා එයට දැමීමෙන් වේ උවදුර වලක්වා ගත හැක.

🔥 නොපෑගුන ස්ථානයකින් වැලි ටිකක් ගෙන මල් බුලත් තට්ටුවක තබා ,
“ඕං නමෝ ඇති නිමී යේස්වාහං“
යන මන්ත්‍රෙයන් 108 වරක් මතුරා ඉසීමෙන් මීයන් ඒම වළකී.

🔥පීදෙන ගොයමට ගොයම් මැස්සන් බෝ වීම බහුලව සිදුවේ. යායක් එකම කාලයකදී වැපීරීම මඟින් මෙය බොහෝ දුරට අඩු නර ගැනීමට හෝ වලක්වා ගැනීමට පුළුවන. රාත්‍රී කාලයේදී ලන්තෑරුමක් එල්ලීමෙන් ද ගොයම් මැස්සන් අඩු කර ගත හැක.

🔥 වැලි අහුරක් ගෙන “ නමෝ තීල තීල අභිලේස්මාහං“ යන මන්තරයෙන් 21 වරක් මතුරා කුඹුරට ඉසීමෙන් ගොයම් මැස්සන් වඳවේ.

🔥 කඹයක් හෝ කොහු ලණුවක් තැනින් තැන රෙදි පාන්කඩ දවටා දුම්මල තෙල් හෝ කැකුණ තෙල් පොඟවා කුඹුරේ ගොයම් කොළ වල ගෑවෙන සේ ඇදීමෙන් ගොයම් මැස්සන් වඳවේ.

🔥දීග ලීයක කුල්ලක් බැඳ කුල්ලේ යම් මැලියම් වර්ගයක් ගා ගොයමේ කුල්ල ඇතිලිලීමෙන් මැස්සන් වඳ කරගත හැක.

🔥 රුක් අත්තන ගසේ පොතු වේලා වංගෙඩියේ කොටා පිටි කර එම පිටි කුඹුරේ කීඩෑවන් සිටින ස්ථාන වලට ඉසීමෙන් මැස්සන් වඳ කරගත හැක.

🔥ගොයම් වැඩී ඇති අවස්ථා වලදී ඇස්වහ කටවහ දෝෂ ද ඇති වේ. මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වීමට පඹයෙකු සාදා සවි කරන්න.

🔥පොල් කොළ අග්ගිස් කෑලි 7 ක් ,වියළී මිරිස් කරල් 7ක් , දෙහි කොළ 7ක් ,මිරිස් ඇට 7 ක්, සීනක්කාරම් හා අළු ස්වල්පයක් දමා කථා නොකර කුඹුරට දුම් ඇල්ලීමෙන් ඇස්වහ කටවහ දෝෂ දුරු වේ.

🔥 මීයන්ට , අමු ගොම හෝ එළු බෙටි පොල් කටු වලට දමා කුඹුරේ තැනින් තැන තබන්න. වැට මාර ගස්වල වල පොතු බත් සමඟ මීශ්‍ර කර ගුලි කර කුඹුරේ තැනින් තැන වල දමන්න. වැට මාර මල් කුඹුරේ තැනින් තැන විසුරුවා හරින්න.

🔥මීයන්ට, කුරුල්ලන්ට - ගොයමට උඩින් පොලිතින් පටි, කැසට් පටි අදින්න.

🔥පීදෙන ගොයම ගොයම් මැස්සන්ගෙන් ආරක්ෂා කිරීමට , හිමිදිරි පාන්දර කුඹුරට ගොස් කථා නොකර ‍ගොයම් මැස්සකු අල්ලා ගන්න. වියළි මිරිස් කරලක් ගෙන අග කොටස තරමක් කඩා අල්ලා ගත් මැස්සා එතුළට දමා නූලකින් මැස්සා පිටතට නොඑන ආකාරයට බදින්න. ඊට පසු කථා නොකර ගෙදරට පැමිණ එය දුම් මැස්සේ නටුව උඩට සිටින සේ එල්ලන්න. දුම් වදිනවිට මැස්සන් වඳවේ.
එසේම දෙහි ගෙඩියක ඇස්ස කපා පෙර පරිදිම ගොයම් මැස්සකු එතුළට දමා දුම් මැස්සේ දුම් වඳින සේ එල්ලා තබන්න.

🔥 ලබු ගෙඩියේ ඇස්ස කපා ගොයම් මැස්සකු අල්ලා ගෙන ඒ තුළට දමා ඇස්ස වසන්න. එය රැගෙන කුඹුරේ වටේට ගොස් කුඹුරේ මැද ඉන්නක් සිටුවා ගොක් කොළයක් බැඳ ගෙඩිය එහි තබන්න. ගොයම් මැස්සන් වඳ වේ.

🔥 කුඹුර වටේ හතර කොනින් ගොයම් මැස්සන් හතර දෙනෙකු ද හරි මැද්දෙන් තවත් ගොයම් මැස්සකු ද හිමිදිරි පාන්දර කථා නොකර අල්ලා ගන්න. ඊට පසු හිගුරළ වැලක පොළවේ සිට අඩියක් පමණ ඉහළින් එහි පොත්ත ගලවා මැස්සන් පස් දෙනා පොත්තට මැදි කර ගොයම් ගසකින් බඳින්න. වැල මැරි යන ආකාරයට ගොයම් මැස්සන් වඳ වේ.

🔥 ගොයම් මැස්සන් පස් දෙනෙකු අල්ලා එය හරකෙකු, බල්ලෙකුට ,කුකුළෙකුට ගිල්විය යුතුයි.ඒ සමඟම කුඹුර හිමියා ද තුන් වරුවක් කුඹුරට නොයා යුතුයි.

🔥 කුඹුරේ මැසි මදුරුවන් වැඩි වේ නම් සිව් කොනේ කෝටු හතරක් සිටුවා ගොටු සවිකර ඒවාට දිහේ පෙඟවු මුං ඇට ස්වල්පයක් දමන්න. මුං ඇට පැළ වේගන එන විට මැස්සන් දුරුවේ.

🔥 හීන් කොච්චි ,හිනි මිරිස්, පල්මානික්කම්, සිනක්කාරම්, සහිඳ ලුණු, එක තරමට ගෙන අඹරා ගුලි කර වල් ලුණු අලයක් ගෙන මදය ඉවත් කර එම ගුලිය එහි තබා සිදුර වසා කුඹුරේ සිව් කොන වැළලීමෙන් ,අලය කුණුවී යන විට ගොයමට පැමිණෙන කෘමීන් මර්ධනය කර ගත හැක.

🔥කෙම්මුර දිනයක ඇඹුල් දොඩම් ගෙඩි 4ක් 5ක් කඩා ගෙන කුඹුරේ ස්ථාන කිහිපයක වැළලීමෙන් ගොයමට එන මැස්සන් දුරුවේ.මෙහි අන්තර්ජාලයෙන්උපුටා ගත් කරුණු ඇතුලත් වන අතර මේ දැනුම පැරණි මුතුන් මිත්තන්ගෙන් අපට උරුම කල දුන් ඒවා වේ.

උපුටා ගැනිම : හෙළ රහස්
මුල් හිමිකරුට ස්තුතියි.

07/06/2025
08/05/2025

🔥 අද අපේ රහට ගමේ බත් එකක් කන්න එන්න Cinnamon Gate එකට. 🔥 ❤️🍛

16/03/2025

Address

Embuldeniya

Telephone

+94777814573

Alerts

Be the first to know and let us send you an email when Lakyaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share