12/01/2023
Copied ❤
තනියම ජීවත් වෙන්න ඉගෙනගන්න....
ඔයාව තේරුම් ගන්න කිසිම කෙනෙක් නැත්නම්, ඔයාගෙ වචන, ඔයාගෙ හැඟීම් සුළුවෙන් හරි තේරුම් ගන්න කෙනෙක් නැත්නම්, පුරුදු වෙන්න තනියම ජීවත් වෙන්න.
ඔයාගෙ වචන, ඔයාගෙ කේ න්තිය, ඔයාගෙ දුක, ඔයාගෙ ස්ට්‍රෙස් එක මේ කිසිම දෙයක් කිසිම කෙනෙක්ට තේරුම් ගන්න බැරිනම්,, එයාලා ඔයාගෙ තීරණාත්මක දේවල්, ඔයාගෙ වටිනම දේවල් තේරුම් ගන්නෙත් නෑ.
ඔයාලා දැකල තියනවද රැළකින් වෙන්වෙලා ජීවත් වෙන ඇත්තු, කොටි, සිංහයො, කඳුකර වෘකයො ඒ විතරක් නෙවේ පුංචි පුංචි කුරුලු පොඩිත්තො?
ඉතින් ඇයි ඔයාලට බැරි?? ඔයාලටත් පුළුවන් එහෙම වෙන්න.
ඔයාව තේරුම් නොගන්න මිනිස්සු කවදාවත් ඔයාගෙ කඳුළු වලට, වචන වලට, සුසුම් වලට, ඔයාගෙ කඩාගෙන වැටීමට වටිනාකමක් දෙන්නෙත් නෑ. ඔයාගෙ වේදනාවට ඇහුම්කන් දෙන්නෙත් නෑ.
සමහර විට ඔයාගෙ අම්මා, තාත්තා, සහෝදර සහෝදරියො, නෑදෑයො, ඔයා අදරේ කරන අනිත් අය පවා ඔයාව තේරුම් නොගනීවි. ඔයාට න පුරු විදිහට සළකාවි.. ඒත් දුක් වෙන්න එපා.. ඔයාටත් පුළුවන් තනියම නැඟිටින්න,, පුංචි වෘක පැටියෙක් වගේ..
අන්න ඒ නිසා පුරුදු වෙන්න තනියම සටන් කරන්න ජීවිතේ හැම ප්‍රශ්නයක් එක්කම. පුරුදු වෙන්න හැම සතුටක්ම තනියම දරාගෙන, හැම දුකක්ම තනියම දරාගෙන හිනාවෙලා ඉන්න. පුරුදු වෙන්න තනියම ජීවත් වෙන්න දුක හිතෙන සතුටු හිතෙන හැම මතකයක් එක්කම.
-Study with Gimi-