Green Farm

Green Farm Let's build our green indigenous agriculture.

මල බද්දයට පනු රෝගයට තිත තියන වැල් කොහිල.කාල තියන අයටයි නැති අයටයි ඕන් දැන ගන්නයි කිව්වෙ... 😊😊කාපු නැති අයනම් දන්නෙ නැතුව...
02/05/2022

මල බද්දයට පනු රෝගයට තිත තියන වැල් කොහිල.

කාල තියන අයටයි නැති අයටයි ඕන් දැන ගන්නයි කිව්වෙ... 😊😊

කාපු නැති අයනම් දන්නෙ නැතුව ඇති කොහෙද මේව හැදෙන්නෙ කියල. වැල් කොහිල හොයන්න කියල කටු කොහිල වගේ මඩේ බැහැගෙන හොයන්න එපා ඕන්...
කැලෑබද ප්‍රදේශවල ඔය ගස් දිගේ උඩට උඩට ගිහිල්ල මේව හැදිල තියනව ලස්සනට. තවදෙයක් ඕන් පෙරේතකමට වැල් කොහිල දලු කඩන්න කොහිල වැල පොඩි කරගෙන ගස්දිගේ නගිනව නෙවේ ඕන්. ඒ කොලේ පොඩිවෙලා කිරි හමේ ගෑවුනාම කසන්න ගන්නව... 😊😊
දැන් ඉතින් මේක හදන හැටි අහ ගන්නකො.

වැල් කොහිල දළු මිටක් ගෙන ලොකුවට කපාගන්න. මැටි භාජනයක් අරගෙන ඒකට පොල්කිරි කෝප්ප භාගයක්දාන්න. පොඩියට කපාගත් රතු ළූනු,සුදු ළූනු. අමු මිරිස්. රම්පෙ. කරපිංච. මිරිස් කුඩු, කහ,තුනපහ කුඩු පදමට එකතු කරගන්න.
දැන් මේ ටිකට පරිප්පු ටිකක් එකතු කරගෙන හොදින් කලවම් කරගෙන පරිප්පුටික තැම්බෙනකම් ලිපේ තියාගන්න. ඊටපස්සෙ අර වැල් කොහිලදළු ටික ඒකට එකතු කරගෙන විනාඩි 5 ක් තැම්බෙන්න තියාල බාගන්න..

පස්‍යොදුන් ගුන පිරි දේශීය දිය හබරල.නම අහපු ගමන් දැන් ඉන්න කව්රුත් දන්නෙ නෑනේද දිය හබරල කෑමට ගන්නව කියල...දන්නවද අතීතයේ ඉ...
29/04/2022

පස්‍යොදුන් ගුන පිරි දේශීය දිය හබරල.
නම අහපු ගමන් දැන් ඉන්න කව්රුත් දන්නෙ නෑනේද දිය හබරල කෑමට ගන්නව කියල...

දන්නවද අතීතයේ ඉදලම අපේ සීයල ආච්චිල එදා වේල සර්ව සම්පූර්න කරගන්න මේ දිය හබරල ශාකෙත් කෑම වේලට එකතු කරගත්ත කියල. ඔයාලත් කාල බලන්නකො කෝමද රස කියල... ඒවගේමයි ඉතින් ඒවගේ ගුනෙත්....

දැන් ඉතින් ඔයාල දියහබරල හොයාගෙන ගිහිල්ල අහුවෙන අහුවෙන තැන් වලින් ගෙනල්ල කෑමට ගන්නෙ බලාගෙන ඕන්....
මොකද මේව හැදෙන්නෙ වතුර තියන තැන්වල හින්ද ඒව ගලෝනකොට අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනෙ ඒ අවට තියන පිරිසිදුකම ගැන. ඔයාල දන්නවනෙ දැන් කුබුරකට උනත් ඔය රසායනික ද්‍රව්‍ය කොච්චරනම් ඉසිනවද. ඉතින් දියහබරල වැවෙන්නෙ ජල පෝශක ප්‍රදේශවල නිසා මේගැන ගොඩක් දුරට සැලකිලිමත් වෙන්න.
ඔයාල දන්නවද...
ඔය පරිප්පු වලට ඒම දිය හබරල දාල උයනව මාරම රසයී..😊😊
ඔයාලත් ඒම හදල කාල බලල ඒම අපිටත් කියන්නකෝ කෝමද රස කියල...

මුකුනුවැන්න. අතීතයේ ගෙවතුවල නිතර දකින්නට තිබුනද අද කෘතීම බෙහෙත් පොහොර යොදමින් මහා පරිමාණයෙන් වගා කරනු දක්නට හැකිය. ඔබට උ...
28/04/2022

මුකුනුවැන්න.
අතීතයේ ගෙවතුවල නිතර දකින්නට තිබුනද අද කෘතීම බෙහෙත් පොහොර යොදමින් මහා පරිමාණයෙන් වගා කරනු දක්නට හැකිය. ඔබට උවමනාවක් ඇත්නම් වත්තේ අයිනක මුකුනුවැන්න ටිකක් වවා ගන්නට අමාරු නැත. මුකුනුවැන්න වැල් මෙන්ම ගස්ද දක්නට ඇත. දැන් දැන් විදේශීය පඳුරු ලෙසින් වැවෙන වර්ගයක්ද ඇත. ගොඩ බිම වැවෙන ඒවා රසයෙන් වැඩිය. වතුර ආශ්‍රිතව වැවෙන ඒවා වතුරේ දියවී ඇති කෘමිනාශක පහසුවෙන් අවශෝෂණය කරගන්නා බැවින් භාවිතයට එතරම් සුදුසු නැත.

අවශ්‍ය ද්‍රව්‍ය:

මුකුනුවැන්න මිටි 1

පොල් අවශ්‍ය පමණ

පොල්තෙල් ස්වල්පයක්

අමු මිරිස් කරල් 4

රතු ළුණු ගෙඩි 8

අබ ස්වල්පයක්

කහකුඩු ස්වල්පයක්

ලුණු

සාදන ක්‍රමය:

සිහින් කොළ සහ කඳක් ඇති මුකුනුවැන්න රසයෙන් වැඩි බැවින් හැකිනම් ඒවා ගන්න.මුකුනුවැන්න තරමක් සිහින්ව ලියා ගන්න.

රතු ලුණු,අමු මිරිස් සිහින්ව ලියා ගන්න.ලුණු කුඩු,කහ ස්වල්පයක්,දමා කපන ලද කන්කුන් සමඟ හොඳින් අනාගන්න. මැටි ඇතිලියකට තෙල් දමා රත්වන විට අබ ටිකක් දමා පුපුරන විට සාදාගත් මැල්ලුම එකතුකර හොඳින් කලවම් කරමින් මුකුනුවැන්න නැටි හොඳින් තැම්බෙන තෙක් පිසගන්න.

රසවත් මෙන්ම පෝෂ්‍ය ගුණයෙන් ඉහල මැල්ලුමකි. දෙහි අවැසි නම් පමණක් එක් කරන්න.

අතීතයේ ගෙවතුවල නිතර දකින්නට තිබුනද අද කෘතීම බෙහෙත් පොහොර යොදමින් මහා පරිමාණයෙන් වගා කරනු දක්නට හැකිය. ඔබට උවමනාවක් ඇත්නම...
28/04/2022

අතීතයේ ගෙවතුවල නිතර දකින්නට තිබුනද අද කෘතීම බෙහෙත් පොහොර යොදමින් මහා පරිමාණයෙන් වගා කරනු දක්නට හැකිය. ඔබට උවමනාවක් ඇත්නම් වත්තේ අයිනක කන්කුන් ටිකක් වවා ගන්නට අමාරු නැත. කන්කුන් වැල් මෙන්ම ගස්ද දක්නට ඇත. දැන් දැන් විදේශීය පඳුරු ලෙසින් වැවෙන වර්ගයක්ද ඇත. ගොඩ බිම වැවෙන ඒවා රසයෙන් වැඩිය. වතුර ආශ්‍රිතව වැවෙන ඒවා වතුරේ දියවී ඇති කෘමිනාශක පහසුවෙන් අවශෝෂණය කරගන්නා බැවින් භාවිතයට එතරම් සුදුසු නැත.

අවශ්‍ය ද්‍රව්‍ය:

කන්කුන් මිටි 1

පොල් අවශ්‍ය පමණ

පොල්තෙල් ස්වල්පයක්

අමු මිරිස් කරල් 4

රතු ළුණු ගෙඩි 8

අබ ස්වල්පයක්

කහකුඩු ස්වල්පයක්

ලුණු

සාදන ක්‍රමය:

සිහින් කොළ සහ කඳක් ඇති කන්කුන් රසයෙන් වැඩි බැවින් හැකිනම් ඒවා ගන්න.කන්කුන් තරමක් සිහින්ව ලියා ගන්න.

රතු ලුණු,අමු මිරිස් සිහින්ව ලියා ගන්න.ලුණු කුඩු,කහ ස්වල්පයක්,දමා කපන ලද කන්කුන් සමඟ හොඳින් අනාගන්න. මැටි ඇතිලියකට තෙල් දමා රත්වන විට අබ ටිකක් දමා පුපුරන විට සාදාගත් මැල්ලුම එකතුකර හොඳින් කලවම් කරමින් කන්කුන් නැටි හොඳින් තැම්බෙන තෙක් පිසගන්න.

රසවත් මෙන්ම පෝෂ්‍ය ගුණයෙන් ඉහල මැල්ලුමකි. දෙහි අවැසි නම් පමණක් එක් කරන්න.

Gotukola.Centella asiaticaFrom the ancient Gotukola is a popular leafy vegetable among Sri Lankans. Because of its chara...
28/04/2022

Gotukola.
Centella asiatica
From the ancient Gotukola is a popular leafy vegetable among Sri Lankans. Because of its characteristic specific flavor. It has medicinal values and rich in iron.

Address

154/Helummahara/Delgoda
Delgoda

Telephone

+94770506931

Website

Alerts

Be the first to know and let us send you an email when Green Farm posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Green Farm:

Share

Category