වෙලේ ගෙදර - Wele Gedara Organics

  • Home
  • වෙලේ ගෙදර - Wele Gedara Organics

වෙලේ ගෙදර - Wele Gedara Organics නීරෝගි පවුලකට, සොබාදමේ මායාවන් අරන්🍃
වෙලේ ගෙදර අපි🫶🏼
🌱0714720193🌱

රඹුටන් වල තියෙන්නේ එසේ මෙසේ ගුණයක් නෙමෙයි.. මෙන්න කියවලම දැන ගන්නඔන්න දැන් රඹුටන් වාරෙත් ඇවිල්ලා. කොළඹ ගම්පහ පැත්තේ මොන ...
21/07/2025

රඹුටන් වල තියෙන්නේ එසේ මෙසේ ගුණයක් නෙමෙයි.. මෙන්න කියවලම දැන ගන්න

ඔන්න දැන් රඹුටන් වාරෙත් ඇවිල්ලා. කොළඹ ගම්පහ පැත්තේ මොන පාරක ගියත්, පිටකොටුවේ ටිකක් ඇවිදලා බැලුවත් රඹුටන් විකුණන තැන් ඕන තරම්. හැමෝම රඹුටන් කන්න හරිම කැමතියි.
ඉතින් රඹුටන් ගැන ටිකක් තොරතුරු හොයලා බලන්න අපි තීරණය කළා. ශ්‍රී ලාංකික අපි විතරක් නෙවෙයි රඹුටන් කන්න පෙරේත, මොකද රඹුටන් කියන්නේ විදේශ රටවල් ගණනාවකම ජනප්‍රිය පළතුරක්. ඒ නිසාම ගොඩක් දෙනෙක් රඹුටන් වල තියෙන පෝෂණ ගුණය ගැන කරපු පර්යේෂණ රාශියක විස්තර අපිට දකින්න ලැබුණා. කන්න හොඳ නෑ කියලා කවුරු කිව්වත් බලාගෙන ගියාම රඹුටන් කියන්නේ දෙවියෝ දීපු පළතුරක් තරමට පෝෂණය පිරුණු එකක්. රඹුටන් ගහ පුරාම තියෙන හැම කොටසකින්ම අපේ සෞඛ්‍ය තත්වය වැඩි දියුණු කර ගන්න පුළුවන් පෝෂක ලබා ගන්න පුළුවන්ලු. හැමදාම ආසාවට කන රඹුටන් වල තියෙන ප්‍රයෝජන ගැන මේ කාරණා කියවද්දී අපිටත් පුදුම හිතුණා. ඉතින් ඒ නිසයි අපි එයින් ප්‍රධාන 7ක් ඔබට කියන්න හිතුවේ. කියවලා බලන්නකෝ.

1. පිළිකා ගැටිති සුව කරනවා

රඹුටන් කද්දී හැමෝම බලන්නේ හොඳට මස් ගැලවෙන වර්ගයක් තෝර ගන්නයි. මේකට ප්‍රධානම හේතුව අපි වටේ තියෙන සුදු පාට මස් ටික විතරක් ආහාරයට ගන්න එකයි. හැබැයි දන්නවාද අපි විසි කරලා දාන රඹුටන් ඇටයෙනුත් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් බව? මෙහෙම කිව්වාම වැඩි දෙනෙක්ට හිතෙන්නේ අපි ඇට පැළ කරන එක ගැන කතා කරනවා කියල, හැබැයි පර්යේෂකයෝ පිරිසක් හොයාගෙන තියෙනවා පිළිකා වල ආරම්භක අවස්ථාවේදීම ඇති වන ගැටිති වලට ප්‍රතිකාර කරන්න පුළුවන් සංයෝග රඹුටන් ඇටයේ අඩංගු බව. මේ ගැන කරපු රසායනික පරීක්ෂණ වලට අනුව රඹුටන් ඇට තුළ NLTI නමින් හඳුන්වන ට්‍රිප්සීන් නිශේධකාරකයක් අඩංගු බව සොයාගෙන තියෙනවා.. (මේක අණුක ස්කන්ධය කිලෝ ඩෝල්ටන් 22.5ක සංයෝගයක්)

ට්‍රිප්සීන් කියන්නේ අපේ ශරීරයේ පවතින ස්වභාවික එන්සයිමයක්, මේකේ සාන්ද්‍රණය පාලනය කරලා පිළිකා වළක්වා ගන්න පුළුවන් බවට පරීක්ෂණාත්මක සාක්ෂි තියෙනවා. NLTI වගේ නිශේධකාරක පිළිකා වලට ප්‍රතිකර්ම කිරීමේදී අත්‍යාවශ්‍ය වෙනවා. ට්‍රිප්සීන් නිශේධකාරක බොහොමයක් තිබුණත් නයිට්‍රික් ඔක්සයිඩ් උත්තේජනය කරවන ඒවා තියෙන්නේ බොහොම සුළු ප්‍රමාණයක්, NLTI කියන්නේ ඉන් ප්‍රධානම සංයෝගයක්.

අපි මේ කියපු දේවල් වැඩිය නොතේරුණත් මේක ඔළුවට ගන්නකෝ, රඹුටන් කියන්නේ පිළිකා නසන්න පාවිච්චි කරන ප්‍රධානම සංයෝගයෙන් පිරුණු පළතුරක්. අපි හිතුවාට වැඩිය රඹුටන් ගෙඩියේ ලොකු වටිනාකමක් තියෙනවා!

2. ප්‍රතිඔක්සිකාරක වලින් අනුනයි

ස්වභාවික ප්‍රතිඔක්සිකාරක වල ක්‍රියාකාරීත්වය සහ සෛල වල විනාශයට බලපාන සෛල විෂ වර්ග ගැන කරපු පරීක්ෂණයකට අනුව රඹුටන් ලෙල්ල තුල වැඩිම ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණයක් අඩංගු වෙලා තියෙන බව තහවුරු වෙලා තියෙනවා. මැංගුස් වගේ පලතුරු වලටත් වඩා මේ අතින් රඹුටන් ඉදිරියෙන් සිටිනවා. ප්‍රතිඔක්සිකාරක වලට සෛල වල විනාශය සහ විකෘති ඇති වීම අඩු කරන්න පුළුවන්. අපි ගන්න ආහාර වල අඩංගු විවිධ නරක සංයෝග, විශේෂයෙන්ම මුක්ත ඛණ්ඩක වලට පුළුවන් අපේ සෛල ඔක්සිකරණය කරලා විකෘතීන් ඇති කරන්න. ප්‍රතිඔක්සිකාරක බහුල ආහාර ගත්තාම මේ හානිදායක ඔක්සිකරණය පාලනය වෙනවා.

සෛල විශාල වශයෙන් ඔක්සිකරණය හා විකෘති වීම කියන්නේ ලෙඩ රෝග බොහොමයක් ඇති කරන්න පුළුවන් ගැටළුවක්. එකක් මේ විකෘති වූ සෛල පිළිකා විදිහට වර්ධනය වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම හදවත් රෝග, සම රැළි වැටීම වගේ ප්‍රශ්නත් මතු වෙනවා. ඉතින් මේකේ සරල අදහස රඹුටන් කන එක අපේ ඇඟට වගේම සමටත් හොඳයි කියන එකයි. රඹුටන් ගෙඩියේ අපි ආහාරයට ගන්න කොටසේත් ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගු නිසා සාමාන්‍ය ආහාරයක් ගන්න කෙනෙක්ට රඹුටන් ලෙල්ල කන්න වෙන්නේ නෑ හොඳේ?

3. දියවැඩියාවට ගුණදායකයි.

Acarbose කියන්නේ දියවැඩියා රෝගීන්ට දෙන ජනප්‍රිය බෙහෙතක්. මේකෙන් සිදු වෙන්නේ අග්න්‍යාශයේ ඉන්සියුලින් නිෂ්පාදනයට බාධා කරන බීටා සෛල නිපදවීම පාලනය කරන එකයි. නමුත් රඹුටන් ලෙල්ලේ අඩංගු ඇතැම් එන්සයිම වලින් මේ කාර්යය වඩා කාර්යක්ෂමව කරගන්න පුළුවන් බවට පරීක්ෂණාත්මක සාක්ෂි තියෙනවා. ඒ වගේම හයිපර්ග්ලයිසීමියාවට ප්‍රතිකාර කළ හැකි සංයෝගත් මේ තුල බහුලව අඩංගුයි.

4. ආහාර ජීර්ණයට උදව් වෙනවා.

පොලිසැකරයිඩ කියන සංයෝග රඹුටන් පලතුර තුල බහුලයි. පොලිසැකරයිඩ් වලට ජීර්ණය පහසු කරවන ප්‍රීබයෝටික් සංයෝගයක් ලෙස ක්‍රියා කිරීමේ හැකියාව තියෙනවා. ඒ කිව්වේ කුඩා බඩවැලේදී ආම්ලික හා එන්සයිමික ජීර්ණය ඉටු කරන්නත්, මහා බඩවැලේ තියෙන හිතකර බැක්ටීරියා සහ ප්‍රෝබයෝටික් සංයෝග වලට උදව් වෙන්නත් පුළුවන් සංයෝග විශේෂයක්. මේ ක්‍රියාවලිය නිසා අපේ ප්‍රතිශක්තීකරණය වගේම ඛනිජ ලවණ උරා ගැනීමේ කාර්යක්ෂමතාවත් ඉහළ යනවා. ඒ වගේම පුරස්ථි ග්‍රන්ථි පිළිකා වගේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත පිළිකා වලිනුත් වැළකෙන්න පුළුවන්. මේ සියල්ලටම අමතරව කොලෙස්ටරෝල් සාන්ද්‍රණය පාලනය කරන්නත් දායක වෙනවා. ඉතින් කෙටියෙන් කිව්වොත් රඹුටන් කෑවාම බඩටයි ඇඟටයි දෙකටම ගුණයි.

5. වෙනත් ඖෂධීය ගුණ බොහොමයි.

අපි කලින් කතා කරපු ප්‍රතිඔක්සිකාරක ගුණ සහ පිළිකා නැසීමේ ගුණය වගේම බැක්ටීරියා, වෛරස් සහ දිලීර කියන තුන් විදිහේම රෝගාබාධ වලට තියෙන ප්‍රතිරෝධතාව රඹුටන් ආහාරයට ගත්තම ඉහළ නංවා ගන්න පුළුවන්. ඉතින් ක්ෂුද්‍ර ජීවින් නිසා ඇති වන මොන ලෙඩක් වුණත් හැදෙන්න තියෙන ඉඩ අඩු වෙනවා.

6. විටමින් – C බහුලයි.

විටමින් – C කියන්නේ අපි කවුරුත් උණක් හෙම්බිරිස්සාවක් හැදුණොත් වැඩිපුර ගන්න ඕන දෙයක්. විටමින් – C හෙවත් ඇස්කෝබික් අම්ලය අපේ ශරීරය තුළ ප්‍රතිශක්තිය වැඩි කරන්න දායක වෙනවා. ඒ නිසා තමයි නහය බර වෙලා තියෙන වෙලාවක විටමින් – C බහුල ආහාරයක් ගත්තාම ඒක අඩු වෙන්නේ. මම කියන දේ සැකයි නම් නිකමට හෙම්බිරිස්සාව තියෙද්දී ඇපල් ගෙඩියක් කාල බලන්න.

අපි හෙම්බිරිස්සාවට හෝ උණට දොස්තර කෙනෙක් ලඟට බෙහෙත් ගන්න ගියත් එයා දෙන බෙහෙත් ටිකේ අනිවාර්යයෙන්ම විටමින් – C පෙති තියෙනවා. ඉතින් ඇයි අපිට බැරි ස්වාභාවිකවම ඒ දේ කර ගන්න? රඹුටන් කෑවාම මේ විදිහේ රෝග වැළඳෙන එක පවා අඩු වෙනවා.

7. පෞරාණික වෛද්‍ය ක්‍රම වලට ප්‍රයෝජනයට ගැනීම.

රඹුටන් කියන්නේ ඉස්සර ඉඳන්ම වෙදකම් වලට ගත්තු පළතුරක්. උණ රෝගය නැති කරන්න රඹුටන් ගසේ මුල යොදාගෙන ඖෂධීය බීම වර්ග පිළියෙළ කරලා තියෙනවා. රඹුටන් ගහේ පොතු දිවේ ඇති වන ආසාදන සුව කරන්නත්, රඹුටන් කොළ කොටා සාදා ගන්නා පල්ප් හිසේ රුදාව සුව කරන්නත් පාවිච්චි වෙලා තියෙනවා. රඹුටන් පොත්තේ පිට පැත්තේ සැපෝනින් කියන විෂ වර්ගයක් තියෙනවා. නමුත් ජාවා වැසියන් මේක වේලලා අරගෙන කුඩා ප්‍රමාණ වලින් විවිධ බෙහෙත් වර්ග හදා ගන්න පාවිච්චි කරනවා. ඒ වගේම රඹුටන් වලට ඉතා ප්‍රසිද්ධ මැලේසියාවේ රඹුටන් වල ලපටි පත්‍ර සහ ගෙඩියේ පොත්ත වර්ණක සාදා ගන්න පාවිච්චි වෙනවා.

මේ වගේ තවත් කාරණා බොහොමයක් තිබුනත් අපි කිව්වේ ප්‍රධානම කාරණා ටික. නිකමට සර්ච් කරොත් නම් මීටත් වඩා ලොකු ප්‍රයෝජන ගන්න පුළුවන් කියලා ඉන්ටර්නෙට් එක පුරාම දැක ගන්න පුළුවන්. හැබැයි අපි මේ ඔබට ගෙන ආවේ විද්වත් ලිපි සහ පරීක්ෂණ නිබන්ධන වලින් තහවුරු වුණු කරුණු විතරයි. ඒ නිසා අපි කියපු දේවල් විශ්වාසයෙන් බාර ගන්න පුළුවන් කියන සහතිකය අපි ලබා දෙනවා.

අපේ අම්මලා නිතරම කියන “රඹුටන් වලට උගුර බැරැන්ඩි වෙනවා” කතාව තහවුරු කරන්න හෝ ප්‍රතික්ෂේප කරන්න තරම් ප්‍රමාණවත් පර්යේෂණාත්මක සාක්ෂි දකින්න ලැබුණේ නැහැ. ඒ නිසා අපිට නිශ්චිතව ඒ ගැන කියන්න බැහැ. කොහොම වුණත් රඹුටන් කන එකෙන් ලැබෙන ප්‍රයෝජන වලට නම් සාක්ෂි ඕන තරම්. ඉතින් රඹුටන් කාල ලැබෙන පෝෂණ ගුණය බැලුවාම උගුර ටිකක් බැරැන්ඩි වුණත් කමක් නෑ. එහෙම නේද?

Copied from👇
– roar.media
C e y l o n
✨💫🌟🫰😊❤️
Perera

රෝග රැසකට ගුණ දෙන කොහිල🌱ඔන්න දැන් දෙහිඕවිට අවට ඔයාට වෙලේ ගෙදර අපේ පවුලෙන් කිසිදු වස විසක් එක් නොකරන ලද ගුණදායී එළවළු මිල...
09/02/2025

රෝග රැසකට ගුණ දෙන කොහිල🌱

ඔන්න දැන් දෙහිඕවිට අවට ඔයාට වෙලේ ගෙදර අපේ පවුලෙන් කිසිදු වස විසක් එක් නොකරන ලද ගුණදායී එළවළු මිලදී ගන්න පුලුවන්.🌳

👉ඇයි ඔබ අපෙන් මිලදී ගත යුත්තේ;

🪴කිසිදු වස විසක් එකතු නොකරන ලද මෙම එළවලු ස්වභාවිකවම හැදෙන නිසා ඔබේ කුඩා දරුවන්ට බය නැතුව දෙන්න පුලුවන්.

🪴වෙලේ ගෙදර අපේ ගෙවත්ත කිසිදු රසායනික ශාලාවලින් වටවී නොමැති අතර ,කදු පන්තියකට මායිම්ව පිහිටා ඇති නිසා පස ඉතාමත් නීරෝගිමත්.

🪴කුනු දුහුවිලි වලින් තොර ,තැලුනු පොඩිවුනු නැති ඉතාමත් නැවුම් එලවලු ඔබට අපෙන් මිලදී ගන්න පුලුවන්.

🪴සාමාන්‍ය වෙළඳපලේ කාබනික එලවලු පලතුරු මිල සාමාන්‍ය මිලට වඩා වැඩි උනත් ඔබට අපෙන් ඉතාමත් සාදාරණ මිලකට ගන්න පුලුවන්.

👨‍👩‍👧‍👦ඉතින් ඔබේ පුංචි පැටවුන්ට අම්මට තාත්තට සල්ලි දීල වස විස ගන්නෙ ඇයි..😥

විසදායි පොහොර වලින් තොරව ස්වභාවිකව සාදා ඇති භෝග නිසා අපේ අස්වැන්න සීමිත බව ඔයාලට ආදරෙන් මතක් කරනවා .🥺🫶🏼

සෑම සතියකටම එක් දිනක් පමනක් දෙහිඕවිට නගරයට අපි ඔබේ ඇනවුම් ගෙනත් දෙන්නෙ ඒ නිසයි! 🤩

ඉතින් ඔන්න ඉක්මනින්ම order කරන්න..ඉවර උනාම දුක් වෙන්න එපා.💚

ඒක නෙමෙයි, wifeට valentine එකට දෙන්නත් කියාපු තෑග්ග නේද 🙈😉

#වෙලේගෙදර

09/02/2025

රෝග රැසකට ගුණ දෙන නැවුම්ම නැවුම් කොහිල දැන් ඔබට වෙලේ ගෙදරින්!🏡🌱

🌵කොහිල වල ඇති තන්තුමය ස්භාවය නිසා ශරීරයට ඉතාමත් හිතකරයි.

🌵මලබද්දය ,අර්ශස් රෝගවලට ඉතා ගුණාදායකයි.

🌵බඩ පුරවා දැමීම,සිරුරේ අප්‍රාණික බව ,හිසරදය ,කෑම අරුචිය,බඩවැල් තුලින් ලේ ගලා යාම වැනි තත්ත්වයන්ට ඉතා සුදුසු ආහාරයකී.

🌵කොහිල අල ආහාරයට ගැනීම තුළින් අක්මාවේ එන්සයිම ස්‍රාවය මනාව ක්‍රියාකාරීව ක්‍රියාත්මක වේ..

🌵ලොකු ,කුඩා බේදයක් නැතුව ලෙහෙසියෙන් උයා ආහාරයට එකතුකරගන්න පුලුවන් ,

🌵කිරට ,
තෙම්පරාදු කර,
සම්බෝල සහ
කැද ලෙස සකසා ආහාරයට ගන්න පුලුවන් .

‘Kohila dalu | කොහිල දලු | Lasia shoots'
Kohila (Lasia spinosa ) is a herbal plant growing in the marshlands of Sri Lanka and has a high amount of antioxidant and dietary fiber content.
-Copied.
ඉවර වෙන්න කලින් order කරන්න 😍
whatsapp : 0714720193

Address

Dehiowita

71400

Website

Alerts

Be the first to know and let us send you an email when වෙලේ ගෙදර - Wele Gedara Organics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Grocery Store?

Share