MALZA FARM

MALZA FARM Let's learn,
let's cultivate,
let's be healthy,
let's be wealth..

What do you know about these vehicles?
29/04/2026

What do you know about these vehicles?

🍚 සූවදැල් සහල් 🍚   සුවඳැල් සහල් යනු ශ්‍රී ලංකාවට ආවේණික, ඉතා ගුණදායක මෙන්ම සුවඳවත් පාරම්පරික සහල් වර්ගයකි. එදා රජකාලයේ ස...
10/04/2026

🍚 සූවදැල් සහල් 🍚

සුවඳැල් සහල් යනු ශ්‍රී ලංකාවට ආවේණික, ඉතා ගුණදායක මෙන්ම සුවඳවත් පාරම්පරික සහල් වර්ගයකි. එදා රජකාලයේ සිටම මෙහි ඇති සුවඳ සහ රසය නිසා මෙය ඉතා ජනප්‍රියයි.
සුවදැල් සහල් වලින් බත පිසෙන විට ආවේනික සුවදක් වහනය වන නිසාම මෙයට සුවදැල් ලෙස නම ලැබී ඇත.

🔸 සුවඳැල් සහල්වල ස්වාභාවික සුවඳ රැකෙන පරිදි පිස ගැනීමට මේවා සපයා ගන්න 😋

• සුවඳැල් සහල් අවශ්‍ය ප්‍රමාණයට,

• සහල් ප්‍රමාණය දෙගුණයකට මදක් අඩුවෙන් වතුර තියන්න,

• සුවඳ වැඩි කිරීමට රම්පෙ සහ කරපිංචා ස්වල්පයක්,

• කරාබුනැටි සහ කරදමුංගු 2-3 බැගින් (අත්‍යවශ්‍ය නොවේ, නමුත් විශේෂ අවස්ථාවලදී සුවඳ වැඩි කරයි)

📍 ගිතෙල් හෝ පොල්තෙල් ඉවලපයක් එක් ක්‍රන්න බත් ඇට අලීම වළක්වා වෙන් වෙන්ව තිබීමට

🔸බත උයගැනීම 🧑‍🍳

සහල් හොඳින් ගරා ගල් වැලි ඉවත් කර ගන්න. ඉන්පසු දෙවරක් පමණ මදක් සෝදා ගන්න. පාරම්පරික සහල් ඕනෑවට වඩා සේදීමෙන් එහි ඇති පෝෂණය හා සුවඳ ඉවත් විය හැකිය.

සෝදාගත් සහල් විනාඩි 15-20 ක් පමණ පිරිසිදු වතුරේ පෙඟෙන්න හරින්න. මෙයින් බත් ඇටය හොඳින් තැම්බී දිගු වේ.

බත් පිසින බඳුනට (Rice Cooker හෝ මැටි වළඳකට) පෙඟෙන්නට හැර පිරිසිදු කරගත් සහල් දමා, එයට අවශ්‍ය ප්‍රමාණයට ජලය එක් කරන්න.

ජලයට රම්පෙ, කරපිංචා, කරාබුනැටි, කරදමුංගු සහ රස අනුව ලුණු එක් කරන්න. අවසානයට තෙල් හෝ ගිතෙල් තේ හැන්දක් එක් කරන්න.

බඳුන වසා බත් පිස ගන්න. මැටි වළඳක පිස ගන්නේ නම්, බත් එක උතුරාගෙන එන විට ගින්දර අඩු කර පියනෙන් වසා මද ගින්දරේ ජලය සිඳෙන තෙක් තබන්න.

බත් එක පිස අවසන් වූ පසු වහාම හැඳිගෑමෙන් වළකින්න. විනාඩි 5-10 ක් පමණ නිවෙන්නට හැර ඉන්පසු මෘදු ලෙස හැඳිගා බෙදා ගන්න.

🔸 සුවඳැල් සහල්වල අඩංගු ගුණ සහ පෝෂණය 🕵️

සුවඳැල් සහල් ආහාරයට ගැනීමෙන් ශරීරයට ලැබෙන සෞඛ්‍යමය වාසි රැසකි

• ඉහළ ප්‍රෝටීන් සහ තන්තු: අනෙකුත් සුදු සහල් වර්ගවලට වඩා මෙහි ප්‍රෝටීන් සහ ආහාරමය තන්තු බහුල බැවින් ජීර්ණය පහසු කරයි.

• අඩු ග්ලයිසමික් දර්ශකය (Low GI): මෙහි සීනි මට්ටම පාලනය කිරීමේ හැකියාව පවතින බැවින් දියවැඩියා රෝගීන්ට පවා සුදුසු සහල් වර්ගයකි.

• ප්‍රතිශක්තිකරණය වර්ධනය: ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට අවශ්‍ය සින්ක් (Zinc) සහ යකඩ (Iron) මෙහි අඩංගු වේ.

• සම සහ හිසකෙස් පෝෂණය: සුවඳැල් සහල් ආහාරයට ගැනීමෙන් සම පැහැපත් වන අතර හිසකෙස් වර්ධනයට අවශ්‍ය පෝෂණය ලැබේ.

• හෝර්මෝන සමතුලිතතාවය: ශරීරයේ හෝර්මෝන ක්‍රියාකාරිත්වය ක්‍රමවත් කිරීමට සහ ස්නායු පද්ධතියේ නිරෝගීභාවයට මෙය ඉතා ගුණදායකය.

📍සුවඳැල් බත් සමඟ පලා මැල්ලුමක්, පරිප්පු හොද්දක් සහ කරවල බැදුමක් වැනි දේශීය ව්‍යංජන එක් කරගැනීමෙන් උපරිම රසයක් සහ ගුණයක් ලබාගත හැකිය.

ඕකිඩ් වගාව පිළිබඳව ඔබගේ දැනුමට කරුණු කිහිපයක්,,,,,  වගාවට සුදුසු ප්‍රදේශ සහ කාලය ලෙස ගත් විට, ලංකාවේ දේශගුණය අනුව ඕකිඩ් ...
09/04/2026

ඕකිඩ් වගාව පිළිබඳව ඔබගේ දැනුමට කරුණු කිහිපයක්,,,,,

වගාවට සුදුසු ප්‍රදේශ සහ කාලය ලෙස ගත් විට, ලංකාවේ දේශගුණය අනුව ඕකිඩ් වර්ග කිහිපයක් වගා කළ හැකිය.

• උඩරට ප්‍රදේශ (සිසිල් දේශගුණය) සයිම්බීඩියම් (Cymbidium), පැෆියෝපෙඩිලම් (Paphiopedilum).

• පහතරට සහ තෙත් කලාපය (උණුසුම් හා තෙතමනය සහිත) ඩෙන්ඩ්‍රෝබියම් (Dendrobium), වැන්ඩා (Vanda), ෆැලනොප්සිස් (Phalaenopsis), කැට්ලියා (Cattleya).

ඔබට පැල සිටුවීමට බලාපොරොත්තු වෙනවානම්,
වැසි අධික කාලවලදී දිලීර රෝග වැළඳීමේ අවදානම වැඩි නිසා, අන්තර් මෝසම් කාලය (මාර්තු-අප්‍රේල්) වැනි වියළි හා මධ්‍යස්ථ දේශගුණයක් ඇති කාල වල පැල සිටුවා ගැනීම වඩාත් සුදුසු වේ.

මෙම පැළ තෝරා ගැනීම සහ පැළ කිරීමේදී නිරෝගී, ශක්තිමත් පත්‍ර ඇති, රෝග ලක්ෂණ නොමැති පැළ තෝරා ගන්න. ටිෂූ කල්චර් (Tissue Culture) පැළ හෝ මව් ශාකයකින් වෙන් කරගත් අතු (Keikis) භාවිතා කරන්න.

පැළ කිරීමේ දී කුඩා පැළ මුලින්ම අඟල් 2ක පමණ කුඩා පෝච්චිවල සිටුවා, පසුව ඒවා වර්ධනය වන විට ලොකු පෝච්චිවලට මාරු කරන්න.

පැල මාධ්‍යය සැකසීම තරමක් අවධානය යොමුකළ යුතුවේ..
ඕකිඩ් යනු Epiphytes ශාක බැවින් සාමාන්‍ය පසෙහි සිටුවන්නේ නැත. ඒ සඳහා පහත මිශ්‍රණය සුදුසුය

මෙයට යොදාගන්නා අමුද්‍රව්‍ය ලෙස,
අඟුරු කැබලි, උළු කැබලි, ගඩොල් කැබලි සහ පොල් ලෙලි කැබලි භාවිතා කරන්න.

මේවා හොඳින් සෝදා පිරිසිදු කර පෝච්චියට පුරවන්න. වාතාශ්‍රය හොඳින් ලැබෙන පරිදි අඟුරු සහ උළු කැබලි යෙදීම වැදගත්ය.

පොහොර යෙදීම පිළිබද දළ අදහසක් නම්, ✨

ඕකිඩ් ශාකයේ වර්ධන අවධිය අනුව පොහොර වෙනස් වේ

• වර්ධන අවධිය ලෙස කුඩා පැළ කාලයේ වැඩි නයිට්‍රජන් සහිත (උදා: N 30: P 10: K 10) | සතියකට වරක් බැගින් යොදන්න

• මල් පිපෙන අවධියෙදී වැඩි පොස්පරස් සහ පොටෑසියම් (උදා:N 10: P 30: K 20) | සතියකට වරක් බැගින්

• සාමාන්‍ය නඩත්තුව - සමබර පොහොර (උදා:N 20: P 20: K 20) | සති දෙකකට වරක් බැගින් යෙදිය හැක.

📍සාමාන්‍යයෙන් ජලය ලීටර් 1කට පොහොර ග්‍රෑම් 1-2ක් දියකර පත්‍ර සහ මුල් තෙමෙන සේ ඉසින්න. පොහොර යෙදීමට පෙර ශාකයට ජලය ස්වල්පයක් ඉසීමෙන් මුල් පිළිස්සීම වළක්වා ගත හැකිය.

ඔබ පැල ගොඩක් සිටුවන්නේ නම් පැල අතර පරතරය ගැන දැනුවත් විය යුතුය,

පෝච්චි එකිනෙකට ස්පර්ශ නොවන සේ අවම වශයෙන් අඟල් 6-10ක පරතරයක් තබන්න. මෙය රෝග පැතිරීම පාලනයට සහ වාතාශ්‍රයට උපකාරී වේ.
තවද උදෑසන කාලයේ ජලය දැමීම වඩාත් සුදුසුය. මාධ්‍යය වියළි බව දැනේ නම් පමණක් ජලය දමන්න. පත්‍ර අතර ජලය රැඳී තිබීමට ඉඩ නොදෙන්න.එය කුණු වීමට හේතු වේ.

රෝග සහ පළිබෝධ පාලනය 🪲

• දිලීර රෝග - පත්‍ර කළු වීම හෝ කුණු වීම (Leaf spot/Soft rot).
පිළියම් ලෙස රෝගී කොටස් කපා ඉවත් කර 'මැන්කොසෙබ්' (Mancozeb) වැනි දිලීර නාශකයක් ඉසින්න.

• පළිබෝධකයින් - කොළ කන පණුවන්, මයිටාවන් සහ පැළ මැක්කන්.
පිළියම් ලෙස කොහොඹ තෙල් මිශ්‍රණයක් හෝ නිර්දේශිත කෘමිනාශකයක් භාවිතා කරන්න.

• ගොළුබෙල්ලන් - රාත්‍රී කාලයේදී පැළ වලට හානි කරයි.
පිළියමක් ලෙස පෝච්චි වටා මෙටල්ඩිහයිඩ් (Metaldehyde) කැට යෙදීම හෝ අතින් අහුලා ඉවත් කිරීම.

📍 ඕකිඩ් වලට සෘජු දැඩි හිරු එළිය නරක ය. ඒ සඳහා 50%-70% සෙවන දැල් භාවිතා කරන්න.
📍 පෝච්චි තුළ ජලය රැඳී නොසිටීමට වගබලා ගන්න.හොඳ ජලාපවහනයක් තිබිය යුතුය.

ලංකාවේ ප්‍රධාන කොස් වාරය ආරම්භ වීමට තව ඇත්තේ ඉතා කෙටි කාලයයි. ඔබට හොදට රස බලන්න පුළුවන් කෑමක් අද,,, කිරි කොස් වෑංජනය කිය...
08/04/2026

ලංකාවේ ප්‍රධාන කොස් වාරය ආරම්භ වීමට තව ඇත්තේ ඉතා කෙටි කාලයයි. ඔබට හොදට රස බලන්න පුළුවන් කෑමක් අද,,,
කිරි කොස් වෑංජනය කියන්නේ ශ්‍රී ලාංකික අපේ ආහාර වේලකට නැතුවම බැරි, ඉතාම රසවත් වගේම ගුණදායක වෑංජනයක්. නිවැරදිව රසට කිරි කොස් වෑංජනයක් සාදාගන්නා ආකාරය පියවරෙන් පියවර

අවශ්‍ය ද්‍රව්‍ය:

• මධ්‍යම ප්‍රමාණයේ ගෙඩියකින් ලා කහ පැහැති පැහැනු කොස් මදුළු ගන්න
• තලා පොතු ඉවත් කරගත් කොස් ඇට 10-15 පමණ
• මිටිකිරි කෝප්ප 1ක් පමන
• දියකිරි කෝප්ප 2-3ක් පමන
• සැර අනුව අමු මිරිස් කරල් 3-4ක්
• කුඩු කරගත් ගම්මිරිස් ඇට කිහිපයක්
• කපාගත් රතු ලූණු ගෙඩි 5-6ක්
• සුදු ලූණු බික් 2-3ක්
• අබ තේ හැඳි 1ක් පමන
• කහ කුඩු තේ හැඳි 1/2ක්
• තුනපහ කුඩු තේ හැඳි 1ක්
• රම්පේ සහ කරපිංචා ස්වල්පයක්
• කුරුඳු පොතු කැබැල්ලක්
• ලුණු රස අනුව

සාදාගන්නා ආකාරය 🧑‍🍳

ලාවට කහ පට උන තරමක් හයිය කොස් මදුළු සහිත ගෙඩියකි මදුළු වෙන් කර ගන්න. එය තරමක් හිනිවට කපා ගන්න. කොස් ඇටද තලා හොඳින් සෝදා පිරිසිදු කරගන්න.

මැටි වළඳකට කොස්, කොස් ඇට, අමු මිරිස්, ගම්මිරිස්, ලූණු, සුදු ලූණු, කහ, තුනපහ, රම්පේ, කරපිංචා, කුරුඳු පොතු සහ දියකිරි එකතු කරන්න. කොස් වැසෙන ප්‍රමාණයට දියකිරි තිබන්න.

වළඳ වසා මද ගින්දරේ කොස් කැබලි හොඳින් තැම්බෙන තුරු පිසගන්න. දියකිරි හිදී කොස් ඇට හොදින් තැම්බී ඇත්දැයි බලන්න.

කොස් හොඳින් තැම්බුණු පසු හැන්දක් ආධාරයෙන් කොස් කැබලි මදක් පොඩි කරන්න. එවිට වෑංජනය උකු ස්වභාවයක් ගනී.

දැන් මෙයට මිටිකිරි සහ අඹරාගත් අබ එකතු කර කලවම් කරන්න. රස අනුව ලුණු එක් කරන්න.

📍 මිටිකිරි එකතු කළ පසු වෑංජනය නටන තෙක් හැඳිගාමින් විනාඩි 2-3ක් තබා ලිපෙන් බාගන්න. (වැඩිපුර වෙලාවක් ලිපේ තිබුණහොත් කිරි කැටි ගැසීමට ඉඩ ඇත).

ගුණාංග සහ පෝෂණ අගය 🕵️

කොස් යනු "බත් ගහ" ලෙස හඳුන්වන තරමටම පෝෂණයෙන් පිරිපුන් ආහාරයකි.

• කාබෝහයිඩ්රේට් බහුලයි: ශක්තිය ලබා දෙන ප්‍රධාන ප්‍රභවයකි. බත් වෙනුවට ආදේශකයක් ලෙස.

• තන්තු: කොස් වල අධික ලෙස තන්තු අඩංගු බැවින් ආහාර ජීර්ණය පහසු කරයි සහ මලබද්ධය වළක්වයි.

• ප්‍රෝටීන්: කොස් ඇට වල ඉහළ ප්‍රෝටීන් ප්‍රමාණයක් අඩංගු වේ.

• ප්‍රතිඔක්සිකාරක: ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන අතර පිළිකා මර්දන ගුණ ඇති බව සැලකේ.

• පොටෑසියම්: හෘදයේ නිරෝගීතාවයට සහ රුධිර පීඩනය පාලනය කිරීමට උදවු වේ.

• විටමින් සහ ඛනිජ: විටමින් C, A සහ මැග්නීසියම් වැනි සිරුරට අත්‍යවශ්‍ය පෝෂක රැසක් මෙහි අඩංගු වේ.

මෙම වෑංජනය පොල් සම්බෝලයක්, බැදපු මාළු කැබැල්ලක් සමඟ ආහාරයට ගැනීමෙන් නියම දේශීය රසයක් ඔබට විඳගැනීමට හැකිවේවි.. 😋

ඔයාගේ වගාවෙත් පැල තිබ්බත් කරල් අඩුද..  කාබනික වගාවේ මල් හැලීම බොහෝවිට සිදුවන්නේ පෝෂණ ඌනතා, අධික රශ්මිය හෝ ක්ෂුද්‍ර ජීවී ...
06/04/2026

ඔයාගේ වගාවෙත් පැල තිබ්බත් කරල් අඩුද..
කාබනික වගාවේ මල් හැලීම බොහෝවිට සිදුවන්නේ පෝෂණ ඌනතා, අධික රශ්මිය හෝ ක්ෂුද්‍ර ජීවී ආසාදන නිසායි. මේ සඳහා නිවසේදීම පහසුවෙන් සාදාගත හැකි ඉතා සාර්ථක කාබනික ප්‍රතිකර්ම කිහිපයක් අද.

1. බිත්තර සහ ලෙමන් මිශ්‍රණය

මෙමගින් ශාකයට අවශ්‍ය කැල්සියම් සහ හෝමෝන උත්තේජනයක් ලැබේ. මෙයට බිත්තරක්, දෙහි ගෙඩි 2ක පමන යුෂ අවශ්‍ය වේ.

* බිත්තරය භාජනයකට කඩාගෙන එයට දෙහි යුෂ එකතු කරන්න. මෙය හොඳින් මිශ්‍ර කර පැය 24ක් වහල තියන්න. පසුදින එම මිශ්‍රණයට වතුර ලීටර් 2-3ක් එකතු කර කලවම් කරන්න. සතියකට වරක් මල් සහ කොළ වලට ඉසින්න.

මෙය "ඇමයිනෝ අම්ල" ලබාදෙන ස්වභාවික වර්ධකයක් ලෙස ක්‍රියා කරන අතර මල් හටගන්නා මුල් අවධියේදී යෙදීම වඩාත් සුදුසුයි.

2. හුණු සහ පොල්කිරි මිශ්‍රණය

කෑමට ගන්නා හුණු ස්වල්පයක් (තේ හැඳි 1/2) හා දියකිරි කෝප්ප 2ක් පමන අවශ්‍ය වේ.

දියකිරි වලට හුණු දියකර හොඳින් කලවම් කරන්න. මෙම මිශ්‍රණය ගසේ මුලට වත් කරන්න හෝ කොළ වලට ඉසින්න. (මෙය මසකට දෙවරක් කිරීම ප්‍රමාණවත්ය)

හුණු මගින් පසේ ආම්ලිකතාවය පාලනය කරන අතර කැල්සියම් ලබා දෙයි. පොල්කිරි මගින් ක්ෂුද්‍ර ජීවී වර්ධනයට අවශ්‍ය ශක්තිය සපයයි.

3. දර අළු සහ සබන් දියරය

කෘමි හානි (පැළ මැක්කන් වැනි) නිසා මල් හැලෙනවා නම් මෙය වඩාත් සුදුසුයි.

දර අළු අහුරක්, වතුර ලීටර් 1ක්, සබන් දියර ස්වල්පයක්. අළු වතුරේ දියකර රැයක් තබා පෙරා ගන්න. එයට සබන් දියර බින්දු කිහිපයක් එකතු කරන්න.

📍 පස අධික ලෙස වේලීමට හෝ වතුර වැඩි වීමට ඉඩ හරින්න එපා. මල් පිපෙන කාලයට පස තෙතමනය සහිතව තබා ගන්න. ගසට හොඳින් හිරු එළිය ලබාදෙන්න.

📍 නිතරම හොදින් වෙළාගත් බිත්තර කටු කුඩු කර ගස වටා පසට එකතු කිරීමෙන් මල් හැලීම ස්වභාවිකවම අඩු කරගත හැක.

📍 ඕනෑම කාබනික දියර පොහොරක් හෝ පළිබෝධ නාශකයක් ඉසීමේදී හිරු රශ්මිය අඩු සවස් කාලය තෝරා ගැනීමෙන් ශාක පත්‍ර පිළිස්සීම වළක්වා ගත හැක

හැමදේම කඩෙන්ම ගන්න ඕනි නෑ. අසාවට හදලා බලන්න. අද කියන්නේ ලේසියෙන්ම හදාගන්න පුළුවන් පිපිඤ්ඤා වගාව ගැන. මෙය ඉතාමත් ලාභදායී ...
06/04/2026

හැමදේම කඩෙන්ම ගන්න ඕනි නෑ. අසාවට හදලා බලන්න. අද කියන්නේ ලේසියෙන්ම හදාගන්න පුළුවන් පිපිඤ්ඤා වගාව ගැන. මෙය ඉතාමත් ලාභදායී මෙන්ම කෙටි කාලයකින් අස්වනු ලබාගන්නත් පුළුවන්,

1. වගාවට සුදුසු ප්‍රදේශ සහ කාලගුණය 🏞️

පිපිඤ්ඤා තරමක් උණුසුම් කාලගුණයට ප්‍රිය කරන බෝගයක් වේ.

ප්‍රදේශ ලෙස ගත්විට ශ්‍රී ලංකාවේ වියළි සහ අන්තර් කලාපීය ප්‍රදේශ (අනුරාධපුරය, කුරුණෑගල, හම්බන්තොට, මොණරාගල) වඩාත් සුදුසුයි.
සිටුවීමට හොඳ කාලය ලෙස, අධික වර්ෂාව පවතින කාල සීමාවන් මග හැර වගා කිරීම සුදුසුයි (ජනවාරි-පෙබරවාරි හෝ මැයි-ජුනි කාලසීමා).

2. බීජ තෝරාගැනීම සහ පැළ කිරීම 🌱

වෙළඳපොලේ ඇති දෙමුහුන් (Hybrid) බීජ වර්ග තෝරාගැනීමෙන් වැඩි අස්වැන්නක් ලබාගන්න පුළුවන්. නැත්නම් හොදින් මෝරපු ගෙඩි වලින් උනත් ලබාගන්න පුළුවන්

ඇට පැල කිරීමේදී කුඩා ප්ලාස්ටික් බඳුනකට මතුපිට පස්, කොම්පෝස්ට් සහ වැලි සමාන ප්‍රමාණවලින් මිශ්‍ර කර බීජ පැළ කරගන්න. දින 10-14 කින් ක්ෂේත්‍රයේ සිටුවිය හැක.

3. පස සකස් කිරීම සහ පැළ සිටුවීම 🚜

මෙයට හොඳින් ජලය බැස යන, කාබනික ද්‍රව්‍ය බහුල ලෝම පසක් ඉතා සුදුසුයි.
පැල සිටුවීමේදී පරතරය ලෙස පේළි අතර මීටර් 1-1.5 ක් සහ පැළ අතර සෙන්ටිමීටර 60-90 ක් වන සේ වළවල් කපා බීම සකසා ගන්න. සිටුවීමට පෙර සෑම වළකටම කොම්පෝස්ට් හෝ දිරාගිය ගොම පොහොර කිලෝග්‍රෑම් 2-3 ක් සහ නිර්දේශිත රසායනික පොහොර එක් කරන්න.

4. පොහොර යෙදීම ✨

පොහොර යෙදීම අවධි තුනකින් සිදු කළ හැක.

• සිටුවන අවස්ථාවේ: මූලික පොහොර ලෙස නිර්දේශිත මිශ්‍රණය යොදන්න.
• සති 3 දී: වැල් ඇදෙන කාලයේදී යූරියා සහ MOP මිශ්‍රණය යොදන්න.
• සති 5-6 දී: මල් පිපෙන අවස්ථාවේදී පොටෑසියම් බහුල පොහොර යෙදීමෙන් ගෙඩි වල ගුණාත්මකභාවය වැඩි වේ.

5. නඩත්තුව සහ ජල සම්පාදනය🌧️

වතුර යෙදීමේදී, බිම වේලීමට නොදි වතුර නොරැඳෙන ලෙස වතුර යොදන්න.

වැල් ඉහළට යැවීමට පන්දලම් හෝ ලණු භාවිතා කිරීමෙන් ගෙඩි පසෙහි ගෑවී නරක් වීම වැළක්වා ගතහැක.

6. රෝග සහ පළිබෝධ පාලනය 🪲

• පළිබෝධ: පලතුරු මැස්සා ප්‍රධාන වේ. පලතුරු මැස්සා පාලනයට 'පෙරමෝන් උගුල්' භාවිතා කළ හැක. නවීන ක්‍රම ලෙස වගාව වටා දැල් අවරණය කිරීමද කළ හැක.

• රෝග: පිටි පුස් රෝගය සහ කොළ පුල්ලි රෝගය වැළඳිය හැක. මේ සඳහා සල්ෆර් අඩංගු දිලීර නාශකයක් හෝ නිර්දේශිත රසායනික ද්‍රව්‍ය භාවිතා කරන්න.

7. අස්වනු නෙලීම 🧑‍🌾

• කාලය: සිටුවා දින 50-60 කින් අස්වනු නෙලීම ආරම්භ කළ හැක.
ගෙඩි නියමිත ප්‍රමාණයට වැඩුණු පසු තියුණු පිහියකින් නටුව ඉතිරි වන සේ කපා ගන්න. දින 2-3 කට වරක් අස්වනු නෙලීමෙන් නව මල් හටගැනීම උත්තේජනය වේ.

📍 ඔබට හැකි නම්, වැල් වටා වසුන් භාවිතා කිරීමෙන් වල් පැලෑටි පාලනය කර තෙතමනය රැකගත හැක.

අද කෙසෙල් මුව වලින් හදාගන්න පුළුවන් කෙසෙල් මුව සම්බෝලයක් ගැන දැනගමු.මෙය ඉතා රසවත් මෙන්ම ගුණදායී දේශීය ආහාරයකි. එය නිවැරද...
05/04/2026

අද කෙසෙල් මුව වලින් හදාගන්න පුළුවන් කෙසෙල් මුව සම්බෝලයක් ගැන දැනගමු.
මෙය ඉතා රසවත් මෙන්ම ගුණදායී දේශීය ආහාරයකි. එය නිවැරදිව පිළියෙළ කරගන්නා ආකාරය සහ එහි ඇති පෝෂණ ගුණයන් මෙම ලිපියේ අඩංගු වේ.

කෙසෙල් මුව තොරගනිද්දි එහි ඇතුළත ඇති රේණු හපල බලන්න එය තිත්ත රසක් නැත්නම් එම කෙසෙල් මුව, සම්බෝලයක් සෑදීමට සුදුසු වේ.

අවශ්‍ය ද්‍රව්‍ය:
• ලොකු කෙසෙල් මුවයක් (නැවුම් එකක් වීම වඩාත් සුදුසුයි)
• හීනියට ලියාගත් රතු ලූනු ගෙඩි 5-6ක්
• හීනියට ලියාගත් අමු මිරිස් කරල් 2-3ක්
• තක්කාලි ගෙඩි දෙකක් පමණ
• අවශ්‍ය නම් උම්බලකඩ ස්වල්පයක්
• පොල් බෑයක පමන ගාගත් පොල්
• දෙහි
• කහ කුඩු
• ලුණු
• අවශ්‍ය නම් බැදපු තුනපහ හෝ මිරිස් කුඩු ස්වල්පයක්

සාදාගන්නා පියවර:

පළමුව, කෙසෙල් මුවයේ පිටත ඇති තද රතු පැහැති කොපු ඉවත් කරන්න. ලා පැහැති කොටස හමුවන තෙක් ඉවත් කර හොදින් සෝදා ගන්න.

දෙවනුව, භාජනයකට වතුර ස්වල්පයක් ගෙන එයට ලුණු සහ කහ කුඩු ස්වල්පයක් එකතු කරන්න. දැන් කෙසෙල් මුවය ඉතා සිහින්ව ලියා වහාම එම වතුරට දමන්න. මෙසේ කිරීමෙන් කෙසෙල් මුව කළු වීම වැළකේ. විනාඩි 5ක් පමණ තිබෙන්නට හැර පසුව හොඳින් මිරිකා වතුර ඉවත් කර වෙනත් භාජනයකට ගන්න.

ඉන් පසුව ගාගත් පොල්, ලියාගත් රතු ලූනු, අමු මිරිස්, තක්කාලි, උම්බලකඩ, ලුණු සහ දෙහි යුෂ එකතු කරන්න. මේවා අතින් හොඳින් කලවම් කරමින් මිශ්‍ර කරන්න.

සියල්ල හොඳින් කලවම් කරන්න. අවසානයේ ලුණු සහ ඇඹුල් රස බලා අවශ්‍ය පරිදි එකතු කරන්න.

කෙසෙල් මුව වල ගුණයන් 🕵️

කෙසෙල් මුව යනු පෝෂණ ගුණයෙන් ඉහළ ඖෂධීය වටිනාකමක් සහිත ආහාරයකි.

• දියවැඩියාව පාලනය: රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට උපකාරී වන බව පර්යේෂණ මගින් සනාථ වී ඇත.

• යකඩ බහුල වීම : රක්තහීනතාවය වළක්වා ගැනීමට සහ ශරීරයේ ශක්තිය වර්ධනයට යකඩ මනා ලෙස දායක වේ.

• තන්තු බහුලය : මලබද්ධය වළක්වන අතර ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය යහපත් කරයි.

• ප්‍රතිඔක්සිකාරක ගුණය: ශරීරයේ අහිතකර විෂ ඉවත් කිරීමට සහ සෛල ආරක්ෂා කිරීමට මෙහි ඇති ප්‍රතිඔක්සිකාරක ඉතා වැදගත්.

•ගැහැණු අයගේ මාසික ඔසප් වීමේදී ඇතිවන අධික රුධිර වහනය පාලනය කිරීමට සහ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය නිපදවීමට සහාය වේ.

• මෙහි විටමින් A, C සහ E මෙන්ම පොටෑසියම් සහ මැග්නීසියම් ද යහමින් අඩංගු වේ.

මෙම සම්බෝලය බත් සමඟ පමණක් නොව, කඩල හෝ මුංඇට වැනි ආහාර සමඟ ද ඉතා හොඳින් ගැලපේ. තවද කෙසෙල් මුව මාළුව, කෙසෙල් මුව බැදුම, කෙසෙල්මුව සීනි සම්බල් වැනි විවිධ ආහාර සාදිය හැක

පැපොල් ගසක් සිටුවාගනීමට හා වගාව ලෙස සාර්ථක කර ගැනීම සඳහා දේශීය කෘෂිකාර්මික උපදෙස් ඇසුරින් සකස් කළ, දැනුමට කරුණු කිහිපයක්...
04/04/2026

පැපොල් ගසක් සිටුවාගනීමට හා වගාව ලෙස සාර්ථක කර ගැනීම සඳහා දේශීය කෘෂිකාර්මික උපදෙස් ඇසුරින් සකස් කළ, දැනුමට කරුණු කිහිපයක් ඔබට

1. වගාවට සුදුසු ප්‍රදේශ සහ කාලය 🏞️

• ප්‍රදේශ: හොඳින් හිරු එළිය ලැබෙන, ජලය බැසයන පහත් මට්ටමේ වියළි සහ අතරමැදි කලාප වඩාත් සුදුසුයි (උදා: අනුරාධපුරය, කුරුණෑගල, හම්බන්තොට).

• කාලය: අධික වර්ෂාව පවතින කාලවලදී මුල් කුණුවීමේ රෝග වැළඳිය හැකි නිසා, වර්ෂාව අඩු වියළි කාලගුණයක් ඇති විට වගාව ආරම්භ කිරීම සුදුසුයි.

2. බීජ තේරීම සහ පැළ කිරීම ✨

• ප්‍රභේද: වැඩි අස්වැන්නක් සඳහා Red Lady (Hybrid) වැනි ප්‍රභේද හෝ දේශීය රත්න, ප්‍රභේද තෝරාගන්න.

• පැළ කිරීම: නැත්නම් ඉදුණු ගෙඩියකින් බීජ ගෙන මතුපිට ඇති පටලය ඉවත් කර දින 2ක් පමණ සෙවණේ වියළා ගන්න. පසුව වැලි, මතුපිට පස් සහ කොම්පෝස්ට් සමානව මිශ්‍ර කළ බඳුන්වල පැළ කරගන්න. සති 6-8 ක් ගිය පසු බිම සිටුවීමට ගත හැකියි.

3. පස සකස් කිරීම සහ පරතරය 🚜

• පරතරය: පැළ දෙකක් අතර පරතරය අඩි 8 x 8 (2.5m - 3m අතර) ලෙස පවත්වා ගැනීම සුදුසුයි.
• වලවල් සකස් කිරීම: අඩි 2 x 2 x 2 ප්‍රමාණයේ වලවල් කපා, මතුපිට පස් සහ කොම්පෝස්ට් හෝ හොඳින් දිරාගිය ගොම පොහොර කිලෝ 5-10 ක් පමණ දමා පුරවන්න.

4. පොහොර යෙදීම 🌱

සිටුවන විට - මතුපිට පස් + කොම්පෝස්ට් කිලෝ 10
මාස 2 දී - යුරියා, රොක් පොස්පේට්, මියුරියේට් ඔෆ් පොටෑෂ් ග්‍රෑම් 150-200
මාස 4 සිට (අස්වැන්න තෙක්) - NPK මිශ්‍රණය (විශේෂයෙන් පොටෑසියම් වැඩි) සෑම මාස 2කට වරක් ග්‍රෑම් 300-400

📍 මතක තබා ගන්න: පොහොර දැමීමෙන් පසු අනිවාර්යයෙන්ම ජලය සැපයිය යුතුය.

5. නඩත්තුව සහ ජල සම්පාදනය 🌧️

ඔබගේ පසේ ස්භාවය අනුව වතුර නොරැඳෙන ලෙස සතියට දවස් දෙකක් හෝ තුනක් ජලය යෙදීම ප්‍රමාණවත්.

• බිංදු ජල සම්පාදනය: ජලය සෘජුවම මුල් පද්ධතියට ලැබෙන නිසා ජලය අපතේ යාම වැළකේ. ඔබට විශේෂිත පොහොර රටාවක් මෙය සමග භාවිතා කළ හැක.

• වල් මර්දනය: පැළය අවට වල් පැළෑටි ඉවත් කර වසුන් යෙදීමෙන් පසේ තෙතමනය ආරක්ෂා කරගත හැක.

6. රෝග සහ පලිබෝධ පාලනය 🪲

* පිටි මකුණා: කොළ යට සුදු පැහැති කුඩු මෙන් දක්නට ලැබේ. මර්දනයට කොහොඹ තෙල් මිශ්‍රණයක් හෝ නිර්දේශිත කෘමිනාශකයක් භාවිතා කරන්න.
* පැපොල් වෛරස් රෝග (Ring Spot Virus): කොළ කහ පැහැ වී හැකිලී යයි. රෝගී පැළ වහාම ගලවා පුළුස්සා දමන්න.
* දිලීර රෝග: මුල් කුණුවීම වැළැක්වීමට ජලය බැසයාම විධිමත් කරන්න. අවශ්‍ය නම් 'මැන්කොසෙබ්' වැනි දිලීර නාශකයක් යොදන්න.

7. අස්වනු නෙලීම 🧑‍🌾

• පැපොල් ගෙඩියේ අග කෙළවර කහ පැහැයට හැරෙන විට (සිටුවා මාස 9-10 කින් පමණ) අස්වැන්න නෙලීම ආරම්භ කළ හැක.
• ගෙඩි වලට හානි නොවන සේ ප්‍රවේශමෙන් නෙලා ගත යුතුය.

ඔබගේ ගෙවත්තේ හෝ වගාවේ ඇති අද්දැකිම් පහතින් comment කරන්න.

ගුණ දැනගෙන මාසෙකට එක වරක් වත් ඔබටත් ලේසියෙන් සාදාගන්නා පුලුවන්. කරපිංචා කැඳ යනු ශරීරයේ විෂ නාශනය කරන, ආහාර ජීර්ණය පහසු ක...
03/04/2026

ගුණ දැනගෙන මාසෙකට එක වරක් වත් ඔබටත් ලේසියෙන් සාදාගන්නා පුලුවන්. කරපිංචා කැඳ යනු ශරීරයේ විෂ නාශනය කරන, ආහාර ජීර්ණය පහසු කරන ඉතාමත් ගුණදායක දේශීය පානයකි. එය සාදා ගන්නා ආකාරය සහ එහි ඇති ගුණාංග අද ලිපියෙන්.

අවශ්‍ය ද්‍රව්‍ය: 🧙

• කරපිංචා කොළ: මිටක් පමණ (හොඳින් සෝදා පිරිසිදු කරගත්)
• රතු කැකුළු සහල්: කෝප්ප 1/2 (පොඟවා ගත්)
• මිටිකිරි (උකු පොල් කිරි): කෝප්ප 1
• දියකිරි: කෝප්ප 2-3
• සුදු ලූනු: බික් 3-4 (සිහින්ව ලියාගත්)
• ඉඟුරු: කුඩා කැබැල්ලක්
• ලුණු: රස අනුව
• ගම්මිරිස්: ස්වල්පයක් (අවශ්‍ය නම්)

සාදාගන්නා පියවර: 🧑‍🍳

1 පියවර: සහල් පිසගැනීම
සෝදාගත් සහල් භාජනයකට දමා එයට දියකිරි, ලියාගත් සුදු ලූනු සහ ඉඟුරු එකතු කර සහල් හොඳින් ඇලෙන පදමට (මෙළෙක් වන තුරු) තම්බා ගන්න.

2 පියවර: කරපිංචා යුෂ පිළියෙළ කිරීම
සහල් තම්බෙන අතරතුර, සෝදාගත් කරපිංචා කොළ ස්වල්පයක් වතුර දමා බ්ලෙන්ඩර් කර ගන්න. පසුව එය පෙනේරයකින් පෙරා පිරිසිදු කරපිංචා යුෂ වෙන් කර ගන්න.

3 පියවර: සහල් පොඩි කරගැනීම
සහල් හොඳින් තැම්බුණු පසු හැන්දක් ආධාරයෙන් සහල් ඇට මඳක් පොඩි කරන්න. එවිට කැඳ එක උකුවට ලැබේ.

4 පියවර: පොල් කිරි සහ කරපිංචා එකතු කිරීම
පොඩි කරගත් බතට උකු පොල් කිරි එකතු කර මඳ වේලාවක් පිසගන්න. ඉන්පසු සකසා ගත් කරපිංචා යුෂ එයට එක් කරන්න.

5 පියවර: පදම සකසා ගැනීම
කරපිංචා යුෂ දැමූ පසු වැඩි වේලාවක් ලිපේ තැබීමෙන් එහි ගුණය සහ වර්ණය වෙනස් විය හැක. එබැවින් විනාඩි 2-3ක් පමණ රත් කර, රස අනුව ලුණු එකතු කර ලිපෙන් බාගන්න.

කරපිංචා කැඳෙහි ගුණ සහ පෝෂණය: 🕵️

කරපිංචා යනු ඖෂධීය ගුණයෙන් සපිරි ශාකයකි. මෙහි අඩංගු ප්‍රධාන පෝෂක සහ වාසි කිහිපයක් මෙන්න:

* පෝෂණ අගය: කරපිංචා වල විටමින් A, B, C සහ E බහුලව අඩංගු වේ. එසේම යකඩ, කැල්සියම් සහ මැග්නීසියම් වැනි ඛනිජ ලවණවලින් පොහොසත් ය.

* ප්‍රතිඔක්සිකාරක ගුණය (Antioxidants): ශරීරයේ ඇති විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමටත්, සෛල විනාශ වීම වැළැක්වීමටත් උදවු වේ.

* කොලෙස්ටරෝල් පාලනය: රුධිරයේ ඇති අහිතකර මේදය (LDL) අඩු කර හෘද රෝග අවදානම අඩු කිරීමට උපකාරී වේ.

* ආහාර ජීර්ණය: බඩ පිපීම, අජීර්ණය වැනි තත්ත්වයන් මඟහරවා ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය ක්‍රමවත් කරයි.

* දියවැඩියාව පාලනය: රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට උපකාරී වන බව පර්යේෂණ මගින් සනාථ වී ඇත.

* සම සහ හිසකෙස්: නිරෝගී සමක් පවත්වා ගැනීමට සහ හිසකෙස් අකාලයේ පැසීම වැළැක්වීමට මෙන්ම හිසකෙස් වර්ධනයට ඉතා ගුණදායකයි.

📍 මෙම කැඳ උදෑසන හිස්බඩ පානය කිරීමෙන් උපරිම ප්‍රතිඵල ලබාගත හැකිය.

ඔබගේ අදහස් පහතින් ලියා තබන්න ✨👋

03/04/2026

Address

Ampara
Ampara

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 12:00
Sunday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when MALZA FARM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share